සුපිරි පන්නයේ හයිබ්‍රිඩ් කාරයකින් පැමිණ කඩයක් මංකොල්ලකමින් සිටි පිරිසක් කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩදී අද අළුයම අල්ලා ගත් බව වැලිවේරිය පොලීසිය කියයි.
සැකකරුවෝ කඩය බිඳ හයිබ්‍රිඩ්කාරයට බඩු පටවමින් සිටියදී පොලිස් නිලධාරීන් විසින් පොර බදා අල්ලා ගෙන ඇත.
මේ පිළිබ‍්ඳ විමර්ශන කටයුතු ගම්පහ ජ්‍යේෂඨ පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩි තුවක්කු මහතාගේ අධීක්ෂනය යටතේ වැලිවේරිය පොලිස් ස්ථානාධිපති එස්.කේ උපාලි මහතා ඇතුළු පොලිස් නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd