හොරොයින් මත් කුඩු ඇල්ලීම සඳහා පුහුණු කළ ‘බෙලා’ නම් ස්පින්ගර් ස්පැනිල් සුනඛයෙක් නෙදර්ලන්තයෙන් ගෙන්වා අස්ගිරියේ පුහුණු කැර පානදුර පොලීස් කොට්ඨාසයේ සේවයට යොදවා ඇත.
හොරොයින් මත් කුඩු ඇල්ලීම සඳහා පුහුණු කළ ‘බෙලා’ නම් ස්පින්ගර් ස්පැනිල් සුනඛයෙක් නෙදර්ලන්තයෙන් ගෙන්වා අස්ගිරියේ පුහුණු කැර පානදුර පොලීස් කොට්ඨාසයේ සේවයට යොදවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ෂෝක් පපියා! (නි)
ජයන්තගේ කතාව හරි විහිලුවට කරන්නේ කියලා නිකමට දේශ පාලුවන් ගේ ගෙවල් අසලක මේ සුණක මිත්තරයා මුදා හැරිය යුතුයි.(නදී)
කෙසේ උවත් බල්ලා බල්ලාමය . කන්න බොන දෙන කෙනාට ඇලුම කරති . මිනිසුන්ට නැති සමහර උසස් ගති පැවතුම් ඇති එකෙකි . (දී)
බලු පැටියාගේ කසාදෙ ජයටම ගනී එහෙනම් .(දී)
කකුල් දෙකේ සත්වයට වඩා කකුල් හතරේ සත්වයා රාජකාරිය ඉෂ්ට කරයි (දී)
සීත රටක ඉදන් ඇවිල්ල අස්ගිරියේ පුහුණු වෙලා පානදුරේ සේවයේ යෙදෙන්න රස්නේ වැඩි නැද්ද හුරතලෝ.., (දී)
එතකොට අර ටොන් ගණන් කුඩු ඇල්ලුවේ ...? නෙදර්ලන්තේ බල්ලෝ ඉඳලද...? මේවට ඉතින් හිනා වෙන්ට වෙන්නේ...??????? (දී)
යුරෝපයේ තිබෙනවා ඉතාම මිළ අධික පොළව ඇතුටළ් සෑදෙන හතු වර්ගයක්. කිලෝවක මිළ යුරෝ 5000 සිට ඉහළට වෙනවා. ඒවා පොළවේ යට තිබෙන තැන සොයාගන්නට ඉව අල්ලන්ට පුරුදු කළ මෙවැනි සුනඛයන් යොදා ගන්නවා . (නි)
ලංකාවේ බල්ලන්ට මේ පුහුණුව දෙන්න බැරිද (දී)
මේ දෙය කරන්න තිබුණේ මීට ගොඩක් කලින්. පරක්කු වෙලා හරි කරපු වැඩේ ගොඩක්ම හොඳයි.අනිවාර්යෙන්ම ගුවන් තොටුපලටත් මේ සතුන්ගේ සේවය ලබා ගත යුතුයි.ගොඩක් රටවල් වල ගුවන් තොටුපළවල් වල මෙවැනි සතුන් රේගුවට සහ විදේශීය තැපැල් පරික්ෂා කිරීමට ලොකු සහයක් ලබා දෙනවා.මෙවැනි සතුන්ගෙන් බේරී මත් ද්‍රව්‍ය රට ඇතුලට ගෙනිලි නම් බොරු. (ස)
මෙයාව අවුරුද්දක් හමාරක් යන තුරු බොහොම හොඳින් බලා කියා ගන්න වේවි. ලංකාවට ගෙනල්ල 06 මාසයක් යනතුරු රේගු රෝග නිවාරණ ඒකකයේ රඳවාගෙන තියෙන්නත් ඇතිනේ. කෙසේවෙතත් ඝර්ම කලාපීය දේශගුණයට අනුගත වනතුරු අසනීප වලට සංවේදී වෙන්න තිබෙන ඉඩකඩ නම් ටිකක් වැඩයි කියලා අහලා තිබෙනවා? (දී)
බල්ලන්ට ගිය කලක් (දී)
