කොටුව දුම්රිය ස්ථානය ආශ්‍රිතව පවත්වාගෙන ගිය දුම්රිය ආපන ශාලාව වසා දැමීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 246ක පාඩුවක් සිදුවී ඇතැයි සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.
භෝජනාගාර සේවයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට මසකට රුපියල් ලක්ෂ 41ක පමණ මුදලක් ලැබෙන අතර ඉකුත් අප්‍රේල් මාසයේ සිට එම සේවය වසා දමා ඇතැයි එම සංගමය සඳහන් කරයි.
මේ හේතුවෙන් දුම්රිය මගීන් ද දැඩි පීඩාවට පත්ව සිටින බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ලේකම් එස්.පී විතානගේ මහතා පැවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම් මෙලෙස අහිමි කර ගැනීමෙන් දෙපාර්තමේන්තුව වාර්ෂිකව ලබන පාඩුව තවත් වැඩි වන බව කී ලේකම්වරයා එම පාඩුව අවම කරගැනීම සදහා දුම්රිය පාලනාධිකාරිය නිසි ක්‍රියාමාර්ග නොගැනීම කණගාටුවට කරුණක් බව ද සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
292
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කොටුව දුම්රිය පොළේ ආපන ශාලාව මාස 4ක් වහලා‘
ආශා Wednesday, 02 September 2015 03:31 AM
ඔව් දුම්රිය දෙපාර්තුමේන්තුව මේකෙන් හරි අදායමක් ලබල මේ කරන හොරකම් නිසා වෙන පාඩුව අඩු කරන්න තියෙන්නේ මෙච්චරයි(අ)
දිලිප් Wednesday, 02 September 2015 03:55 AM
නවීකරණය කරන වගක් නම් සඳහන් කර දැන්වීමක් ප්‍රදර්ශනය කරලා තිබුනා. (නි)
සිසිර Tuesday, 01 September 2015 12:00 PM
ඒ ගැන නම් ඉතින් කවර කතාද? (නි)
ධම්ම Tuesday, 01 September 2015 12:21 PM
ඔතනට පිකටින් කරන්න, විරෝධතා පවත්වන්න, උපවාස කරන්න, සත්‍යග්‍රහ කරන්න මොනතරම් ජනතාව එනවද? හොඳ ආදායමක් ලබන්න පුළුවන් තැනක්. වහාම මේක විවෘත කරන්න. (නි)
විජිත Tuesday, 01 September 2015 12:35 PM
අනේ මෙහෙමත් අපරාධ? (නි)
සමන්ති Tuesday, 01 September 2015 12:35 PM
මේක වැහුවේ පසුගිය රජය කාලේදී බදුගත් අය කුලිය මාස ගණනක් ගෙවීම හෝ අයකර ගැනීම දේශපාලන බලයෙන් නැවැත්වූ නිසාද? (නි)
ජේ.එෆ්.කාමිලා බෙගම් Tuesday, 01 September 2015 01:51 PM
මේකට ඉක්මනට පිළියමක් යොදන්න (නි)
යොහාන් Tuesday, 01 September 2015 01:54 PM
ඇයි මෙච්චර කාලයක් මේ ගැන සෙව්වේ නැත්තේ? (නි)
ජේ.එෆ්.කාමිලා බෙගම් Tuesday, 01 September 2015 01:54 PM
ඇත්තටම ජනතාවට හරි කරදරයක්. (නි)
ඉසුරන්දි Wednesday, 02 September 2015 04:40 AM
නිසි ප්‍රමිතියකට අනුව ජනතාවට වස විෂ නොදී හොඳ ආපන ශාලාවක් ඔතන විවෘත කරන්න සලස්වන්න ඉක්මනටම. (අ)
අනුර Tuesday, 01 September 2015 03:34 PM
ජනතාවට අවහිර කරමින් ඉදිරිපස දමා ඇති ආපන ශාලා වහාම ඉවත් කළ යුතුය දුම්රිය පොළ තියන්නේ මගී ප්‍රවාහන කටයුතු සඳහා මිස කඩ දැමීමට නොවේ (බ)
මංගලී පොන්සේකා Wednesday, 02 September 2015 05:34 AM
ඔව් සමන්ති හරි ඒක වහල තියෙන්නේ ඕකට නියමිත කුලිය ගෙවලා නැ(බදු දීල තිබුනේ) මාස ගානක්.අනික අපිරිසිදු කම පිරිලාලු (අ)
මුණසිංහ Wednesday, 02 September 2015 01:08 AM
දැන් එතකොට රාජ්‍ය අදායම් අහුරාලීම සහ රජයට පාඩු ගෙනදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නේ කවුද? (නි)
නන්දලාල් Wednesday, 02 September 2015 01:43 AM
සමහරවිට සෞඛ්‍ය නිලධාරීන් පැනලා ඔය ආපන ශාලාව වහන්න නියෝග කළාද කියලා කවුද දන්නේ? (නි)