IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු

(මනෝප්‍රිය ගුණසේකර)

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත්අඩංගුවට ලත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මුල්ලේරියාව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අංගොඩ මුල්ලේරියාව ප්‍රදේශයේ කළ වැටලීමකදී පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්රෑම් 510ක් සොයා ගෙන ඇතැයි වාර්තාවේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බැලීමේදී ඔවුන්ගෙන් දෙදෙනෙකු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු වශයෙන් හඳුනාගත් බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (11)

නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු

Prabha Friday, 19 April 2024 10:27 PM

මුහුදෙන් අල්ලාගත්තු ඒවාගෙන් එයාලාගේ කොටස වෙන්න ඇති...

:       0       1

Perera Saturday, 20 April 2024 03:18 AM

ඕවා මොනවද? පොලිසියේ ලොක්කත් අපරාධකාරයෙක් කියලා තීන්දු කරලා තියෙන්නේ...

:       0       1

Siva guganesh Saturday, 20 April 2024 07:52 AM

රොටි පුච්චන්න ගෙනියන ගමන්ද?

:       0       1

dupul Saturday, 20 April 2024 08:03 AM

ප්‍රාඩෝ, බීඑම්ඩබ්ලිව් වල ඉගිල්ලෙනකොට අපි හිතන්නේ එයාලා ජෙනුයින් පුරවැසියෝ කියලා. බලනකොට එක්කෝ කුඩු කාරයෙක්, පගාකාරයෙක් නැතිනම් ලංකාවට කුණු කන්ටේනර් ගෙන්නපු කෙනෙක්...!

:       0       1

Lal Saturday, 20 April 2024 09:57 AM

යකඩ මල්ලට ගුල්ලෝ ගහලා නම් හාල් මල්ල නොබලාම විසි කරපිය කිව්වේ...

:       0       1

minoli Saturday, 20 April 2024 11:03 AM

ඔවුන්ටම ඒවා කවන්න තුන් වේලටම... බිරිඳ, දරුවෝ ඉන්නවා නම් ඔවුන්වත් ගෙනැල්ලා අයිස්, හෙරොයින් කවන්න. එතකොට ඕක මර්ධනය කරන්න පුළුවන්. රටේම ඉන්න මිනිස්සුන්ට මොවුන් ඕවා කවලා තමයි ඒ අය සැප විඳින්නේ. ඔය අයගේ දෙමව්පියන්ටත් කවන්න...

:       0       1

Ruwan Saturday, 20 April 2024 02:48 PM

කොමදෝරු කමාන්ඩර්, ලුතිනන් කමාන්ඩර් එකිනෙකට වෙනස් නිලයන් වේ...

:       0       5

Lalla Saturday, 20 April 2024 11:06 PM

හමුදාවලට වැඩ නෑ. අනීතික වැඩ වැඩියි ඒකයි.... යුද්ධයක් නැති කාලෙකට මෙතරම් හමුදාවක් නඩත්තු කරන්න අපි වගේ දුර්වල ආර්ථිකයකට බෑ නේද? නිලධාරී උෂ්ණය පිරුණු ලොක්කෝ වාහන ගෙවල්වල වැඩට නීත්‍යානුකූලව සහ අනීතික අතුරිනුත් යොදනවා. හමුදාව අඩුකර වෙනත් රැකියාවලට යන්න උනන්දු කරවීම වටිනවා නේද?

:       0       1

නිහාල් Saturday, 20 April 2024 11:23 PM

රට වටේ මුහුද තිබිලත් කුඩු කිලෝ ගණන් රටට එන හැටි දැන් තේරෙනවා...

:       0       1

Kariyawasam Sunday, 21 April 2024 06:30 AM

දෙකක්ද, දෙන්නෙක් ද?

:       0       1

de silva Sunday, 21 April 2024 08:06 AM

දැන් නාවික හමුදා නිලධාරිනුත් මේ වැඩේට බැහැලා වගේ සමහරු කියනවා... කුඩු ජාවාරම් කාරයෝ, පාතාලයෝ, සුදු වෑන්වල අරින්න ඕනේ කියලා... නමුත් නීතිය අතට ගැනීම අනුමත කරන්න බැහැ. මුලින්ම මරණ දඬුවම් නියමවෙලා හිරේ ඉඳන්... කුඩු ජාවාරම් මෙහෙයවන මහා පරිමාණ කුඩු මුදලාලිලාට අධිකරණයෙන් නියම වූ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනේ... එතකොට මිනිස්සු බයවෙනවා... වැරැදි වැඩ වලට සම්බන්ධ වෙන්න. එහෙම බැරි වුණොත් වෙන ක්‍රියාමාර්ග ගන්න වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහසයුරේ රත්තරන් සමග අයෙක් මාට්ටු
2024 මැයි මස 02 2 0

රුපියල් කෝටි 100 කට අලෙවි කිරිමට සූදානම් කර තිබූ ‘මහසයුරේ රත්රන්‘ ලෙස හදුන්වනු ලබන තල්මස් ඇම්බර් කිලෝ 5 ක් සමග අහුංගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාගම කළමනාක


හෝමාගම හෝටලයක් යුද පිටියක් කළ සරසවි සිසුන්ට ඇප
2024 මැයි මස 02 31 0

හෝමාගම හොටලයක පැවැති සාදයක් අතරතුර ඇති වූ ගැටුමක් අතර තුර හෝටලයට පහරදී අලාභහානි කරමින් එහි සේවකයන්ට පහරදුන් පෞද්ගලික සරසවියක සිසුන් 11 නා සහ එක් සිසුව


මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
2024 මැයි මස 02 374 0

ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වූ මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත විය.


ගුවන්තොටේ වීසා සමාගම අපේ නොවෙයි
2024 මැයි මස 02 263 0

කටුනායක ගුවන්තොටුපළේ වීසා ගැටලුවට ඉන්දියාවේ සම්බන්ධයක් නැතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.


වීසා බලය සමාගමට දුන්නේ කැබිනට්ටුවේ කැමැත්තෙන්
2024 මැයි මස 02 401 0

කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඇරඹූ සමාගම ලෝකයේ රටවල් 67 ක මධ්‍යස්ථාන 146 ක් හරහා සේවා සපයන ජාත්‍යාන්තර සමාගමක් මිස ඉන්දියානු සමාගමක් න


ආර්ථිකය තාමත් ’’අතුරේ’’
2024 මැයි මස 02 249 0

රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ අතුරේ යන තත්ත්වයක බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 454 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1876 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1670 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site