ඔරුගොඩවත්ත රේගු බහාලුම් අංගනයේ තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 36 ක් බවත් මේ සම්බන්ධයෙන් කොළඹදී ශ්‍රී ලාංකිකයෝ හතර දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
පකිස්ථානයේ සිට මෙරටට ගෙන් වු මෙම හෙරොයින් බහාලුම් පිළිබඳ තොරුතුරු එක්සත් රාජධානියේ ජාතික අපරාධ නියෝජිතායතනය විසින් ලබා දි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පේනවා නේද ඔය රටවල් අපට අත දෙන ආකාරය. වෙලාවකට වඳ බෙහෙත් එතකොට උපදින එක නවතිනවා ඊළඟට කුඩු , ගහපු එකාට ළමයි තියා කෙලින් හිටගන්නවත් බැහැ. තව කට්ටියක් මැද පෙරදිග ගිහින් තවත් දේ කරගෙන එනවා. සමහරු කියයි මෙයට අන්තවාදය කියා. මේත තමයි ඇත්ත.(නදී)
මේ අය වරදකරුවන් බව නඩු විභාගයකින් පසු ඔප්පු උවහොත් ආරක්‍ෂිත කුටියක රැගෙන විත් ගාලු මුවදොර පිටියේ මහජන ප්‍රදර්ශනය සඳහා කටයුතු කරන්න.(නදී)
ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රවාහකයන්ට දෙන දඩුවම් බොහොම ලිහිල් වැඩියි .සිංගප්පුරුව ,මැලේසියාව,ඉන්දුනීසියාව වැනි රටවල් මත්ද්‍රව්‍ය ප්‍රවාහකයනට දෙන දඩුවම ලංකාවෙත් ඇති කල යුතුයි.(නදී)
ඊටපස්සේ මේ මිනිස්සුන්ට මොනවා වෙනවද කියල අපිනම් දන්නේ නැහැ.(නධී)
ජයතිලක එහෙම වුණොත් කාටද දඬුවම් කරන්න වෙන්න? පොඩ්ඩක් හිතලා බලන්න. (අ)
රටක අන්නගතය ගැන තීරණ ගන්න ය වැරදි කරන අයව සමාජයෙන් ඒවත් කළා. දැන් මරණ දඬුවම මගින් මේවගේ අයව ඒවත් කල යුතු වෙනවා, නැතහොත් අපි ඔක්කොම ඉවත් කරාවි මේ කුඩු කට්ටිය. (අ)
දැන් ලංකාවේ සුලභම දේ කුඩු නිසා මටත් හිතෙනවා මේ නහින දෙහින වයසේ කුඩු ගහන්න වත් පටන් ගන්න කියල ආයිබෝවන්. (අ)
මේ මත් ද්‍රව්‍ය ගෙන්වූ අය ආණ්ඩුවේ සහචරයන් පිරිසක් වෙන්න බැහැ. නැත්නම් අල්ලාවී යැ? (අ)
පකිස්ථානයෙන් මෙහෙට කුඩු ගෙන්නන්නේ ලොකු සැලැස්මක් ඇතුව . . ඒ අය අපේ ලොක්කෙකුත් අල්ල ගන්නවා. මේ ගෙන කුඩු වලින් කරන දෙකක් වෙනවා . එක තමයි සිංහල ළමයි කුඩු වලට ඇබ්බැහි වෙලා නැති වෙනවා . මුස්ලිම් ළමයි කුඩු බොන්නේ නැහැ . (අ)
අපේ රටේ නිතිය පොඩි නැති බැරි මිනිහට විතරයි ද (අ)
අත්අඩංගුවට පත් උනා කියන්නේ දඬුවම් ලැබීමක් කියල බොහෝ දෙනා හිතන්නේ. ඉහළ පැලැන්තියේ අය රිමාන්ඩ් හිර ගෙදරට යන විට මෙට්ට හා බීර කේස් පවා අරන් ගිය අවස්ථා ගැන අපි අහල තියෙනවා. ආණ්ඩුවේ හිතවතෙක් තාවකාලිකව හෝ අත්අඩංගුවට පත් උනොත් හිර ගෙදර නියාමකයෝ මේ අපරාධකරයාට ආවතේව කරන්න සෑදී පැහැදී සිටිනවා. ඔය විධියට ජනතාවගේ හා මාධ්‍යයවල ඇහැට වැලි ගසා පස්ස දොරින් නිදහස් කර ගත්ත අපරාධ කාරයෝ නැතිනම් පාලකයින් ට විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙනවා.(නදී)
මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට දේශපාලකයන් සම්බන්ද නිසයි ලංකාවේ දඩුවම් මෙතරම් ලිහිල් වෙලා තියෙන්නේ.(නදී)
අනේ පිටබැද්දර ජයෝ .''තව කට්ටියක් මැද පෙරදිග ගිහින් තවත් දේ කරගෙන එනවා ''.මොනවද අප්පේ අපි කරගෙන තියෙන්නේ .දැන් අවුරුදු 9ක් මෙහෙ .මම නම් වැඩ කරලා සල්ලි හම්බ කරනවා .වෙන මොනවත් කරලා නම් නැ.මම දන්නේ නැති හින්දයි අහන්නේ ,තරහ අවසර ,මොකද්ද දෙයියෝ මෙහෙ ඇවිත් අපේ රටේ එවුන් කර ගන්නේ ?.(නදී)
කුඩු ගෙන්නපු අදාල පකිස්තාන් කාරය පැනල ගිහින්. පැත්තක ඉන්න වාප්පු ලිපිකරුවෝ අල්ලාගෙන. මොලේ තරම තමා.(නදී)
ජයතිලක මහත්මයා කියන කතාවට මමත් එකගයි. එහෙම උනොත් දේශපාලකයෝ 80% විතර දඬුවම් විඳිනවා. එම නිසා ලංකාවේ කිසිම දිනක මෙම නීතිය ක්‍රියාත්මක කරනු නොලෙබේ.(නදී) හරියක්
එකත් බලන්ටකෝ. මුන් ටික අවාසනාවකට අහු උනා. මිට කලින් ගෙනා කුඩු කන්ටේනර්කාරයා තාම අල්ලලා නැහැ. මේවට කාටවත් ඇඟිල්ල දික් කොරලා වැඩක් නැහැ. කන්නාඩිය ඉස්සහට ගිහිල්ල අපිම අපිට ඇඟිල්ල දික් කර ගන්නවා මිස.(නදී)
සිරි ඔයා ලංකාවේද ඉන්නේ? . බොරුවට ඔය හෙන්චයියෙක්ව ගෙනල්ලා පෙන්නයි මෙයා තමා ගෙන්නුවේ කියලා. මේවා කරන්න පොඩි අයට බැහැ. නවීන උපකරණ වලින් මේවා ටක් ගාල අල්ලන්න පුළුවන්. අල්ලන්නේ නැත්තේ ලොක්කොත් එක්ක හැප්පෙන්න බැරි නිසා.(නදී)