කොටුව දුම්රිය ස්ථානය ආශ්‍රිතව පවත්වාගෙන ගිය දුම්රිය ආපන ශාලාව වසා දැමීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 246ක පාඩුවක් සිදුවී ඇතැයි සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.
භෝජනාගාර සේවයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට මසකට රුපියල් ලක්ෂ 41ක පමණ මුදලක් ලැබෙන අතර ඉකුත් අප්‍රේල් මාසයේ සිට එම සේවය වසා දමා ඇතැයි එම සංගමය සඳහන් කරයි.
මේ හේතුවෙන් දුම්රිය මගීන් ද දැඩි පීඩාවට පත්ව සිටින බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ලේකම් එස්.පී විතානගේ මහතා පැවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම් මෙලෙස අහිමි කර ගැනීමෙන් දෙපාර්තමේන්තුව වාර්ෂිකව ලබන පාඩුව තවත් වැඩි වන බව කී ලේකම්වරයා එම පාඩුව අවම කරගැනීම සදහා දුම්රිය පාලනාධිකාරිය නිසි ක්‍රියාමාර්ග නොගැනීම කණගාටුවට කරුණක් බව ද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් දුම්රිය දෙපාර්තුමේන්තුව මේකෙන් හරි අදායමක් ලබල මේ කරන හොරකම් නිසා වෙන පාඩුව අඩු කරන්න තියෙන්නේ මෙච්චරයි(අ)
නවීකරණය කරන වගක් නම් සඳහන් කර දැන්වීමක් ප්‍රදර්ශනය කරලා තිබුනා. (නි)
ඒ ගැන නම් ඉතින් කවර කතාද? (නි)
ඔතනට පිකටින් කරන්න, විරෝධතා පවත්වන්න, උපවාස කරන්න, සත්‍යග්‍රහ කරන්න මොනතරම් ජනතාව එනවද? හොඳ ආදායමක් ලබන්න පුළුවන් තැනක්. වහාම මේක විවෘත කරන්න. (නි)
අනේ මෙහෙමත් අපරාධ? (නි)
මේක වැහුවේ පසුගිය රජය කාලේදී බදුගත් අය කුලිය මාස ගණනක් ගෙවීම හෝ අයකර ගැනීම දේශපාලන බලයෙන් නැවැත්වූ නිසාද? (නි)
මේකට ඉක්මනට පිළියමක් යොදන්න (නි)
ඇයි මෙච්චර කාලයක් මේ ගැන සෙව්වේ නැත්තේ? (නි)
ඇත්තටම ජනතාවට හරි කරදරයක්. (නි)
නිසි ප්‍රමිතියකට අනුව ජනතාවට වස විෂ නොදී හොඳ ආපන ශාලාවක් ඔතන විවෘත කරන්න සලස්වන්න ඉක්මනටම. (අ)
ජනතාවට අවහිර කරමින් ඉදිරිපස දමා ඇති ආපන ශාලා වහාම ඉවත් කළ යුතුය දුම්රිය පොළ තියන්නේ මගී ප්‍රවාහන කටයුතු සඳහා මිස කඩ දැමීමට නොවේ (බ)
ඔව් සමන්ති හරි ඒක වහල තියෙන්නේ ඕකට නියමිත කුලිය ගෙවලා නැ(බදු දීල තිබුනේ) මාස ගානක්.අනික අපිරිසිදු කම පිරිලාලු (අ)
දැන් එතකොට රාජ්‍ය අදායම් අහුරාලීම සහ රජයට පාඩු ගෙනදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නේ කවුද? (නි)
සමහරවිට සෞඛ්‍ය නිලධාරීන් පැනලා ඔය ආපන ශාලාව වහන්න නියෝග කළාද කියලා කවුද දන්නේ? (නි)