ජුලම්පිටියේ ගීගන ගමගේ අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ ජූලි 11 වැනිදා තෙක් රිමාන්ඞ් කළ තංගල්ල මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්‍ෂ මහතා, වලස්මුල්ල උසාවියේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ජූනි 29 වැනිදා ඉදිරිපත් කරන්නැයි ද බන්ධනාගාරයට නියෝග කළේය. පසුගිය 15 වැනිදා කටුවන ජවිපෙ රැලියේදී දෙදෙනකු වෙඩි තමා මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට සාක්කි ඇතැයි රහස් පොලිසිය විනිසුරුවරයාට සැළ කළේය. මහාධිකරණ විනිසුරුවරයා මෙසේ පැවසුවේය. සැකකරුට එරෙහිව නඩු හතරක් මහාධිකරණයේත් තියෙනවා. තවත් අධිකරණවල නඩු තියනවා. විවෘත වරෙන්තු එකසිය ගණනක් සැකකරුට නිකුත් කළා. සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළා. ඒ දේ කළේ නැහැ. එහෙම කළා නම් සැකකරු අද මේ තත්ත්වයට පත්වෙන්නේ නැහැ. පොලිසියටත් දොස් තියනවා. සැකකරු මේ තත්ත්වයට පත්වීම ගැන පොලිසියත් වගකියන්න ඕනෑ. ඔහුට ඇප දුන් කිප දෙනකුට ද වරෙන්තු නිකුත් කැරිණි. සැකකරු ඇමතූ විනිසුරු මෙසේ ද කීවේය. අධිකරණයේ ආරක්ෂාව ඉල්ලන ඕනෑම අයකුට ආරක්ෂාව දෙන්න ඕනෑ. මම කිව් දේවල් ඔබ කළේ නැහැ. ටී 56 ගිනි අවි දෙක ගෙනැවිත් බාර දුන්නේ නැහැ. ජීවිත ආරක්ෂාව ඉල්ලන නිසා මම ආරක්ෂාව සලසනවා. තමන්ට දැන් මරණ භය ඇතිවෙලා තියෙන්නේ. වෙඩි තියල මරපු මනුෂ්‍යයන්ටත් ඒ බය ඇති වෙන්න ඇති. මේ වගේ දේවල්වලින් ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත් වෙනවා. පසුගිය සතියේ දවසක තංගල්ල බන්ධනාගාරයේ රැඳවියකු බලන්න තමන් බන්ධනාගාරයට ඇවිත් තියෙනවා. බන්ධනාගාරයේ දෙවැනි නිලධාරියකු ප‍්‍රධාන ගේට්ටුව ඇරලා තමුන් ඇතුළට ගෙන තියනවා. මට මේවා ආරංචියි. මේ විදියට සලකා තියෙන්නේ විවෘත වරෙන්තුකරුවකුට, අපරාධ නඩු මිනීමැරුම් නඩු ගණනාවක් තියන සැකකරුවකුට. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ නදී අපර්ණා සුවදුරුගොඩ මහත්මිය කරුණු ඉදිරිපත් කළාය. සැකකරු වෙනුවෙන් නීතිඥ නිශාන්ත සදභරණ මහතා කරුණු දැක්වීය. සැකකාර ජුලම්පිටියේ ජී.ජී. අමරසිරි ආවරණය කර අධිකරණයේ සිට තංගල්ල බන්ධනාගාරය වෙත බන්ධනාගාර බස් රථයෙන් රැගෙන ගියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ප්‍රගීත්,සක්විති, වරුණ, මධු, ටී.කේ කියන අය පුලුවන් නම් කියන ඔය කතා ඔප්පු කරලා පෙන්නන්න...
මෙයාව එල්ලන්නම ඕනි.ඔය වගේ අයට දෙවියෙේ හරි දඩුවම් දෙයි.මොකද අපි දෙන්නේ නැති නිසා
අයියෝ දැන් ඉතින් ජනතාවගේ බදු මුදල් රුපියල් 10,000 ක් මු වෙනුවෙන් මාසෙකට වියදම් කරන්න එපායැ ...කාගේ හයියෙන්ද මු මෙච්චර අපරාද කරලා එළියේ බය නැතුව හිටියේ කියල දන්නා කවුරුත් නැද්ද ?
පොලිසියට බන්ධනාගාරෙට බැන්නට වැඩක් නෑ ඒ අය ඒ තත්ත්වෙට පත් කරපු අය ගැන හෙලි කරන්නැත්තං.
