වෙසක් බැලීමට කොළඹට ආ මගීන් තුන් දහසකට පමණ කොටුව දුම්රිය පොළේදී අද සිදුවූ අපහසුව ගැන ලංකාදීප එසැණින් දුටු බවත්, සිද්ධිය ගැන සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරීට නියෝග කළ බවත් ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා කියයි.
ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඇරැඹි බව දුම්රිය සාමාන්‍යාධිකාරී කේ ආරියරත්න මහතා කියයි.
කිසිවකු අතින් වරදක් සිදුවී ඇත්නම් ඒ සඳහා නිසි පියවර ගැනීමට නොපසුබට වන බව ද හෙතෙම සඳහන් කරයි.
සබැඳි පුවත්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්ද සිදුවෙලා තියෙන්නේ තමුන්ගෙන්මයි මහත්තයෝ. දඩුවම තමන්ටම කරගන්නවානමි තමයි හොද. වල්පල් දෙඩුවාට වැඩක් කරන්න පුලුවන් අය එන්න එපායැ දේශපාලනයට. රටෙත් කරුමෙ අපෙත් කරුමෙ.(නදී)
බලාන ඉදිමු. ටික දවසක් යනකොට අපිටත් ඕක අමතක වෙනවා වගේම ඒ අයටත් ඒක අමතක වෙනවා (නි)
කතාව ඇත්ත
ඇමතිතුමනි ,ඔබගේ අමාත්‍යංශය යටතේ ඇති ඔය ආයතන වල වැඩ නිරීක්ෂණය කිරීමට වෙස්වලාගත් උසස් නිලදාරීන් පිරිසක් පත්කරන්න.තම රාජකාරිය හරිට නොකරන සේවකයන්ට, වාර තුනක් අවවාද හා සමාව දීලා.. හතර වන වරට සේවයෙන් පහ කරන්න. (නි)
අනේ පවු! පොඩි එකෙක්කේ ජොබ් එක ගැන තමයි මට දුක (නි)
කොටුවට ගියාට වැඩක් නැහැ. කෝච්චිය ගියා. ඊළඟ කෝච්චිය ලබන වෙසක් එකටලු (නි)
පාන්දර තුනට ගිහින් තියෙන්නේ ඉස්සරවෙනිදා තුනට යන්ඩ තිබුන දුම්රිය වෙන්ඩ ඇති. (නි)
බයිලා තමයි.(නදී)
නිතරම කෝච්චි ප්‍රමාදයි ඒවා හොයන්නේ නැද්ද ?(නදී)
ඒ අයත් වෙසක් බලන්න යන්න ඇති ඇමතිතුමා (නි)
නිසි පියවර ගද්දි ජනතාව පයින් ගිහිල්ලා. රටට සුභ අනාගතයක් වේවා! (නි)
දැන් ආශ්චර්යමත් දුම්රිය ගමනක් යා හැකි වෙයි. මේ වගේ ඇමති තුමාලා පහල වන්නේ රටේ වාසනාවට. ''බලන්න හසන්ත මේ වගේ ඇමති තුමාලා හිටියේ මොන රටේද? රටේ වාසනාව දැන් ඉතින් මට ඇස සතුටින් පියා ගන්න පුළුවන්.(නදී)
පුදුම ලොක්කෝ මේ අය. තමන්ගේ වගකීම් දැන ගෙනත් අඩුම තරමින් කුකුල් කොටුවකවත් වගකීමක් දෙන්න අමාරුයි මෙයාලට. ජාතික ධනයෙන් පඩිත් දෙනවනේ ඇත්තට. ලංකාදීපයට පින්. නියෝගත්,දෙන අයත් , කරන අයත්, ඔක්කොම එකයි.(නදී)
අන්න හොද වැඩක්
ගිය බස් එකට අත පෙන්නලා මොනව කරන්නද ?(නදී)
මොකක්ක්ද ප්‍රශ්නේ කියලා කියන්න බැරිද? (නි)
කමිටු පත් කරනවා විතරයි දඩුවම් නැහැ. කොහොමද කොහොමද අස්චාර්ය?(නදී)
ඇමති තුමනි, ස්තුතියි.(නදී)
නියෝග දිදී ඉන්න එපා ගිහින් බලන්න.(නදී)
නොපසුබටව පියවර ගන්නවා. අනේ, කොච්චර නිර්භීතද අපේ අය?(නදී)
රටේ සාමය රකින්න එකතු වෙන්න
තමන්ගේ සේවයට බාධා කල මගීන් අත්අඩංගුවට ගන්න කියලා දුම්රිය සේවකයින් වර්ජනයක් පටන් ගැනීම අනිවාර්යයි. (නි)
ප්‍රීති වෙසක් ඇමතිතුමන්ලාට! (නි)
මෙවැනි සිද්ධියක් වෙන රටක වුනානම් ඇමති ඉල්ලා අස්වෙනවා.(නදී)
මේ සිදුවීම පලමු හෝ අවසාන සිදුවීම නොවේ. දුම්රිය දෙපාර්තමේන්තුව මොන තැනට ගියත් ඔය සෙතේම තමා වෙන්නේ. 75%ක්ම අපට සලකන්නේ අතපල්ලෙන් වැටිලා ඉන්න අයට වගේ. ප්‍රශ්නයක් අහන්න බෑ ඇගට එනවා. විස්තරයක් අහන්න බෑ අතනට යන්න මෙතනට යන්න කියනවා. ඇයි රජයේ සේවයේ නියුතු අයට හිතෙන්නේ නැත්තේ ඔවුන්ගේ වැටුප් ලැබෙන්නේ රටේ මහ ජනතාවගේ බදු මුදල් වලින් කියලා.(නදී)
නිකන් බයිලා වලින් නම් අපිට වැඩක් නැහැ ඔන්න (නි)
මොනවා කරයිද දන්නෙ නැහැ (නි)
එසැණ නම් නියමයි (නි)