රියලිටි තරු මාවතේ තරුවක් වීමේ වරම නොලැබුවත්, රසිකයන් අතර තරුවක් වී සිටින ඔහු චාමික සිරිමාන්නය. මෑතකදී ඔහුගේ නිර්මාණවල යම් අඩුවක් තිබෙන අතර, ඒ පිළිබඳව දැනගැනීමට අපි ඔහුව "තරුණයා" සමග සම්බන්ධ කර ගත්තෙමු.
ඔබේ අලුත් ගී නිර්මාණ අපි දුටුවෙ නැහැ?
මම මේ දවස්වල විභාගයක් සඳහා සූදානම් වෙනවා. එහි වැඩකටයුතු තමයි මේ දවස්වල සිදුකරන්නේ. සිංදු නිර්මාණය කරලා තියෙන්නෙ. ඒවා කොයිකාලේ එළියට එයිද කියලා තමයි දන්නෙ නැත්තේ. මොකද වෙනත් ආයතන වෙනුවෙන්නෙ ගීත කරලා තියෙන්නේ. ඒ අය තමයි තීරණය කරන්නේ කොයි කාලෙද රිලීස් කරන්නේ කියන එක.
ගීතයක් නිර්මාණය කරන්නේ පෞද්ගලික තෘප්තිය වෙනුවෙන් නෙමේද?
පෞද්ගලික තෘප්තිය වෙනුවෙන් කරපු සිංදු ඕන තරම් තියෙනවා. ඒවා වැඩි පිරිසක් අතරට ගිහිල්ලා නැහැ. මොකද ඒවට යන්න මාධ්‍යක් නැහැනේ. එක්කෝ තියෙන්නේ මගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක. නැත්නම් මගේ යූටියුබ් චැනල් එක. ඒ දේවල්වලින් තමයි මගේ ආසාවට කරන නිර්මාණ රසිකයන්ට දෙන්න තියෙන්නෙ. එහෙම නැතුව වෙනස් මාධ්‍යය ඔස්සේ ඒ ගීත ප්‍රචාරය කරන්න හරි අමාරුයි.
අද ගීතයක් ප්‍රචාරය කිරීමට මූලික දේ මුදල්ද?
ඒක ලෝකේ ඕනෑම රටක සිද්ධ වෙන දෙයක්. අනෙක් රටවල් එක්ක ලංකාවෙ තියෙන තත්ත්වය සමාන කරන්න බැහැ. මොකද අපි ඉන්නේ තුන්වැනි ලෝකේ රටක. අපි සංවර්ධනය වෙමින් පවතින රටක්. ඒකත් එක්ක දියුණු වෙච්ච රටක තියෙන නීති රාමුවයි, මෙහෙ තියෙන නීති රාමුවයි ගත්තාහම අහසයි පොළවයි වගේ වෙනස්. ඉතිං ඒවත් එක්ක තමයි සියලු දේ සිද්ධ වෙන්නේ. වාණිජකරණය වෙච්ච ලෝකයක තමයි අපි ඉන්නේ. එතකොට ඕනෑම මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන්න ඒ මුදල් අවශ්‍ය වෙනවා. ඒ නිසා එක එක විදිහේ දේවල් කරනවා. එය ඕනෑම මාධ්‍යකට වෙන්න පුළුවන්. ඒවත් එක්ක අපි මේ ඉදිරිපත් කරන නිර්මාණ මිනිස්සුන්ගේ රසවින්ඳනය වෙනුවෙනුයි ඉදිරිපත් කරන්නේ. ඒ දේවල් අහන්න කැමති ගොඩක් අය ඉන්න කොට ඒකත් වාණිජකරණය වෙනවා. අහල තියෙනවද, ලංකාවෙ කවුරුහරි සීඩී එකක් නිර්මාණය කරලා රසිකයන්ට නොමිලේ දීලා තියෙනවා. එහෙම වෙන්නෙ නැහැ, එහෙම කරනවානම් තමන්ට ලොකු ආදායමක් තියෙන්න ඕන. එහෙම කරන අය ගොඩක් ඉන්නවා. නමුත් ඒ අය ප්රසිද්ධවත් ජනප්‍රිය මට්ටමේ අය නෙවෙයි. නමුත් වෘත්තීය මට්ටමේ ගායික ගායකයෝ විදිහට අපි රැකෙන්නේ මෙතුළින්. අපි කන්නේ බොන්නේ අඳින්නේ පලඳින්නේ මෙකෙන්. එතකොට මේක තමයි අපේ ජීවිකාව. වෙළෙඳ පොළ තියෙන්නේ අපිට අවශ්‍ය විදිහට නෙමෙයි. මේ වෙළෙඳ පොළ හසුරුවන ආයතන, මුදලාලිලා එහෙම නැතිනම් සල්ලි තියෙන අය ඉන්නවා. ඉතිං ඒ අයට කැමති විදිහට තමයි වෙළෙඳ පොළ කියන දේ ඕනෑම දෙයකට අදාළව බිහිවෙන්නේ. ඕක හරිම පොදු දෙයක්.
