කඹුරුපිටිය වලස්මුල්ල නයිගල කන්දේදී පොලිස් විශේෂ කාර්ය බලාකායේ වෙඩි පහරින් මිය ගිය කැටයම් චින්තකගේ මාස්මුල්ලේ පිහිටි නිවසට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි කඹුරුපිටිය පොලිසිය කියයි.
ගින්නෙන් නිවසේ වහළට ද, කාමර දෙකකට ද, බඩු භාණ්ඩවලට ද දැඩි අලාභ හානි සිදුවී තිබේ.
කැටයම් චින්තකගේ පශ්චාත් මරණ පරීක්ෂණයට ඔහුගේ මව මාතර රෝහලට පැමිණි අවස්ථාවේ නිවසට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් මෙහෙම වෙනවට මම නම් කැමතියි (නි)
මම අද නම් බන්දුලගේ කතාවට එකග වෙනවා (නි)
සමහරුන්ගේ අදහස් දුටුවහම පුදුමයි (නි)
සංජයි, මම ද සිල්වා බෙරලින් කියල ලියන්නේ ලංකාවේ සහ ලෝකයේ සිල්වලා විශාල ප්‍රමාණයක් ඉන්න නිසා, මෙහි අදහස් ලියන අනිත් පුද්ගලයන්ට මාව හදුනා ගැනීමේ පහසුව සඳහාය. (ස)
මට පෙන විදියට "වාසනාව" හෝ "අවාසනාව" මතත් කෙනෙකුට මෙහි අදහස් පළකර ගැනීමට ඉඩ ලැබෙනවා. මාගේ දෛනික ග්‍රහ චක්‍රය අනුව මේ සිද්ධිය පිළිබඳ මාගේ අදහස් පළ කර ගැනීමට වාසනාවක් මට තිබුනේ නැහැ. හෙටවත් ඒ "වාසනාව" මා හට උදා වේවා කියන ප්‍රාර්ථනයෙන් අනික් අය ලියා ඇති දේවලින් අප්‍රමාණ වින්දනයක් ලබමි. සැමට ස්තුතියි. (නි)
බන්දුලගේ අදහස හරියටම හරි.මම නම් කියන්නේ උසාවියට දාන්න ඕනෑ දික්කසාද නඩු,ඉඩම් නඩු,වාහන නඩු වගේ දේවල් විතරයි.මිනීමැරුම්,ස්ත්‍රී දුෂණ,බාල අපරාධ පොලිසියෙන්ම අවසන් කරන්න ඕනෑ.එතකොටවත් හැදෙන එකා හැදෙයිනේ. (නි)
ආන්න බන්දුලට ඉතිහාසය මතක් වෙලා.අපි දැන් පසු කරන්නේ යුරෝපය අවුරුදු 200 කට කලින් තිබුන තත්වයෙනුයි (නි)
ඉතින් බර්ලිනයේ සිල්වලා ගොඩක් නැද්ද?.(නදී
කොන්ද පමණක් නොව "හිසද" කෙළින් තබා ගමන් කළ මිනිසා ක්‍රමානුකුලව පරිනාමයේ ආපස්සට ගමන් කරමින් සිටීම කොතරම් ශෝචනීයද? කවදත් ලෝකයට ආදර්ශයක් දුන් ශ්‍රී ලාංකික සමාජයද මේ අවරෝහණ ක්‍රියාවලියෙදීත් ප්‍රමුඛත්වයට පත්වී තිබෙන බව දිනපතා සිදුවන අපරාධවල ස්වභාවය තුලින් මොනවට පැහැදිලි වේ. (නි)
ද සිල්වා කාලෙකින් ලංකාවට ගිහිල්ලා නැහැ වගෙයි (නි)
බන්දුල හරි තමයි. ඉදිරියටම යවූ හෙළයිනි ගල් යුගයට යවූ! (නි)
මැරුවත් නොනැවතී ....? නිවසත් ගිනි තියලා මොනවද ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ? ඒ අම්මා මොනවා කරන්නද පුතාගේ වැඩ වලට, (නි)
මම නම් කියන්නේ දුප්පත් මහජනතාවගේ පිහිටෙන් කෝටි ගණන් කොමිස් ගහන අය ගැනත් තීරණයක් ගන්න ඕනෑ. අපරාධ අඩුවෙන තරමට සමාජය යහපත් වෙනවා.උඩ අදහස් කරලා තියෙන අය ඔක්කොම බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් කියනවා.බොරුවට හැමදේටම ප්‍රජාතන්ත්‍රවාදය කිය කියා ඉන්න එපා.රටට ආදරේ කරන්න (නි)
සීයට සීයක් සර්ව සාධාරන සමාජ ලෝකේ කොහෙවත් නැහැ. නමුත් සර්ව සාධාරණයට ළං වන රටවල් ලෝකේ තිබෙනවා. නමුත් එහෙම රටකට කිට්ටුවෙන් යන්නවත් සිරි ලංකාවට කල්ප ගණනකින් බැහැ. (නි)
ඕක මර්වින් සිල්වට කිව්වා නම් හරි.(නදී)
සිල්වා මහත්තයාගේ කතාව ඇත්ත. (නි)
අපි ඔබව හඳුනාගෙන මොන කෙන් ගෙඩියක් කරන්නද ? අපිට ඕනේ අදහස් හොඳ වෙන්න ඕනේ. දාන කෙනාගෙන් වැඩක් නැහැ .(නදී)
මේ ච්නතකට උදව් කළ කල දේශපාලකයට දෙන දඩුවම මොකක්ද? (නදී)
බන්දුල මහතාගේ අදහස මමත් අනුමත කරනවා (නදී)
බන්දුලගේ කතාව නිවැරදි කියා මාත් සිතනවා. නීතියේ තිබෙන අඩු පාඩු නිසා සහ දේශපාලකයන්ගේ ක්‍රියා නිසා අපේ රටේ නීතියට ගරු කිරීමක් නැත. අපරාධ කරන අයට මෙවැනි පාඩම් ඉතා අගෙයි. නමුත් මෙයද සිදුවිය යුත්තේ? මම සිතන විදියට එල්ලුම් ගහ අවශ්‍යම කාලය මෙයයි.(නදී)
අපේ රටට කුඩු ගෙන්වන්නේ අපේම දේශපාලකයෝ නොවේද? මේ අයට ඡන්දෙ දීපු අය අපි. ඇයි මේ අය මෙහෙම කරන්නේ.(නදී)
දසරාජ ධර්මය කෙසේ වෙතත් රටේ නීතිය පැවැත්තුවොත් හැමෝම ආරක්ෂා වෙන විදියට හොදයි. දේශපාලුවන්ට බලේ එල්ලිච්ච නිකමුන්ට යකා නටන්න නොදී, ඒගොල්ලෝ කාගේ හරි ලොක්කෙකුගේ යාලුවෝ හරි නෑයෝ හරි කියලා අනිත් අයව බය කිරීමට ඉඩ නොදීම , රටේ කැලාවන් දේපල (අනුන්ගේ භාර්යාවන් පවා) කොල්ලකෑමට ඉඩ නොදීම , පාරේ බැහැලා බය නැතිව රටේ ඕනේ තැනකට යන්න ජීවත් වෙන්න පුළුවන් නිදහසක් ඇතිකිරීම, කලොත් ඇති.. මිනිස්සු ආයේ ඡන්දෙත් දෙයි ? නැත්නම් අර කතා ලියන්න දක්ෂයෙක් දැන් හොයාගන ඉන්න විරුද්ධ පක්ෂෙට මිනිස්සු ඇදිල යයි දැන දැනම විනාසයක් කියලා. එත් වෙන කරන්න දෙයක් නැති නිසා. ඔය එක අපරාධයක් මේ විදියට විසදුවට කොච්චර තව සිද්ධ වෙනවද? ජපන් ජාතිකයෝ අවංකයි, තමන්ගේ මිනිස්සුන්ටම ඉරිසියා කරන්නේ නැහැ . තමන්ගේ ජාතියට ආදරෙයි. අපේ රටේ වගේ මෙහෙම මිනිස්සු පිරිහෙන වෙලාවලදී බුදුහාමුදුරුවෝ කැලෑ වලට වැඩියා. බුදු දහමට නිගාවක් නිසා, දෙවියෝ ලෝකේ අත ඇරලා ගියා. තව ගොඩ එන්න විසදුම් තියෙනවා නම් යෝජනා කරන්න. (නදී)
පොලිසියට නඩු තීන්දු දෙන්න බය එයාලා සල්ලි වලට බලේට ලේසියෙන් යටවෙන නිසි. එහෙම උදාහරණ එමටයි. තරහට ඉරිසියාවට බොරු ඔත්තු දීලා මිනි මරවන එක කොච්චර සිද්ධ වෙනවද? මේ සේරමලව මරන්නේ නම් කාව හරි ලොක්කෙක්ගේ හොර එළිවෙයි කියලයි? (නදී)
මැරුණ මිනිහගේ මවට හිරිහැර කරන මුව හමට තලන වීරයෝ නම් ඉන්නවා. (නි)
බන්දුලගේ කතාව හරි වගේ බැලුබැල්මට පෙනෙනවා. හැබැයි එම කතාව අනුමත කරන කෙනෙක්ව මොන යම් හේතුවක් නිසා දේශපාලුවෙක් සමග කොක්කක් දාගෙන පොලිසියට යන්න සිදු උනා නම් පොලිසිය දේශපාලුවගේ පැත්ත ගන්න අවස්ථාවේදී තේරුම් ගනී රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද කියලා. වැඩි දෙයක් උවමනා නැත දේශපාලුවෙකුගේ හෝ පොලිසියේ කෙනෙකුගේ වාහනයක හැපුනොත් නීතිය ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා බලාගන්න පුළුවනි. ඒ මොනවා උනත් පාතාලයන් මරා දමන ආකාරය මම ඉහලින් අනුමත කරනවා. (නදී
"නිවසත් ගිනි තියලා මොනවද ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ? ඒ අම්මා මොනවා කරන්නද පුතාගේ වැඩ වලට," ඔය හැගීම මටත් අවා. එවැනි දේ වැරදිය.(නදී)
මෙම ක්‍රියාව දැඩි ලෙස හෙලා දකිමි. දාමරික පුතා කල අපරාධවලට අහිංසක අම්මා දඬුවම් විඳිය යුතු නැත. සිහි බුද්ධියෙන් යුතු කිසිම මවක් සිය පුතා දාමරිකයකු කරන්නේ නැත. එසේ වෙනවාට කැමතිද නැත. එක අපරාධකාරයෙක් කල වැරදි වලට මුළු පවුලටම දඬුවම් කරන්න තරම් ශක්තිමත් නීති පද්ධතියක් තියෙන්නේ වෙන කොහෙද ඉතින්? (නදී)
