( තිළිණි ද සිල්වා)
කටාර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් 280 දෙනෙකු හෙට ( 27) අලුයම දිවයිනට පැමිණෙන බව කටාර් හී වැඩබලන ශ්‍රී ලංකා තානාපති කෝහුල රංගන් මහතා ලංකාදීපයට පැවසීය.
එම පිරිස අද (26 වැනිදා) රාත්‍රී දෝහා ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් පිටත්වන අතර එම යානය හෙට අලුයම 5.45ට පමණ කටුනායක ගුවන්තොටුපළට ලඟා වනු ඇතැයි වැඩබලන ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසීය .
මෙලෙස දිවයිනට පැමිණෙන ලාංකිකයින් අතර කටාර් රාජ්‍ය විවිධ රැකියාවන්හි නියුතුව සේවා කාලය අවසන්ව සිටින පිරිස් , කොරෝනා වසංගත තත්ත්වය නිසා රැකියා අහිමි වුවන් , ඔවුන් ගෙන් යැපෙන්නන් සහ ගර්භනී මව්වරුන් කිහිප දෙනෙකුද සිටින බව වැඩබලන තානාපති කෝහුල රංගන් මහතා වැඩිදුරටත් ලංකාදීපයට පැවසීය.
මෙම පිරිස පෙරේදා (25) කටාර් සිට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට පැමිණීමට නියමිතව තිබුණද හදිසි තත්ත්වයක් මත එම ගුවන් ගමන තාවකාලිකව අවලංගු වූ බවත් , ඒ හේතුවෙන් අතරමං වූ එම පිරිසට විදේශ සබදතා අමාත්‍යාංශය ලේකම්වරයා ගේ උපදෙස් මත අවශ්‍ය නවාතැන් පහසුකම් සැලසීමට කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කළ බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
කටාරයේ වෙසෙන ලාංකිකයින් 1051 කට කොරෝනා ආසාදනය වී ඇතැයි සදහන් කරමින් පළ වන වාර්තා වල සත්‍යතාවය තම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නොදන්නා බවයි.
කෙසේ වෙතත් ලාංකිකයින් කොපමණ සංඛ්‍යාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත් දැයි යන්න දැන ගැනීමට තමන් කටාර් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන බවද වැඩබලන ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිල වාර්තාවක් ලැබුනහොත් , කොරෝනා ආසාදනය වූ ලාංකිකයින් සංඛ්‍යාව දැන ගැනීමට හැකි බවද හෙතෙම කීය.
කෙසේවෙතත් කොරෝනා ආසාදනය වන එරට සිටින සෑම ශ්‍රී ලාංකිකයෙකුටම නොමිලේ රෝහල් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටාර් රජය හැමවිටම කටයුතු කරන බවද වැඩබලන තානාපති කෝහුල රංගන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
එසේම කටාරයේ කොරෝනා වසංගත තත්ත්වය පැවතියද එම රෝගීන් සදහා අවශ්‍ය කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට එරට රජයේ බලධාරීන් ඉතා වගකීමෙන් කටයුතු කරන බවද වැඩබලන තානාපතිවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය ඉතා පරිස්සමෙන් තම සේවය කළ යුතු කාලයක්. නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න... ඔබ සියලුම දෙනාට බුදු සරණයි !!! දෙවි පිහිටයි !!!
වැඩබලන තානාපති කියන්නේ බොරු, එහෙ අතරමන්වෙලා විශාල පිරිසක් සිටිනවා. ඔවුන්ගෙන් සමහරු ලෙඩවෙලා ඔවුන්ට ඔය කියන සෞඛ්‍ය පහසුකම් දෙන්නේ නැහැ. එහෙ ඔය කියන පහසුකම් අපේ මිනිසුන්ට දෙනවා නම් ඔවුන් අපිව බේරගන්න කියලා මෙතරම් පින්සේන්දු වේවිද? කොරෝනා නොවේ වසූරිය හැදුණත් ලංකාවට එන්න කැමති අපේ සහෝදර ශ්‍රමිකයන් අපි ගෙන්වාගන්න ඕනේ... එ්ක තමයි නියම දේශප්‍රේමය, කටාර්, කුවේට් වල ඉඳන් පසුගිය දවස්වල ලංකාවට ගෙන්වපු මිනිස්සු පින්දෙනවා.. මම ටියුබ් එකේ දැක්කා... ඔවුන් අර එංගලන්තේ ඉඳන් අාපු පුද්ගලයින් වගේ හමුදා භටයින්ට ඉංග්‍රීසියෙන් බැන්නේ නැහැ.. නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ නැතිනම්.., ඔවුන්ට ඉස්කෝලෙක පැදුරක් එලලා දුන්නත් ඔවුන් ඉඳීවි....
මේත් අපේ මිනිසුන්... ඒත්, මේ ලෝකයේ තියෙන්නෙත් බෙහෙත් නොමැති මහා භයානක වසංගතයක්. ඒනිසා, සෞඛ්‍ය නීති රීති තදින්ම ක්‍රියාත්මක විය යුතුයි. මන්දයත්, දහවැනි මියගිය රෝගියා ළඟදී පිටරට සිට පැමිණි කෙනෙක්...
එම්බසි කොහොමද මෙහෙ ඉන්න කොරෝනා අය ගැන දන්නේ? අඩුගාණේ ඒ එය කෝල් එකකටවත් ආන්සර් කරන්නේ නැහැ...
තවත් කියන්නෙ කලිනුත් ආවද?