
(විමුක්ති එස් රුද්‍රිගු)
කටාරයේ දෝහාඅගනුවර රැඳී සිටින හමාස් නායකයන් ඉලක්ක කරමින් ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ඊයේ(09) ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය.
එම ගුවන් ප්‍රහාරයේදී දෝහා නුවර හමාස් නායකයන් රැඳී සිටි ස්ථානයට බෝම්බ දහයක් පමණ ඊශ්‍රායල හමුදාව හෙළා තිබූ අතර ඉන් නගරයේ පිපිරීම් කීපයක් සිදුවිණ.
ප්‍රහාරයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය හිමිව තිබූ බවද වාර්තා විය.
ප්‍රහාරයෙන් පසුව නිවේදනයන් නිකුත් කරමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර සිටියේ සිවිල් වැසියන්ට අවම හානියක් වන පරිදි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ගුවන් ප්‍රහාරය එල්ල කළ බවත් ත්‍රස්තවාදීන්ට ලෝකයේ කිසිම තැනක බේරීමක් නොමැති බවට ප්‍රහාරය සාක්ෂියක් බවත්ය.
කෙසේ වෙතත් ඝාතනය කිරීමට උත්සාහ කළ ගාසා තීරයේ හමාස් නායක කලිල් අල් හේයා ප්‍රහාරයෙන් ජීවිතය බේරාගෙන ඇති අතර ඔහුගේ පුත්‍රයාට සහ තවත් පස්දෙනෙකුට ප්‍රහාරයෙන් ජීවිතය අහිමි වී ඇත.
ප්‍රහාරයෙන් දිවි අහිමි වූ පුද්ගලයන් අතර කටාර් හමුදා සාමාජිකයකුද සිටිනන බව එරට බලධාරීන් ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කටාර් ප්‍රහාරයෙන් හමාස් නායකයාගේ පුතු මරුට
fairoos Wednesday, 10 September 2025 12:05 PM
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය කියන්නේ මහ කාලකන්නි රටවල්... උන්ගේ ආයුධ විකුණාගන්න ඕන දෙයක් කරනවා ලංකාවේ ඉන්නේ සමහරක් වුන්ට කඩේ යනවා..