ජනක,හැම සුනඛයෙකුටම මේ කාර්ය කරන්න බැහැ.හොද තීක්‍ෂණ බුද්ධියක් ඇති සතුන් පමණයි මෙයට යොදා ගන්නේ. .සමහර විට, මේ සතාගේ දෙමව්පියන්ද නෙදර්ලන්තයේ මේ කාර්ය හොදින් කරනා සතුන් දෙදෙනෙකු විය හැකියි.සමහර රටවල, පොමනේරියන් වගේ හුරුබුහිටි සතුනුත් මේ රාජකාරිය කරනවා.මේ කාර්යට හුරුබුටි කම ප්‍රශ්නයක් වන්නේ නැහැ,සතාට තීක්‍ෂණ බුද්ධිය හොදට තිබේ නම්. (ස)
මේ වගේ බල්ලකු වී උපදින්නත් පෙර පිනක් කරලම තියෙන්න ඕනෑ. මගෙත් පැතුම මතු උපදින ආත්මයක මෙවැනි බල්ලකු වී කුඩු ඇල්ලීමට සහය දීමය. මොකද මම දන්නවා කුඩුකාරයන් කවුද සහ කොහෙද ඉන්නේ කියා. මටත් රටට සේවයක් කරන්න පුළුවන් බල්ලකු වීමෙන් හරි (නි)
බෙලා, ඔය හොඳ වෙන්න නම් මුලින්ම ලොක්කන්ගේ කුඩු ටික අල්ලලා දෙන්න ඕනෑ (නි)
පුහුණුව දීල තියෙන්නේ අස්ගිරියේ,............කුඩු ටොන් ගණන් ගෙන්නන අය ඉන්නෙත් ඒ පැත්තේ නේද....? (ස)
කුඩු ඇල්ලීම කෙසේ වෙතත් මේ බලු රාල ව හෙට වෙන කොට කවුරු හරි හොරකම් කරලා තියේවිද දන්නේ නැහැ. දැන් රටේ පැහැරගැනීම් වැඩියි නේ. ! (දී)
බලු රාළටත් දෙයියන්ගේ පිහිට තමයි.කුඩු අල්ලන්න ගිහින් බලු කුක්කාගේ ඇඩ්රස් නැතිවෙයිද? (නි)
මේ බලු පැටියාගේ සුරුබුහුටි පෙනුම නම් හොඳ වැඩි. (දී)
මේ බල්ලාගේ පෙනුමෙන් නම් හොරෙක්වත් අල්ලයි කියලානම් හිතන්න බැහැ (දී)
මේ එක බල්ලාට පුලුවන්ද ඔක්කොම කුඩු අල්ලන්න (දී)
මේ බලු රාළට සෙනසුරු දශාව ලබලා වෙන්න ඇති. නැත්නම් සිවුපා සතුන් පවා උන් හිටි තැන් වලින් අතුරුදහන් වන කාලයක මෙහෙට ගොඩබහීද ? (නි)
එතකොට අර කලින් අහුවුණා කියපු කුඩු, කුඩු ගණයට වැටෙන්නේ නැත්තේ මේ බල්ලා නොසිටි නිසාද? අනේ එහෙනම් හොද බලු කුක්කා වගේ වරාය පැත්තේ රවුමක් ගහලම වැඩ පටන් ගත්තා නම් හොඳයි නේද? (නි)
මිනිසා වනයේ සිට නුතන ශිෂ්ටාචාරය දක්වා පැමිණි ගමනේදී ඔහුගේ සෙවණැල්ල මෙන් පැමිණි එක සතෙක් තමයි "සුනඛයා".එයා මිනිසාගේ කල්‍යාණ මිත්‍රයෙක්. වනයේ සිට ගමට/නගරයට එන්න මිනිසා මේ සතාට පාර පෙන්නුවත්, අද මිනිසාට සොයා ගැනීමට බැරි දේ සොයාගන්න මේ සතාගේ උපකාරය අවශ්‍ය වී තිබීම කෙතරම් අපුරු සිදුවීමක්ද? මිනිසා ගැන මතක් වෙන්න මතක් වෙන්න මම මගේ බලු සුරතලාට වැඩි වැඩියෙන් ආදරය කරමි.(දාර්ශනිකයකුගේ කියමනකි). (නි)
මේ බල්ලා අල්ලන කුඩු වලට ඊට පස්සේ මොකද කරන්නේ? කවුද ඒවා උසාවියට ඉදිරිපත් කරන්නේ? නඩු කියන්නේ? හරියටම තේරුනේ නැති නිසා ඇහුවේ. වරදවා හිතන්න එපා! (නි)
මේ සුනඛයා හොඳම තැන අපේ කටුනායක ගුවන් තොටුපල සහ වරාය රේගුව ගුදම් අංශයට. නෙදර්ලන්තයෙන් පැමිණ අපිට සේවයක් කරනවාට ඔබට ස්තුතියි! (නි)
බල්ලෝ, අනේඋඹවත් මේ ජරා ව්‍යයසනය නතර කරලා දෙන්න. පින් සිදු වෙනවා! (නි)
ජනක මහත්තයෝ, අපේ ලංකාවේ බල්ලන් ඉව කරන්නේ අසුචි වළවල් වලට නිසා කුඩු ඇල්ලීමට ඔවුන් දක්ෂ නැතිලු. මේ බල්ලා රට බල්ලෙක්. අපේ බල්ලන් ගැන සැළකුමක් නැහැ (නි)
මේ බල්ලාට හොද තැනකින් කටයුත්තක් කරලා දෙන්න (දී)
අපෙන් නුඹට සුභ පැතුම්! (නි)
ලංකාවේ දැන් කොරියානුවන් ගොඩක් සිටිනා නිසා ඔවුන්ගෙන් මෙම බල්ලාව රැක ගන්න. කොරියාවේ මිල ඉහල සහ රසම ආහාරයක් බලු මස්.(නදී)
නිකමට වගේ සමහර දේශපාලකයන්ගෙ ගෙවල් පැත්තෙ "විසිට්"එකක් ගියොත් මොකද? මම නිකන් කටකහනවට වගේ කිවුවේ (නි)
බෙලෝ ' මෙහෙත් හිටියා හොඳ හොඳ බල්ල. අපේ අය උන්ව කසාද බන්ඳලා ජරාව දීල ෂේප් උනා. උඹ එහෙම ඕවට අහු වෙනවා නෙමෙයි.(නදී)
බල්ලා අතීතයේ සිටම මිනිසාගේ සමීප මිතුරායි. ඔවුන් අවංක,මිත්‍රශීලී,දක්ෂ සත්ත්ව කොට්ඨාශයකි (නි)
බල්ලෝ නැවක් ගෙනාවොත් ඔන්න ටිකක් මෙල්ල වෙයි (දී)
ජනක ,, ලංකාවේ බල්ලන්ට ඔය වැඩේ හරියට කරන්න බැහැ..... බල්ලා අදුනන කෙනෙක් දැක්කම කුඩු ටික අල්ලන්නේ නැතිව ලිස්සලා යාවි ...අපේ පොලිසිය වගේ (නදී)
අනේ "බෙලා" පරිස්සමින්! ඔය නීති කරන්න ගිහිල්ලා, කුරුණෑගල රාළහාමිලා දෙන්නෙකුට වුණ දේ දන්නවනේ? උත්සාහ කරලා බැරි වුණොත් ඔයත් ඔන්න ඔහේ වලිගේ හකුලාගෙන ඉන්න. (නි)
ආදරණිය බෙලා, මම ඔබට ජයග්‍රණය ප්‍රාර්ථනා කරනවා..(නදී)
මෙයාගේ රැකියාව සඳහා පාර්ලිමේන්තු වට රවුම පැත්ත නරකත් නැහැ. යන එන වාහන ඉව කරවලා බැලුවොත් හොඳයි.(නදී)
පෙළපතක් තියෙන බල්ලන්ට මතක ශක්තිය තියෙනවා, වර්ගයකම බල්ලෝ පොලිසියට නැහැ (දී)
කුඩු අල්ලන්න කලින් බල්ලව හොඳට අල්ලගන්න පොලිස් මාමේ (නි)
අනේ ඔව් බෙලෝ..,ඔන්න ඔයා නම් විවාහ වෙන්න එපා. ඔය ආව කාරණේ හොඳින් මතක තබාගෙන රාජකාරිය හොඳින් ඉටු කරලා දෙන්න ඕනේ. හොදේ පැටියෝ ......!!! (ස)