සංජය මගේ අන්වර්ථ නාමය (නික් නේම් එක. ) ඔබ තුමා ප්‍රශ්නයක් කරගෙන බොරුවට තමන්ගේ සහ අනුන්ගේ කාලය නාස්ති කරගන්න එපා. මාතෘකාවට අධාල දෙයක් ලියන්න.(නදී)
ඔය විදියට නීතියට පිටින් දඩුවම් දෙන එක දිගටම වෙන්න ගියොත් ඒක අපිටම කවද හරි කරුමයක් වෙන්න පුලුවන්. මොකද මම එහෙම කියන්නෙ ඔය අපරාධ කලත් දේශපාලනේට සම්බන්ධ අයට නම් ඔහොම එලෝගෙන ගිහින් මරනවද නැහැනේ. උන් ෂේප්. අද සියලු අපරාධ කල්ලි ගොඩ නැගෙන්නේ මත්කුඩු ජාවාරම මුල් කරගෙන. දේශපාලනේට සම්බන්ධ අය කන්ටේනර් පිටින් කුඩු ගෙනල්ලා කෝටිපතියො වෙලා අහු වුනත් කොහොම හරි බේරිලා යනවා. ඔන්න ඕක තියෙන තාක් මේ අපරාධ නවතින්නේ නැහැ මිනිසුනේ. ඔබේ අනාගතේ තවත් දරුණු වේවි.(නදී)
දම්ගේ කතාවට කටට මසුරන් දාන්න වටිනවා. පාලකයෝ හිටගෙන කරනකොට බන්දුලාලා වගේ මිනිස්සු දුව දු දුව කරනවා. ද සිල්වා, මෙවැනි අදර්මිෂ්ට මිනිසුන්ට කියා පලක් නැත. ලංකාවෙන් 90% හිතන්නේ මෙහෙම තමයි. ලංකාවට ගියහම ඉතා පරිස්සමෙන් කතා කරන්න සහෝදරයොත් එක්ක වුනත් විස්වාස නැහැ.(නදී)
බන්දුල මහත්තයෝ, අපේ ක්‍රමයට ප්‍රශ්න විසඳන්න පුලුවන්නම් ඇයි මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න බැරි? මොකද ආධාර කපා හරියි කියල බයේද? අපි ඒතරම් බෙලහීන වෙලාද? එතකොට අර මහලොකු දේශප්‍රේමීත්වයට මොකද වුනේ? ඇයි අපි සුද්දාගේ නිතිය ක්‍රියාත්මක කරන්නේ? අපේම විධායක ජනාධිපතිවරයෙක් සිටිනකොට, පාර්ලිමේන්තුවේ කෙසේ හෝ සාදාගත් තුනෙන් දෙකේ බලයක් තිබෙන විට ඇයි අපේම නීතියක් හඳුන්වා දෙන්න බැරි? (නදී)
මමත් ජීවත් වෙන්නේ කැනඩාවේ. මෙහෙ නම් නීතිය හැමෝටම එක වගේ. ඒ නිසා අපරාද හරිම අඩුයි. මොකද ස්ටීවන් හාපර් ට උනත් මට උනත් එක වගේ නීතිය . ලංකාවේ වගේ සමහර අයට එක නීතියකුයි ගමේ සිරිපාලට එක නීත්යකුයි නෑ. ඒ නිසා මේ රටවල් දියුණු වෙලා .(නදී)
අපේ අම්ම පුංචි කාලේ කියල දීපු කතාවක් මට මතක් උනා...දවසක් පුංචි පුතා ඉස්කෝලේ ගිහිල්ල ගෙදර එනකොට ලස්සන පැන්සලයක් ගෙනාවා. අම්මා ඇහුව කොහෙන්ද කියල. එතකොට පුංචි පුතා කිව්වා යාලුවෙක් දුන්න කියලා. අම්ම මුකුත්කිව්වේ නෑ. කාලෙකට පස්සේ බෑග් එකකුත් ගෙනාව. අම්ම ඇහුව. පුතා උත්තර දුන්නා. අම්ම මුකුත් කිව්වේ නැහැලු. ලොකු උනාම ගෑනු ළමයෙකුත් ගෙනාවලු. අම්ම ඇහුවා...පුතා උත්තර දුන්නා. අනේ කමක් නෑ පුතේ කියල නිස්සබ්ද උනා. දැන් මිනිහ ජිවත් වෙන්නේ එක එක හොර වැඩ කරලාලු. පවුලත් රකින්න එපායැ. අන්තිමට පුතා ලොකු හොරකමකට අහුවෙලා හිර ගෙදර පදිංචි උනාලු. ලේලි අම්මටත් බැනල ගෙදරින් ගියාලු. අනේ අම්ම සතියකට දවසක් අල ටිකකුත් තම්බන් පුතා බලන්න යනවලු. හිර ගෙදර පොලුඅතරින් අත දාල පුතාට කවල අඬල ගෙදර එනවලු. දවසක් මේ විදිහට පුතාව බලන්න ගිහින් කවල එන්න හදන කොට පුතා කිව්වලු අනේ රත්තරන් අම්මේ මට මම කරපු වරදවලට මම මේ හිරේ දඬුවම් විඳිනවා. අනේ මට අම්මගේ දිව පොඩ්ඩක් ඉඹින්න දෙන්න කිව්වලු. අනේ මේ අම්ම පුතාට දිව එලියට දික් කලාලු. මේ ජඩය අම්මගේ දිව හපලා දෙකට කඩලා එලියට විසිකරලා කිව්වලු අනේ අම්මේ මම එදා පැන්සලයක් හොරකම් කරන ගෙදර ආ වෙලේ උඹ මට දඬුවම් දීල මාව හරි මගට ගත්ත නම් මේ දඬුවම් විඳින්නේ නෑ. එදා උඹේ දිව ගොළු වෙලා තිබුන නිසයි මා හොරෙක් උනේ. දැන් උඹ එදා කරපු වරදට විදවපන් කිව්වලු. මේක එක පැත්තකට බර කතාවක්. අම්මට නිගරු කරනවාට මමත් කැමති නෑ. ඒ උනත් වරදක් දැක්කම කන හරහා පාරක් දුන්නා නම් ඔහොම වෙන්නේ නැහැ.(නදී)
