(අංජුල මහික වීරරත්න)
විදෙස් රට වලින් මෙරටට ගෙන එන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා විදෙස් බුද්ධි සේවාවන් ද සම්බන්ධ කර ගනිමින් ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බල අධිකාරියක් ( Anti-Narcotic Command) ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවාව එක්ව අදාල වැටලීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙමඟින් හැකියාව ලැබෙන බව ද සාගල රත්නායක මහතා කීය.
සාගල රත්නායක මහතා මේ බව කීවෙි පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් බිලියන 4 ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 200ක් කොළඹ වරායට අද (24) රැගෙන ආ අවස්ථාවේ එය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සමුද්‍රාරක්ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91 (කිලෝ මීටර් 168) දුරින් ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකින් මෙම හෙරොයින් තොඟය අත්අඩංගුවට ගෙන මෙලස කොළඹ වරායට ගෙනවිත් තිබිණි.
මෙම ‘මත්ද්‍රව්‍ය විරෝධී’ ඒකකය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කරමින් තිබෙන බවත් ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සාගල රත්නායක මහතා සඳහන් කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු අල්ලන්න කරන හා කරන්න යන උපාය මාර්ග ජනතාවට කිය කියා ඉඳලා වැඩක් නැහැ. වැඩේ කර ප්‍රතිපල පෙන්නුවාම හොඳටම ඇති. හිරේ ඉඳන් කුඩු ගෙන්වන අය ඔබලාට වඩා බලසම්පන්නයි
අල්ලන කුඩුවල හැටියට ඒවාට මොනවා වෙනවා ඇත්ද? දේශපාලුවන්ගේ සහ ලොකු ලොක්කන්ගේ සහයත් කුඩු ගෙන්වන අයට ලැබෙනවා...
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...!