පසුගිය 26 වැනිදා කුලී ගමනක් යන මුවාවෙන් ගොස් පිටකෝට්ටේ ගැමුණු මාවතේ නිහාල් රංජිත් රත්නායක (60) කුලී රියැදුරා අවිස්සාවේල්ලේදී මරා කලවානේ වෙළකට විසි කැර ඇතැයි පොලීසිය කියයි.
කළුබෝවිල රෝහලේ ලෙඩකු රැගෙන යෑමට ඔහු කැඳවු කප්පම්කරුවන් ඔහු මරා දැමීමෙන් පසු ඔහුගේ දුරකතනයෙන්ම ඔහුගේ දුවට කතා කැර රුපියල් ලක්ෂ 20 ක කප්පමක් ඉල්ලා ඇත්තේ ඔහු පණ පිටින් සිටින බව කියමිනි. කප්පම් ගැනීමට නොහැකි වී ඇත.
මේ කල්ලිය කොටි සංවිධානයට සල්ලි හොයන බවට ලැබී ඇති තොරතුරු ද පොලීසිය බැහැර නොකරයි.
කලවානේ කුඹුරකින් ඔහුගේ සිරුරෙහි කොටස් කිහිපයක් ද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd