පැඟිරිතෙල්වලට හා කිතුල් පැණිවලට නමක් දිනා ඇති කටුවන අද එම ද්‍රව්‍යවලට වෙනත් දේ මුසු කිරීම නිසා දේශීය වෙළෙඳපොළ බිඳ වැටී ඇතැයි වෙළඳ ආරංචි කියයි.
කටුවන පැඟිරි කර්මාන්තය අවුරුදු සියයක් පමණ පැරණිය.
දැනට පවුල් 2000ක් පමණ එම කර්මාන්තයේ යෙදී සිටින නමුත් වෙළඳපොළට එන විට පැඟිරි තෙල්වලට නොයෙකුත් දේ මිශ්‍ර කිරීම නිසා එහි අළෙවිය පහත වැටී ඇත.
ඒ අනුව පැඟිරි තෙල් බෝතලයක් රුපියල් සියයකටවත් අළෙවි කළ නොහැකියැයි ඔවුහු කියිති.
කලවම් නොකළ පැඟිරි තෙල්වලට හොඳ ඉල්ලීමක් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිෂ්පාදකයා ටිකක් කළවම් කරනවා වෙළෙන්දා තව ටිකක් කළවම් කරනවා. ගන්න මිනිහ එකපාරයි ගන්නේ. ඉතින් කර්මාන්තයක් පවතියිද? (දී)
පැගිරි තෙල් ගැන නම් මම දන්නේ නහැ. කිතුල් පැණි හා හකුරු කියල කිතුල් පැණිවලට සිනි කලවම් කරල විකුණනවා. කිතුල් කියල සීනි විකුණන එක පාරිභෝගිකයා රැවටීමක්. කිතුල් සංවර්ධන මණ්ඩලය කියල එකක් තියෙනවා. එකෙන් කරන්නේ මොනවාද. හොද හකුරු කෑල්ලක් කන්න පැණිටිකක් ගන්න තැනක් නැහැ. අඩුම තරමේ බෙහෙතකටවත් ගන්න. ප්‍රසිද්ධ සමාගම් වලිනුත් දැන් කිතුල් කියල සීනි පැණි විකුණනවා. මේක නවත්වන්න ඔන. මම අහල තියෙනවා කිතුල් රස තියෙන රසායනද්‍රව්‍යයක් දැන් සීනි හකුරුවලට මිස්‍රකරල කිතුල් කියල විකුණනවා කියල. පරිස්සමින් හකුරු කන කොට. (දී)
අද හැම දේම ඔහොම තමයි නියම භාණ්ඩයක් හොයා ගන්න නැහැ තිබුනොත් ඒවා හරි ගණන් (දී)
සරත්, ඔබ කියන්නේ ඉතාම වැදගත් දෙයක්. පිට රට සිටින මගේ මිතුරන් කීපදෙනෙක්ම කිව්වා ලංකාවෙන් එවන කිතුල් හකුරු තනිකරම සීනි, ගොරක තියෙන්නේ ඇටයි පොතුයි එක්ක, සියඹලා ත් ඒ වගේ ආදී වශයෙන්. ඒ ගොල්ල වෙන කරන්න දෙයක් නැති නිසා ටික ටික ගන්නවා කියලා. ලංකාවට ආපු වෙලාවට හොඳ නිෂ්පාදන අරන් යනවා. අපේ මිනිස්සු පිටරට යවන එකවත් කුණු රොඩු නැතුව යවන්නේ නැහැනේ. මේ පුවතේ හැටියට පැගිරි තෙල් හදන අය තමන්ම වල කපාගන්නනේ වැඩ කරලා තියෙන්නේ. ඊ ළඟට පාරට බහී අපේ බඩු වලට වැඩිමිලක් ඕන කියලා. හරියට අර මොරටුවේ කට්ටිය ඊයේ පෙරේදා ලී බඩු විකුණගන්න බැරුව පාරට බැස්ස වගේ. (නදී)
අයියෝ පැගිරි (දී)