IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කටාර් ජනගහණය මිලියන 2.52 ඉක්මවයි: වාහන ලියාපදිංචිය සියයට 17.1 කින් පහළට

population

 

වසරක් තුළදී කටාර් ජනගහණය සියයට 7.7කින් ඉහළගොස් පසුගිය අප්‍රේල් මාසයේදී මිලියන 2.52 සීමාවට ළඟාවී තිබේ. පසුගිය මාර්තු මාසයේ දී කටාර් හි ජනගහණය මිලියන 2.34ක් වූ බවද සංවර්ධන සැලසුම් සහ සංඛ්‍යාලේඛන අමාත්‍යාංශය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වේ.


කෙසේ වෙතත්, ජනගහණය පසුගිය පෙබරවාරි මාසය සහ සසඳන විට ජනගහණයේ සුළු අඩුවීමක් දකින්නට ලැබෙන අතර ඒ මාසයේ දී කටාර් ජනගහණය මිලියන 2.54කි.


පසුගිය මාසයේ දී රටේ ජනගහණයෙන් මිලියන 1.91ක් පිරිමි වූ අතර එය පසුගිය මාර්තු මාසය හා සංසන්දනය කරන විට සියයට 8.7ක වැඩිවීමකි. පසුගිය වසරේ රටේ ගැහැණු ජනගහණය 609,055 දක්වා සියයට 4.6කින් වර්ධනය වී ඇත.


අමාත්‍යාංශයේ මාසික වාර්තාවෙන් ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වී ඇති අතර රථ වාහන නීතිරීති උල්ලංඝනය කිරීම් වසරින් වසර සියයට 18.4කින් පමණ පහළ බැස ඇති බවද එම වාර්තාවේ දැක්වේ.


පසුගිය වසරේ මාර්තු මාසයේ දී රථවාහන උල්ලංඝනය කිරීම් 155,584ක් වාර්තා වී ඇති අතර එය පසුගිය මාසයේ දී 126,948 දක්වා පහළබැස ඇත. එසේම එය පෙබරවාරි මාසයේදී වාර්තා වූ උල්ලංඝනය කිරීම් 142,031ට සාපේක්ෂව සියයට 10.6ක පහළබැසීමක් බවද ඉහත වාර්තාවේ සඳහන් වෙයි.
රේඩාර් මගින් අල්ලාගන්නා රථවාහන වැරැදි සංඛ්‍යාව පසුගිය වසරේ මාර්තු මාසයේ දී 97,175ක් වූ අතර එය පසුගිය මාසයේ දී 69,917 දක්වා සියයට 28කින් පහළ බැස ඇත. පසුගිය පෙබරවාරියේ දී මෙම වැරැදි සංඛ්‍යාව 96,503ක් දක්වා සියයට 27.5කින් පහළබැස තිබුණි.


රතු ආලෝක සංඥා නොතකා ධාවනය කිරීම පසුගිය වසරේ මාර්තු මාසයේ දී 3,156ක් වූ අතර එය පසුගිය මාසයේදී 1,738ක් දක්වා සියයට 44.9කින් පහළ බැස තිබුණි. මෙම වසරේ පෙබරවාරියේ දී එවැනි වැරැදි 2,179ක් වාර්තා වුණි.


අලුතින් ලියාපදිංචි කරන වාහන සංඛ්‍යාව පසුගිය වසරේ මාර්තු මාසයේ දී 11,368ක් වූ අතර එය මෙම වසරේ අප්‍රේල් මාසය වනවිට වාහන 9,419ක් දක්වා සියයට 17.1කින් පහළබැස තිබුණි.


කෙසේ වෙතත්, එය පසුගිය පෙබරවාරියට සාපේක්ෂව පසුගිය මාසයේ දී සියයට 14කින් ඉහළගොස් තිබුණි. පෙබරවාරියේදී අලුතින් ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව 8,259කි. 


එසේම රටේ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම පසුගිය පෙබරවාරියට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දී 8,633 සිට 9,889 දක්වා ඉහළගොස් ඇත.



අදහස් (0)

කටාර් ජනගහණය මිලියන 2.52 ඉක්මවයි: වාහන ලියාපදිංචිය සියයට 17.1 කින් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 111 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site