පොලිස්සියට බන්දනාගාරෙට බැන්නට වැඩක් නෑ ඒ අය ඒ තත්වෙට පත් කරපු අය ගැන හෙලි කරන්නැත්තං. සාධාරන මාටින්
අද රටේ නීතිය රකින්න ඉන්න අයගේ දුර්වලකම් වලට හේතුව දේශපාලනය නොවේද?
ඇතුලට ගියාම ගෙදරට වඩා සැප පහසුකම් මැද්දේ ඉන්නේ...
අමරේ............අමරේ...
අමරේ හොඳ කොලුවා...
මොකක්...සැක කරු ???????????? ලෝකය රඟහළකි...අපි එහි නළුවෝ වෙමු.....
අයියෝ පොලිස්...........
අමර...මම නුඹ සමඟයි
ඒකනේ පොලීසිය තමයි වරද කරල තියෙන්නේ....
බන්දනාගාර නිලදාරීනුයි පොලිසියයි මොනවා කරන්න ද? ඒ ගොල්ලොත් රස්සාවට ආදරේ ඇතිනෙ?
මෙපමණ වැරදි තිබෙන මිනිසුන් ප්‍රසිද්ධියේ මරණයට ලක්කර යුතුයි .
ආරක්ෂා කරන්නම වටින මිනිහෙක්නෙ .....බොලේ ඔන්න පොලීසියෙන් ආරක්ෂා කරන අය. ජනතාවට දෙවි පිහිටයි.!
විනුසුරුවරියගේ කතාව හරියටම හරි.මේ තත්ත්වයට පත්වීම ගැන පොලිසිය සහ අනෙකුත් බලධාරීන් වගකිය යුතුයි
අම්මෝ...බයේ බෑ...කමෙන්ට් කරන්නත්....මෙයාගැන ඇහුවහම
අමර ලොකු තොප්පියක් දා ගන්න බව පොලීසියෙන් දන්නවා....ඒකයි නොඇල්ලුවේ....
ඒකනේ පොලීසිය තමයි වරද කරල තියෙන්නේ.... මේක දැකලා මට මගෙ අතීතෙ මතක් උනා.. හික් හික්!!
නීතිය හෑල්ලු වීමේ ප්‍රතිඵලය තමයි මේ.ඔය තුවක්කුව ඒ අයටම එල්ල වෙද්දි එතකොට යම් දවසක තේරුම් ගනී
මේක නිකම් ආදර කතාවක් වගේ . මේ ළමයට හැමෝම ආදරෙයි...
අමරේ සාමාන්‍ය මනුස්සයෙක් නමුත් ඔහු මේ තත්ත්වයට පත් කළ අය රටට හෙළී කිරීම මහජනයාගේ වගකීමයි
දේශපාලන හයිය තමා.අම්මෝ......කට,කට මට තව ටික කාලයක් ජීවත් වෙන්න ඕනේ...
පොලිස් බල තල පලාත් සභාවට දුන්නොත් කොහොමට තියේවිද ????????????????
අපරාධ කරන හැමෝටම වරප්‍රසාද නැහැ. ඒ නිසා ජවිපෙ කරන චෝදනා අකමැත්තෙන් වුනත් පිළිගන්න සිදුවෙනවා. පොලීසියෙන් එක ඉල්ලීමක් තියෙනවා. අවි ආයුධ සොයාගැනීමට මොහු රැගෙන යන විට මාංචු දමා රැගෙන යන්න. නැතිනම් ඒ ආයුධයක් අරගෙන වෙඩිතියන්න තැත්කරන්න පුළුවන්.
කාටවත් වැරැද්දක් නැති මිනිස්සු මැරුවට මෙයාට මේ ලෝකෙදි විතරක් නෙමෙයි එහා ලෝකෙදිත් හොදක් නම් වෙන්න එපා
සැක පිට නෙමෙයි ඇස් පණා පිටමයි මරලා තියෙන්නේ
දැන්නම් කට්ටිය බබාල වගේ ,කුක්කුත් ඕනද?????
මේක ජේ.වී.පී එකෙන්ම කරගත්තු දෙයක් කියල කියපු අය කෝ දැන්..
නීතියේ ආධිපත්‍ය බිද වැටිම රටකට විශාල පහරක්.රටේ ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු කොහොම හිටියිද?
දැන් හැමෝගෙම කටවල් පූට්ටු වෙලා. ඇද්ද?? ඇද්ද??
ඇප දුන්නොත් ගොඩ