අපිටත් කාගෙන් හරි අකටයුත්තක් උනොත් පොලිසි ගානේ රස්තියාදු වෙන්නේ නැතුව එස්.ටී.එෆ් එක කළා වගේ කලා නම් වටිනා අදිකරණයේ කාලයත් ඉතුරුයි කියලයි මට හිතෙන්නේ ..අපි එහෙනම් ලංකාවේ අදිකරණයයි , බන්දනාගාරයයි , පොලිසි ටිකයි වහල දාමු ... (නදී)
ද සිල්වා බර්ලින්, ඉන්නේ ඕව එහෙම හරියන්නේ නැහැ මහත්මයා. (ස)
හරියටම හරි පොරමොලා, මේ දේවල් වලින් අනිත් අයත් පාඩම් ඉගෙන ගනීවි. ජඩ වැඩ කරන්න හිතාගෙන ඉන්නවා නම් ගෙදර ඇය කියලවත් දෙයි නේ. (ස)
පොරමොලා නම් හරියන්නේ බින්තෙන්නටම තමා... හිනා හිනා (ස)
බෙනට් කැටයම් උන්නේහෙගේ තරම දන්නේ නැහැ. ඇහැට කනට පේන ගැහැණු උගෙන් බේරෙන්නේ නැහැ. කුඩා දරුවකු පොළොවේ ගහන්න අහිංසක පවුලක් මරා දන්නා පුළුවන් අයට මොන නීතියක්ද? නඩු සිය ගණනක් තිබුනත් මේ අය ඒ ගමන යනවා. මිනි මරනවා විසඳුම කුමක්ද මහත්මයා.(නදී)
බන්දුල පෙරේරා සිල්වා මහත්තය කියුව දේ හරියට වටහාගෙන නැහැ (අ)
මෙ කැටයමි චින්තක පිටුපසින් සිටින දකුණේ දැවන්ත දේශපාලන හස්තයද හෙළි කරන්නේනමි.(නදී)
අදහස් දාන කෙනාගෙන් වැඩක් නැති බව ඇත්ත. ඒ නිසා කල යුත්තේ අදහස පමණක් බැලීමය. තමන්ට කැමති පරිදි නම ඉදිරිපත් කලාට වරදක් නැතුව ඇති කියල මට හිතෙන්නේ. කෙසේ හෝ අදහස් ඉදිරිපත් කිරීම අප අගය කල යුතු වේ. (ස)
කළකම් පල දේ (නදී)
මම අනිවාර්යෙන්ම එස්.ටී.එෆ් ට උදව් කරනවා, අපරාධ කරුවන් විනාශ කරලා දාන්න. (නදී)
කගේ උනත් ගෙවල් සහ දේපල ගිනිතැබීම අනුමත කල නොහැක , මොන අපරාධ කාරයට උනත් පවතින නීතියට පිටින් දඩුවම් කිරීමෙන් නිතිය වල්වැදී රට අස්ථාවර වී අපේ රටත් සොමලියාවක් බවට පත්වීමට පුළුවන් , කලයුතු හොඳම දෙය දේශපාලනය , වත්පොහොසත් කම් තරා තිරම බලන්නේ නැතුව නිතිය සැමට එක හා සමානව ක්‍රියා කරවීම අපේ රටේ අනාගතයට හොඳය (නදී)
ගුනේ .සජිත් සමන් ඔබලාගේ අදහස් අගය කරනවා (අ)
බන්දුල පෙරේරා කියන කතාව හරියටම හරි. එතුමා පිලිගන්නවා රටකට නීතියක් අවශ්‍ය නැහැ කියා. ඒ කියන්නේ අපි ගල් යුගේට ආපහු යමු කියලනේ. අනේ අනේ මෙහෙමත් මොළ කාරයෝ තාම අපේ රටේ ඉන්නවනේ. (නදී)
ලියන්න ගොඩක් අදහස් තියෙනවා. නමුත් ලිවීමෙන් පලක් නැහැ. හුගක් අයගේ අදහස් කියෙවුවා. ඒ සියලුම දෙනාගේ අදහස් එක එක කෝණයෙන් බැලුවම සාධාරණයි. ඔය වැනි අපරාධ කාරයන්ව ජිවත් වන්න තියන්න සුදුසු නැති බව මමද අනුමත කරමි. මෙවැන්නන් ජිවත් වීමෙන් සිදුවන්නේ සමාජයට හා තවත් කෙනෙකුට අවැඩක්. සුද්ද හදපු නීති දැල දිරා ගොසින් විශාල සිදුරු මතුවෙලා. අද දේශපාලුවන් පෝෂණය කරන පාතාලය එයින් උපරිම ප්‍රයෝජන බුක්ති විදිනවා. හොර තක්කඩි දේශපාලුවන් අන්ධයන්, බිරන්,ගොළුවන් සේ නොදන්නා ලෙසින් රට මංකොල්ල කමින්, බොමින් ජිවත් වෙනවා. රටේ මිනිසුන් අසරණ අඩියටම වැටිලා. පීඩනයෙන් හිරවෙලා. උදාහරණයක් තමයි මහා ත්‍රස්තවාදියාගේ (ප්‍රබාකරන්ගේ) අවසානය රට වැසියන් සමරපු හැටි. ඒ අසරණව පීඩනයෙන් හිරවී සිටි ජනතාව පීඩනය මුදා හැරපු ආකරයයි. එවන් අවස්ථාවක ප්‍රති කාරිත්වයක් තමයි මේ ගමේ වැසියන්ගෙන් සිදු වුනේ. වෙඩි පත්තුකර කිරිබත් කෑවා. අන්තිමට අපරධකාරයා (මිනීමරුවා) හැදුනු වැඩුණු නිවසත් ගිනිබත් කලා. මේ සියල්ලක් සිදුවී ගෙන එන තුරු ඒ අපරාධකරුවාගේ මව මෙසේ වෙයි කියා කිසි දවසක නොසිතන්න ඇති. ඒ අම්මත් අනිකුත් අම්මල වගේ එයාගේ දරුවාව බලාපොරොත්තු තියාගෙන හදන්න ඇති. නමුත් අද පවතින සමාජ විසමතාවය උඩ ඒ සියල්ලක් උඩු යටිකුරු වී සිදුවෙලා තියෙනවා. මෙයට මුලිකම වගකීම ගත යුත්තේ පාලකයන් හා ධර්මය අවබෝධ කර දෙන්නට සිටින හිමිවරුන්. අද වනවිට මේ කට්ටියත් තමන්ගේ යුතුකම පසකලා දේසපාලුවන්ගේ පතුල් ලෙවකමින් ලාබ ප්‍රයෝජන තකා, ඔවුන්ගේ නැති ගුණ වයමින් ඔවුන් පසු පස ගමන් කරනවා. ඒ හේතුවෙන් සමාජයට ලැබෙන්නේ ගුණ ධර්මයෙන් පිරිහුණ මිනිසුන් පමණයි. මේ නිසා මේ අම්මට තමාගේ දරුවත්, අත පය වාරු නැති වී බැරිවන කාලයේ ජිවත් වන්න තිබුන නිවසත් නැති වුනා. (ස)
කවුරුත් එකතු වෙලා පොඩි උන් දෙන්න බලාගන්න. වෙලාවට වැඩ කරන නීතිය සැමට එකසේ සලකන සුද්දා ගේ හොඳ දේවල් අරගෙන අපිත් දියුණු වෙමු. (නදී)
අපරාද කාරයා මැරුම් කෑවේ පොලෝසියේ රාළහාමි මැරුවට පස්සේ ..මීට ඉස්සර මේ මිනිහ කොපමණ අපරාද කරාද?මොහුට විරුද්දව කොපමණ පැමිණිලි තියෙනවද ? පොලෝසිය මෙපමණ කල් මොනවද කරේ .හැම නගරෙම මෙහෙම පුද්ගලයෝ ඉන්නවා .(අ)
අපරාදකරුවන් සහ ඔවුන්ට ආදාර අනුබල සහ ආරක්ෂාව දෙන්නවුන් මැඩීමට ජනතාව ඉදිරිපත්වන්නේ නම් අනාගතයේදී හෝ මොවුන් මෙල්ල වේවි.(නදී)
ඔය කව්රු කව්රුත් ලබා උපන් හැටිද? (නදී)
සිල්වා මහත්තයෝ, මේ ජර්මනිය නෙමෙයි ශ්‍රී ලංකාව. ඔබතුමා කියන ඔය නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැත්තේ, මිනී මරුවන්ව නලවන්න කියන්නේ, උන්ගේ මානව හිමිකම් රකින්න කියන්නේ, මරණ දඩුවම ක්‍රියාත්මක කලොත් දෙන ආදාර කපනවා කියන්නේ ඔබ තුමා ඉන්න ඔය රට වගේ දනවත් රටවල් තමයි. ඉතින් අපිට අපේ ක්‍රමයට සමහර ප්‍රශ්න විසදන්න වෙනවා. මේ සුද්දගේ නීතියේ හිල් ගොඩක් තියෙනවා. මිනී මරුවන්ට ඇප දෙන්න තරම් බයාදු නීතියක් මේක. උන් ඇප අරන් ඇවිත් සාක්කි කාරයෝ මරනවා. මේ ක්‍රමයේදී ඔය ප්‍රශ්න මුකුත් නැහැ..මේ රටේ කැරලි දෙකක් මර්දනය කලේ කොටි ත්‍රස්තවාදය නැති කලේ නීතිය අනුව ගිහින් නෙමෙයි. එහෙම කලානම් තාමත් අපි තුන්ඩු කෑල්ලකට බයේ ජීවත් වෙන රටක ඉන්නේ. ඔබතුමාගේ රටත් එක්ක මේවා සසදන්න එපා. ඔය රටත් ඉතිහාසයේ ප්‍රශ්න විසදුවේ මේ විදියට තමයි.(නදී)
