වෙනත් ගනුදෙනුකරුවන්ට විකිණීමේ අරමුණින් රජයේ සුරැකුම් මිලට ගන්නා සමාගමක් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම පසුගිය දෙමාසයේ දී එවැනි මිලට ගැනීම් සිදුකර ඇතැයි කියති.
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්ක සිද්ධියේදී මෙම සමාගම මතභේදයට ලක්විය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සහ පර්පෙචුවල් ඊක්විටීස් සමාගම් එන්ඩීබී බැංකුවේ (ජාතික සංවර්ධන බැංකුවේ) රුපියල් මිලියන 10ක කොටස් ඇතුළු රුපියල් බිලියන 1.6ක කොටස් මිලට ගෙන ඇතැයි වාර්තාවේ. පසුගිය මාසයේ මෙම කොටස්වල වටිනාකම රුපියල් මිලියන හයකට වඩා වැඩි බව කියති.
පර්පෙචුවල් සමගාමට සම්බන්ධ තවත් ආයතනයක් වනුයේ තර්ස්ටන් ඉන්වෙස්ට්මන්ට්ස් ආයතනයයි.
සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ ද ඔවුන් වැඩි වශයෙන් ආයෝජන කර ඇති අතර එහි කොටස් හිමිකරුවන් අතර පළමු දස දෙනා අතරට ඇතුළත් වී ඇතැයි ඩීඑෆ්සීසී (ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් කෝපරේෂන් ඔෆ් සිලෝන්) කොටස් තැරැව්කරුවෝ කියති.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වත්මන් අධ්‍යක්ෂවරුන් වනුයේ ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්, චිත්‍රා රන්ජන් හුළුගල්ල, අජාන් ගාර්ඩියේ පුංචිහේවා සහ හෙට්ටියාදුර ශිරාන් සංජීව ප්‍රනාන්දු යි.
‘එම වත්මන් ගනුදෙනු සමග ඔවුන් එන්ඩීබී බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල පුටුවට එන්න උත්සාහ කරනවා‘ යැයි කොටස් තැරැව්කරුවෝ කියති.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ ධූරයෙන් අර්ජුන් ඇලෝසියස් අස්වූයේ 2015 ජනවාරි 16 වැනිදාය. ඒ ඔහුගේ මාමණ්ඩිය වූ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති වී දින කිහිපයකට පසුවය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම 2016 මාර්තු මාසයෙන් අවසන් වූ වසරක කාලයේ දී රුපියල් බිලියන 5.1ක (රුපියල් කෝටි 510) ලාභයක් පෙන්නුම් කර ඇතැයි සමාගම් වාර්තාවන්හි සඳහන්වේ. එය පෙර වසරට වඩා සියයට 430ක වර්ධනයකි. සිකුරාදා කෝප් කමිටුව බැඳුම්කර සිද්ධියේ පරීක්ෂණ වාර්තාව එළි දැක්වීය. 2015 පෙබරවාරි 27 සිදුවූ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාව සිටි අර්ජුන් මහේන්ද්‍රන් ඊට බලපෑමක් කර ඇතැයි එහි සඳහන් වේ. එසේම එයින් සිදුවූ පාඩුව රජයෙන් පියවා ගැනීමටඅවශ්‍ය කටයුතු යෙදීම පාර්ලිමේන්තුවේ වගකීමක් බවද කෝප් වාර්තාවේ සඳහන්ය.
එන්ඩීබී බැංකුව නොවැම්බර් 30 වැනිදා සිට ප්‍රධාන විධායකයකු නොමැතිව කටයුතු කිරීමට යයි. ප්‍රධාන විධායක නිලධාරී රාජේන්ද්‍ර ත්‍යාගරාජා මාස තුනක කාලයක සිට දන්වා සිටියේ ඔහුගේ කාලය අවසන් බවයි. ත්‍යාගරාජා මහතා පසුගිය අගෝස්තු මාසයේ විශ්‍රාම ගියේය. බැංකුව අනුප්‍රාප්තිකයකු නම් කර නැත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘කොටස් වෙළඳපොළේ කෝටි ගණනක කොටස් රැස්කර ගනී‘
සාගර Sunday, 30 October 2016 09:38 AM
ඔය කියන බැංකුවේ සහ මුල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කරලා තියෙන කට්ටිය දැන්මම පරිස්සම් වුනොත් හොදය ...නැත්නම් අර එක ආයතනයක කට්ටියට වුන දේම සිදු වෙන්න පුළුවන්...(බ)
නිමල් ලාලිත Monday, 31 October 2016 01:48 AM
යහ පාලන අගමැතිගේ අනුහස.(බ)