කුඩු විකුණන්නියන් දෙදෙනකුගෙන් රුපියල් 50000 ක අල්ලසක් ගත්තැයි සුරාබදු නියාමකයෝ දෙදෙනෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
ඩී එස් පී එස් විජේරත්න,පී කේ එස් කේ ද සිල්වා එම දෙදෙනාය.
ඔවුනට විරුද්ධව මහාධිකරණයේ නඩු නොපවරා පහළ අධිකරණයක නඩු පැවරීමට මෙම අල්ලස ගෙන ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
නඩුව විභාග වී ගෙන යද්දී පැමිණිලිකාරියක පැවසුයේ සැකකරුවන් දෙදෙනාට රුපියල් තුන්ලක්ෂයක් ඊට කළින්ද දී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය රකින්න පත් කළ අයත් මෙහෙම නම්.... (නි)
ලලීන්, අල්ලස, පගාව කියන්නේ එකමදේටම නිසා ඔබ අහන්නේ පගාවයි කප්පමයි හැර වෙනත් රස්සාවල් නැද්ද කියලද? තිබෙනවා. ඒ වුණාට මේවා උසස් රස්සාවල්. පගාවක් ගන්න පුලුවන්ද රස්සාවක් කරන්නේ නැති කෙනෙකුට? කප්පමක් ගන්න පුලුවන්ද පාතාලයේ හරි දේශපාලුවෙකුට හරි සම්බන්ධකමක් නැති කෙනෙකුට? ඒකයි කිව්වේ මේවා ඉහළ පන්තියේ රස්සාවල් කියලා. (නි)
අල්ලස,පගාව දැන් අපේ රටේ සෑමතැනම රජ කරනවා (නි)
අල්ලස, පගාව,බය කර මුදල් ගැනීම, හොර ඉඩම් ඔප්පු විකිණීම, කෑමට නුසුදුසු දේවල් විකිණීම වැනි මුදල් ඉපයීම් අන්තයටම ගිය කාලයක් දැන්. මේවා බොහෝ විට කරන්නේ එදා වේල කන්න නොමැති දුප්පත් අය නොවීම පුදුමයක් (නි)
මේ කුඩු විකුණන සහ ඒවාට අනුබල දෙන අයට අල්ලගන්න කුඩු ඔක්කොම උරන්න දෙන්න ඕනෑ. අහිංසකයින්ට පොවලා ඔවුන්ගේ ජීවිතේ විනාශ කරනවට.හිරේ යවනවට වැඩිය ඒක හොඳයි (නි)
මේවා නැතුව දැන් දැන් ජීවත් වෙන්නත් හරිම අමාරුයි (නි)
අල්ලස හා දූෂණය පිටුදැකීමට නම් එම වරදට හසුවෙන ඕනෑම නිලධාරියෙකුට සිර දඬුවම් වලට අමතරව අනාගතයේදී ඔහුට රජයේ හෝ පෞද්ගලික ආයතනයක කිසිම රැකියාවක් කිරීමට නොහැකි ආකාරයට තහනමක් පැනවිය යුතුය. ඊට පස්සේ ඔහුට කුලී වැඩක් හරි කරගෙන ජීවත් වෙන්න සිදුවෙනවා. ඒ වැරදි කරන අනෙකුත් නිලධාරීන්ට හොඳ උදාහරණයක් වෙනවා. (නි)
අල්ලස, පගාව, කප්පම්. ලංකාවේ මේ තුන ඇරෙන්න වෙන රස්සාවක් නැද්ද ?(නදී)
කුඩු වලටත් සුරා බදු තිබෙනවද? (නි)