(අංජුල මහික වීරරත්න)

කටාර් එමීර්වරයා (Father Emir) ලෙස ගෞරවයට පාත්‍ර වූ කටාර් රාජ්‍යයේ හිටපු නායක ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි (Sheikh Hamad bin Khalifa Al Thani) මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ හා ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගියාය.

මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය යළි තහවුරු කිරීමක් මෙන්ම, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමක් වනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.