සමහර කට්ටිය හීන දකින සර්ව සාධාරණ සමාජයක ජීවත් වෙන්න අපිත් ආසයි ..නමුත් පොළොවේ පය ගහල ජීවත් වෙන මිනිහ දන්නවා එහෙම සමාජයක් මෙතුවක් තිබුනෙත් නැහැ, අදත් නැහැ, හෙට ඇති වෙන්නෙත් නැහැ කියලා..ලෝක ඉතිහාසයේ එදා ඉඳල අද වෙනකම්ම දුබලයා බලවතාගේ ගොදුරක්...ඒක හෙටටත් එහෙමයි...මේ සිදුවීමේ වැදගත්ම දේ සහ රටට දෙන පාඩම නීතිය, සාමය රකින තැන් වලට අත තියන්න කලින් දෙපාරක් හිතන්න කියලා. අපරාධ කරුවන්ට දෙන පනිවිඩයයි.ඒක එහෙම නොවුනා නම් මේ සිදුවීම හෙට නීති ගරුක නීතිය රකින අවංක නිලධාරින්ට එරෙහිව අවි උස්සන්න අපරාධකරුවන්ට දෙන බලපත්‍රයක් වේවි ..අපරාධකරුවන්ට අත් කල ඉරණම අවංකව රාජකාරි කරන හැමගේ දහිරියට, ආත්ම ශක්තියට, නිර්භීත බවට ප්‍රතිපල අත්කර දෙන්න ඇති නොවරදවමා....මේක වැරදි ආකාරයට යොදා ගැනීමේ අවදානමක් තියෙනවා..ඒක බැහැර කරන්න බැහැ..නමුත් එහෙම කරලා පොලිසියටත් ගැලවීමක් නොලැබෙන බව රත්මලානේ සිදුවීම හොඳ උදාහරණයක්..අහිංසකයක්ගේ මරණයට ගම් පිටින් නැගී සිටිනවා වගේම පිළිල ඉවත් වෙනකොට ගම්මු කිරිබත් උයනවා..මේ අම්ම ගැන දුකයි..අම්මල කොහොම දරුවෝ හැදුවත් සමාජය එම දරුවන් මොහොතකින් වෙනස් කරනවා..එම වෙනස් කිරීම මත ලෝකෙට වැඩදායක වගේම අන්ත නින්දිත තිරිසන් අපරධකරුවනුත් බිහිවෙනවා..අම්මලට ඒවා වලක් වන්න බැහැ.. (ස)
එතකොට තව තව අයගේ ගෙවල්? (නි)
ශිලා, නමුත් රතුපස්වල ප්‍රශ්නෙදි බන්දුල පෙරේරා හිටියේ උද්ඝෝෂණය කරපු ජනතාවට විරුද්ධ මතයක. (ස)
හොඳයි. කරපු අපරාධයට තවත් අපරාධයකින් පිලිතුරු දිම. (ස)
නම ඉස්සරහින් රටවල් වල නම් දාන්නේ ඇයි? සෝබනේට? (ස)
මේ අය නිකම්ම ඔය තත්වයට පත්වෙන්නේ නැහැ පොලිසිය මීට පෙර නීතිය හරියට ක්‍රියා කලානම් අම්මල දුක්විඳලා හදපු දරුවෝ නිකරුනේ මැරෙන්නේ නැහැ.(නදී)
මොනවා උනත් දරුවෝ හදපු අම්ම පව්. වැරදී කරන්න කලින් දෙමව්පියෝ ගැනත් හිතන්න. (ස)
බන්දුල, සර්ව සාධාරණ සමාජයක් ලොව කොහෙත් නැති බව ඇත්ත. නමුත්, ඔබතුමා වරක් සඳහන් කල ආකාරයට රටේ ශක්තිමත් නීති පද්ධතිය හරියට ක්‍රියාත්මක වුණා නම් මේ වගේ අපරාධකරුවන් සාමය රකින තැන් වලට අත තියන්න පෙළඹෙන්නේ නැත. ඔවුන් මෙසේ පෙළඹුනේ දේශපාලඥයින් ආරක්ෂක සේවාවන්ට බලපෑම් කල නිසා. රටේ නිතිය හැමෝටම එක සමානව ක්‍රියාත්මක කල යුතුය. වරක් ආසන පටි නොදා වාහනයක ගමන් කල බටහිර රටක අගමැතිවරයකුට පොලිසිය විසින් දඩයක් ගසන ලදී. අපේ රටේ නම් සැලුට් ගසා වාහනය නිදහස් කරනු ලැබේ. නැතිනම්, පොලිස් නිලධාරියා දුෂ්කර පළාතකට මාරු කෙරෙනු ඇත අර විසිතුන් දෙනෙක් මේ ලඟදි මාරු කලා වගේ. කෙසේ නමුත් අම්මලා ගැන ඔබ කළ ප්‍රකාශය සමඟ මම එකඟ වෙමි. (ස)
මෙන්න අපේ ලංකාවේ අයගේ මහා ලොකු පිරිමිකම. චින්තක කැලේ පැනලා හිටපු දවස් වලවත් මේක කලා නම් කමක් නෑ. ඌ කැලේ පැනලා කියලා තියෙද්දිත් බයේ හැංගිලා හිටපු අපේ මහා ලොකු පිරිමි ඌ මැරුවා කියලා ආරංචි උන ගමන් චන්ඩි ටික වගේ ගිහින් අර අසරණ අම්මාට ඉන්න හිටින්න තියෙන ගෙදර පුච්චලා. දැන් ගොඩක් ආඩම්බර ඇති ගෙදර පුච්චපු උන්ට...අනේ මෙහෙමත් ලංකාවේ පිරිමි. (ස)
නම ඉස්සරහින් ලොකු රටවල් වල නම් දාන්නේ ඇයි? සෝබනේට? ගොඩක් වෙලාවට දකිනවා බෙර්ලිනය, ඕසට්‍රේලියාව, අරක මේක. නිකම් නම විතරක් දැම්ම නම් ඉවරයි නේද? අපිත් ඉන්නේ රට තමයි. (ස)
දරුණු අපරාධකාරයෝ හතරදෙනාට දුන් දඬුවමට වැරදියි කියන අයගේ පවුල් වලටත් ඒ රාළහාමිටත් බිරිදටත් දරු පැටියටත් වුණ දේ වුණා නම් තවත් දුක්වෙන එකක් නැහැ. අද අර අසරණ දරු දෙදෙනාට දෙමවුපියෝ නැහැ. ඔවුන්ගේ ආදරය ලැබෙන්නේ නැහැ. ආරක්ෂාව නැහැ. මේ ලෝකේ තනිවෙලා පුංචි හිත් හොදටම පොඩිවෙලා. අසරණ වෙලා. අද අනුන්ගේ විපත තමන්ට විපතක් නොවෙයිනේ. මේ මිනිසුන්ට විපත කුමක්ද යන්න තේරෙන්නේ තමන්ට වුණදාට විතරයි (නි)
මට නම් මේක නම් මහා ලොකු අපරාධයක් නෙමෙයි (නි)
හැමදාම නැතුවට බන්දුලගේ කතාව අද නම් හරි. (නි)
අනේ මම බින්තැන්නේ...මට ලැජ්ජයි... (ස)
ළමයි කරන වැරදි වලට අම්මලා මොනවා කරන්නද? (නි)
මේ ක්‍රමය පිළිගන්න පුළුවන් වෙන්නෙ හැම අපරාද කරයකුටම මේ විදියට සලකනවානම් විතරයි. අම්මට ඉන්න තැන නැති කරපු එක නම් අනුමත කරන්න බැ.(දිල්)
මේ ක්‍රමය පිළිගන්න පුළුවන් වෙන්නෙ හැම අපරාධ කාරයෙකුටම මේ විදියට සලකනවා නම් විතරයි. අම්මට ඉන්න තැන නැති කරපු එක නම් අනුමත කරන්න බැ. (ස)
ද සිල්වා බර්ලින් ඔබ 100% හරි. (ස)
අර්ථ කම්හලේ ජීවත් වෙන බල්ලට හෙන පිට හෙන ගැහැව්වත් ගානක් නැහැ වගේ මෙතන අදහස් දාල තියෙන බන්දුල වගේ "මොළ හූදපු" මිනිසුන්ට මිනීමැරුම්, හොරකම්, ස්ත්‍රී දුෂණය,ළමා අපචාර,කුඩු ව්‍යාපාර සුළු දේවල්.අර්ථ නීතිය ගරු කරන මිනිසුන් දන්නවා සැබෑ නීතිය කියන්නේ මොකක්ද කියලා.වෙන්න දෙයක් නැහැ දැනටමත් අපි සෝමාලියාවක්, ඉතියෝපියාවක්, බංගලිදේශයක් වෙලා ඉවරයි.අර්ථ රටේ ඉන්න බත් කන "මොළ හූදපු" බුරුවන්ට තේරුමක් නැහැ. (ස)
අම්මා කෙනෙක් කවදාවත් පුතෙකුට නරක මිනිහෙක් වෙන්න උදවු කරන්නේ නැහැ. පුතාගේ නරක වැඩ නිසා ඒ අම්මා හිතෙන් මැරි මැරී ජීවත්වෙන්න ඇති. තවත් ගින්දරක් ඒ අම්මට දීලා ඒ අම්මාට ඉන්න හිටින්න නැති කළ එක නම් හොඳ නැහැ. (නි).
නිවස ගිනි තැබූ අයව වහාම සිර භාරයට ගන්න. ඔහු කල පවට නිසි දඬුවම් ලැබුනා. (ස)
අපරාධකාරයෝ මැරෙන්න ඕනේ. නමුත් ගෙවල් ගිනි තියන එක හරි කැතයි. (ස)
සංජයි.රට හිටියත් තවම "මොළ හූදපු" ගතිය ඇරිලා නැහැ වගේ.ටිකක් ඔයා ඉන්න රටේ ඇස් දෙක ඇරලා බලන්න. ලංකාව වගේ ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, කුඩු, හොරකම, මිනීමැරුම්, කපල කොටලා බල්ල වගේ මරල දාන දේවල් තියෙනවද කියලා ? (ස)
අපේ රට මෙතෙක් රැකුණේ දේශීය ක්‍රමවලින්.ඉදිරියටත් මෙවැනි ක්‍රම හොදයි. වරදට ක්ෂණික දඩුවම්... නමුත් මෙය හැමට එක හා සමානව ක්‍රියාත්මක විය යුතුමයි (නි)
බන්දුල හරියට හරි. (නි)
මේවා දැක්කහම අපිටත් පිස්සු හැදෙනවා (නි)
මේ මිනිසුන්ගේ ගෙවල් වලට නෙමෙයි ගිනි තියන්න ඕනෑ,මේ මිනිසුන්ව හසුරුවන ලොක්කන්ගේ දේපල තමයි ගිනි තියලා දාන්න ඕනෑ (නි)
ඇමරිකාවෙත් මිනි මරනවා, ඇමරිකාවත් වෙන රටවල මිනි මරනවා. කෝ එයාලට කළු පැල්ලම්. මේවා ඔක්කොම දුප්පත් අපේ රටට. බර්ලිනයේ කීදෙනෙක් අමු අමුවේ මැරුවද? කෝ කළු පැල්ලම්. අපි එකමුතු වෙලා රටේ නිදහස ගොඩනගමු. අපරාධ තුරන් කරන්න පසුබට නොවෙමු. (ස)
ගෙයක් වගේද මෙයාලා කරපු අපරාධ? ඒ හින්දා තමයි ගමේ අහිංසක මිනිස්සු මෙයාලගේ ගෙදරට ගිනි තිබ්බේ? පාරේ කිරිබත් උයන්නේ.මෙහෙම කිරිබත් උයන්න තරම් මිනිස්සු ඉන්නවා කියන්නේ එයා ගමටත් රටටත් අවශ්‍ය නොවන කෙනෙක්. (නි)
තිලක්- ඩුබායි .... සන්ජය් ගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඒක මඟ හරින්නේ නැතුව. යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර එපා..... (ස)
බන්දුල කියන පරිදි 71, 88/89 භිෂණය මර්දනය කළ බව පිළිගනිමි. නමුත් විනාශ වුණ අහිංසක ජිවිත දේපල කොපමණද ? එම කාලයේ සිදුවුණු කැළැල් තවම මිනිසුන්ගේ සිත්තුල පවතී. අපි විසින් නීතියට අතටගෙන දේපල විනාශ කරමින් දැගලීමෙන් ප්‍රශ්න නොවිසදේ (නි)
බුද්ධිමත් බන්දුල මහත්තයෝ, ප්‍රජාතන්තවාදය රකින රටක් ප්‍රශ්න විසඳිය යුත්තේ නීතිය මාර්ගයෙන් මිස ඔබ ඔය කියන කැළෑ නීතිය මගින් නොවේ (නි)
මා විසින් ඉහත සදහන් කළ පරිදි 83 ජුලි කලබල 88 භිෂණය වැනි දේවල් අපගේ ඉතිහාසයේ ඇතිවූ කළු පැල්ලම්ය. අප විසින් එමගින් පාඩම් ඉගෙන ගත යුතුය. දැන්වත් අපගේ පාලකයන් සහ ජනතාව බුදුන්ගේ ධර්මයට අනුව සොරකම , ප්‍රචණ්ඩත්වය ඉවතලා දසරාජ ධර්මයට අනුව කටයුතු කළොත් අපේ දියුණුවක් ඇතිවේවි. ප්‍රචණ්ඩත්වයට මුල්තැන දුන්නොත් අපේ රටත් සෝමාලියාවක් වීමට බැරි නැත. අපි මේ සදහා ආදර්ශයට ගත යුත්තේ ජර්මනිය නොව ආසියාවේ බෞද්ධ රටක් වන ජපන් රටය. සමහරුන්ට මගේ අදහස් වහ කදුරු මෙන් තිත්ත විය හැක. නමුත් ඇත්ත මෙයයි (නි)
තංගල්ලේ විදේශිකයා මැරූ අයට දඩුවම් දෙන්නෙ නැද්ද? (නි)
වාද විවාද වැඩක් නැහැ. අපරාධකරුවන්ට දිය යුතු දඬුවම් දෙන්න මැලිවිය යුතුත් නැහැ (නි)
මේ අපරාධයේ සැකකරුවන් සියලු දෙනා මේ විදිහට මියගියේ යම් නොපෙනෙන කරුණක් නිසයි කියලයි මට හිතෙන්නේ. (නි)
මමත් බන්දුල සමග එක්වෙනවා,මේ සම්බන්ධව. (නි)
ඇයි ඉතින් ගෙට ගිනි තියන්නේ.ඒ මිනිහා නැවත ඔතන පදිංචියට එන්නේ නැහැනේ. ජිවත් වෙන්න ගෙයක් නැතිවෙන්නේ අර අසරණ අම්මාට.දරුවෝ කරන වැරදි වලට අම්මලා පළි නැහැ. (නි)
මමත් ජිවත් වෙන්නේ ඇමෙරිකාවේ. නමුත් බන්දුල පෙරේරාගේ අදහස් මම අනුමත කරනවා. (නි)
[නම ඉස්සරහින් ලොකු රටවල් වල නම් දාන්නේ ඇයි? සෝබනේට? ගොඩක් වෙලාවට දකිනවා බෙර්ලිනය, ඕසට්‍රේලියාව, අරක මේක. නිකම් නම විතරක් දැම්ම නම් ඉවරයි නේද? අපිත් ඉන්නේ රට තමයි. ] ඉතින් ඔබගේ රටත් දාන්න කෝ දැනගන්න. සමහර අය රට ගියාම තිබුන පැරණි යල් පනපු අදහස් වෙනස් වෙනවා. හරියට මැඩියා ලිඳෙන් එලියට පැන්නා වගේ. ලෝකය දැක්කම හිතෙනවා අපි කොහෙද හිටියේ කියලා. ඒ ගැන ඊරිසියා කොරන්න එපා. මතුරට හිටියත් කමක් නැහැ කැමති නම් රට දාන්න. (ස)
ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මිනීමැරුම් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්.... මේ සියලුම දෙනාට මරණ දඬුවම දිය යුතුය්. නමුත් එය නීත්‍යානුකූලව කළ යුතුයි. (නි)
අපරාධකාරයෝ තුරන් වෙන එක හොදයි. හැමෝටම හොද පාඩමක් (නි)
මම මේක බලපොරොත්තු වුණා (නි)
මේ මිනීමැරුම කැටයම් චින්තකම කලා කියල හරියටම ඔප්පු උනානේ. පොඩි දරුවාගේ කට උත්තරයෙන්. ඉතින් විය යුතු දේ හරියටම උනා. (ස)
බන්දුල විවේචනය කරන්නේ විපක්ෂය විතරයි.මෙයාලා කරන හැමදෙයක්ම එයාට හරි (නි)
බණ්ඩා,ඔබගේ අදහස හරියටම හරි. (නි)