IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කුඩු කිලෝ 100ක් විනාශ කරයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

2019 වසරේ දී මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් තිබියදි අත් අඩංගුවට ගෙන අධිකරණ කටයුතුවලින් පසු කොළඹ අධිකරණ භුමියෙ රදවා තිබු රුපියල් කෝටි 107ක වීදි වටිනාකමින් යුත් හෙරෝයින් කිලෝ 107ක් පුත්තලම මහෙස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා ඉදිරීයෙ පුත්තලම පාලවිය සිමේන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලවේදී අද (14) පුළුස්සා විනාශ කෙරිණි.

අදාල හෙරෝයින් තොගය සමඟ ඉරාන ජාතිකයින් හත් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබු අතර ඔවුන් සම්බන්ධ අධිකරණ කටයුතු අවසන් වීමේන් පසු ඔවුන් සන්තකයෙ තිබු හෙරෝයින් තොගය මෙලෙස කොළඹ අධිකරණයේ රඳවා තබාගෙන ඇති අතර විශේෂ පොලිස්, පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන්ගේ හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙ නිළධාරීන්ගේ විශේෂ අධික්ෂණයකින් සිමේන්ති කර්මාන්ත ශාලාව වෙත රැගෙන ගොස් අද විනාශ කර තිබේ.

මෙලෙස විනාශ කෙරුණු හෙරෝයින් තොගය රජයෙ රස පරික්ෂකවරිය ඉදිරියෙදි පරික්ෂාවට ලක්වු අතර හෙරෝයින් තොගය විනාශ කිරීමට පෙර රස පරික්ෂක දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් එහි සාම්පල පරික්ෂා කර පසුව ලිටර් 500 ක ජල බහලුම් වල ජලය සමග දිය කර සෙල්සියල් අංශක 2300ක උෂ්ණත්වයකින් යුත්උදුන වෙත රැගෙන එහිදි විනාශ කිරීම සිදුවිනි.

අදාල හෙරෝයින් විනාශ කල පුත්තලම පාලවි සිමේන්ති කර්මාන්ත ශාලා පරිශ්‍රයට පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුනී.

මෙම අවස්ථාවට වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙ අධ්‍යක්ෂ එක්ව තිබු අතර හෙරෝයින් විනාශ කිරීමට අදාල පහසුකම් සැපයිම පුත්තලම සිමේන්ති කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය විසින් සිදු කර තිබුනී.



අදහස් (0)

කුඩු කිලෝ 100ක් විනාශ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 38 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 127 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site