කලාකරුවෙක් වාණිජකරණය වීමේදී බිහිවන නිර්මාණ පහත් මට්ටමක් ගන්නවාද?
ඒක මෙහෙමයි. අපිට දැලි පිහියෙන් රැවුල කපන්නත් පුළුවන්, බෙල්ල කපන්නත් පුළුවන්. එතකොට දැලි පිහිය හොඳයිද? නරකයිද? ඕනෑම දෙයක් එහෙමයි. සංගීත භාණ්ඩයක් වුණත් දන්නෙ නැති කෙනෙක් පාවිච්චි කළොත් ඒකේ ශබ්ද රසය විතරයි ගන්නේ. දන්න කෙනෙක් පාවිච්චි කළොත් ඒ සංගීත භාණ්ඩයට අදාළ හරි හඬ පාවිච්චි කරලා නිර්මාණයක් කරනවා. ඕනෑම දෙයක හොඳ සහ නරක තියෙනවා. මම අකමැති නම් මම අහන්නේ නැතිව ඉන්න එක තමයි මම කරන්නේ. ඒකට මට කවදාවත් කියන්න බැහැ තව කෙනෙක්ට මේක හොඳ නැහැ. මේකයි හොඳ කියලා. මොකද එහෙම වුණොත් ඒක සාපේක්ෂ වෙනවා. වාණිජකරණයත් එක්ක ඒ දේවල් වැඩි වෙන්න පුළුවන්. ඒ දේවල් වෙන නිසා නිර්මාණ බිහිවෙන්නත් පුළුවන් වගේම, ඒ දේවල් අහන අය ප්‍රතික්ෂේප කළොත් එවැනි දේවල් නිර්මාණය නොවෙන්නත් පුළුවන්.
ඔබව රසිකයන් දකින යම් කිසි කෝණයක් තියෙනවා නේද?
මම ගායකයෙක් විදිහට 2006 අවුරුද්දෙදි "අපි වෙන්වෙන තරමට" ගීතයක් එක්ක "චාමික සිරිමාන්න" කියන ගායකයා එළියට ආවම, ඒ අනුසාරයෙන් තමයි මාව බලන්න ගන්නේ. ඊට පස්සේ මෙයාගේ ස්ටයිල් එක මේකයි කියලා, හැමෝම නිර්මාණය කරලා දෙන්න හදන්නේ ඒ විදිහෙ ඒවා. ඕනෑම ගායක ගායිකාවකට සිද්ධ වෙන දෙයක්. එයාගේ වාසනා ගුණය අනුව තමයි කෙරෙන නොකෙරෙන මට්ටම තීරණය වෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත්, මම වෙස්ටර් මියුසික් පැත්ත ගැන හොයලා තියෙනවා. ඒ පැත්තට අදාළව මම සිංදුවක් දෙකක් කරලා තියෙනවා. ඒවට ලැබිච්ච ප්‍රතිචාර හරිම අඩුයි. මියුසික් ගැන දන්න අය පමණයි ඒ පිළිබඳව ඇඟයීමක් හරි කරන්නෙ. මට ඒ ගැන සතුටුයි. අඩුම තරමේ මියුසික් ගැන දන්න අය හරි මට ඇඟයීමක් කරලා තියෙනවා කියන එක. එළිමහන් සංගීතයේදී ඒ සිංදුව කිව්වාම සමහර කියනවා, "අනේ අයියේ ඒ සිංදු නම් ඔයා කියන්න එපා. ඒවා ඔයාට හරියන්නේ නැහැ* කියලා. ඒ එකිනෙකාගේ රසඥතාවය. මියුසික් ගැන දන්න අයට මම කරපු නිර්මාණ හොඳ නිර්මාණයක් විදියට දැනෙනවා ඇති. 100%ක්ම අපි කැමතිදේ දෙන්න අමාරුයි. එහෙම කියලා අපි අකමැතිම දේ දෙන්නෙත් නැහැ. අඩුම තරමේ 40෴වත් කැමති දෙයක් තමයි මේ වාණිජකරණය වෙලා තියෙනදේත් එක්ක හරි දෙන්නේ.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
ඉස්ස ඉඳන් මගේ කැමැත්ත වුණේ වෙනස් වෙනස් ආරේ ගීත නිර්මාණය කරන්න. තාමත් හරිහමන් වාතාවරණයක් එයට හැදිලා තියෙනවා කියලා මම දන්නෙ නැහැ. උඩුගම් බලා පිහිනන්නත් අමාරුයිනේ. මොකද මාධ්‍යත් එක්ක සහ අනෙකුත් දේවල් එක්කනේ අපිට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. වෙනස් දේවල් කරලා 100% සාර්ථක වෙයි කියල දන්නෙ නැහැ. ලොකු බලාපොරොත්තු කියලා නැහැ. මෑතකදී තියෙන්නෙ මගේ විභාගය කර ගැනීමේ බලාපොරොත්තුව තමයි. කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.
ඩිලාන් ක්‍රිෂාන්ත
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව