එක්සත් ජාතීන්ගේ මානුෂීය සංවර්ධන වැඩසටහනෙහි 2014 නිල වාර්තා අනුව මානුෂීය සංවර්ධනය පිළිබද ශ්‍රේණි ගතකිරීම් වලට අනුව සෞදි අරාබියට 34 වැනි ස්ථානය හිමි වෙයි.එරට සංවර්ධනය ඉතා ඉහළ මට්ටමක පවතින බව එහි දැක්වේ.ශ්‍රී ලංකාව 73 වැනි ස්ථානය ලබා ඇත්තේ හොද මානුෂීය සංවර්ධනයක් ඇති රටක් ලෙසිනි
එක්සත් ජාතීන්ගේ මානුෂීය සංවර්ධන වැඩසටහන යටතේ වාර්ෂිකව නිකුත් කරන මෙම වාර්තාව අනුව අරාබි කලාපයේ පළමු ස්ථානය කටාර් රාජ්‍යටත් අවම මානුෂික සංවර්ධනයක් ඇති රට ලෙස සුඩානය ලෙසත් වර්ග කර ඇත.
කෙසේ වුවද 1980 සිට 2013 වසර දක්වා වාර්ෂිකව සියයට1.10 ප්‍රතිශතයකින් මිනිස් සංවර්ධනය ඉහළ නංවා ගැනීමට සෞදි අරාබිය සමත්වී ඇත.
එක්සත් ජාතීන්ගේ නිල වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට 73 වැනි ස්ථානය හිමිවෙද්දී ඉන්දියාවට 135 වැනි රට ලෙස මධ්‍යම ගණයට පත් වෙයි.
පාකිස්තානය 146 සහ නේපාලය 145 තැනට ලබමින් අඩු මිනිස් සංවර්ධිත රටවල් වර්ගයට ඇතුලත් කර ඇත
එක්සත්ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ලෝකය පුරා රටවල් 187 ක කළ සමීක්ෂණයන්ට අනුව මිනිස් සංවර්ධිත රටවල් වලින් අධි ශ්‍රේණි සහ ඉතා ඉහළම මිනිස් සංවර්ධිත රටවල් 5 අතුරෙන් නොර්වේ,ඔස්ට්‍රේලියාව,නෙදර්ලන්තය ස්විස්ටර්ලන්තය,සහ ඇමරිකා එක්සත් ජනපදය නම්කර ඇත.ලෝකයේ අඩුම මිනිස් සංවර්දනය අතින් ශ්‍රේණි ගත කිරීම් වලට අනුව නයිජීර්ලකොන්ගෝ රිපබ්ලික්ලමධ්‍යම ඇෆ්රිකානු සමුහාණ්ඩුවල චැඩ් රාජ්‍ය සහ සියෝරාලියෝන් යන රටවල් ශ්‍රේණි ගතකර ඇත.
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටාර් මුලට:සුඩාන් අගට
මොහාන් Thursday, 31 July 2014 05:05 PM
නෙහාරා මමත් ලෝකේ රටවල් ගණනාවක හිටපු මිනිහෙක් නමුත් 73 තැන නෙමෙවි 773 තැන තිබුනත් මගේ ලංකාව වගේ රටක් නැත (නදී)
අමිල Friday, 01 August 2014 01:45 AM
සෞදි අරාබිය 34ලු අපිට පහලින්ලු. අපි 73 ළු 146 ගත්තු පකිස්තානෙ අපිට පහලින්ලු. මට පිස්සු වගේ(අ)
කසුන් Friday, 01 August 2014 04:37 AM
දර්ශකයට ඇත්ලත් වන සෞඛ්‍ය හා අධ්‍යාපන මට්ටමින් අපි ඉහළ ඉන්නේ. ඒත් ඒක පුද්ගල ආදායම අතින් පහලයි. ඒක වැඩි වුණොත් ඉහළට යන්න පුළුවන්. සෞදි ආරාබියේ තෙල් සල්ලි තියනවා. අපිට ඒවා නැහැ. ඒත් බනින්න කුණු හරුප කියන්න ඔිනෑ දේකට නිදහස තියනවා. (දී)
මහේෂ මුතුකුඩ Thursday, 31 July 2014 10:15 AM
මොකක්ද මේකේ තේරුම හරියටම? සෞදි අරාබිය අපිට වැඩිය උඩින් ඉන්නේ කොහොමද? (අ)
නෙහෙරා Thursday, 31 July 2014 10:43 AM
පළමු රටවල් පහෙන් එකක ජීවත් වෙන්න ලැබීම සතුටක්,මම ඉන්නේ දැන් තුන් වෙනි රටෙයි(අ)