(පද්මසිරි ගාර්දියවසම්)

විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 පතොරම් යෙදිය හැකි ගිණි අවියක් බලපත්‍ර නොමැතිව ළඟ තබාගත් කටුවන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු මෙන්ම එම සභාවේ විපක්ෂ නායකවරයා  මිද්දෙණිය මැල්ලකැටිගොඩ ප්‍රදේශයේදී අත් අඩංගුවට ලත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

අත් අඩංගුවට ගත් සැකකරු කටුවන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු බවත් ඔහු එම සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කරන බවත් පොලිසිය පැවසීය .

40 වන වියේ පසුවන සැකකරු මිද්දෙණිය මැල්ලකැටිගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි . සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සදහා මිද්දෙණිය පොලිසියට බාරදී තිබේ .