කොටි රූපවාහිනී සේවයේ නිවේදිකාවක වූ ඉසෙප්‍රියාගේ ජීවිත කතාව අලලා දකුණු ඉන්දියා සිනමා අධ්‍යක්ෂකවරයකු වන ගනේෂන් නිර්මාණය කළ ‘‘පෝර කලත්තින් ඔරුපු‘‘ හෙවත් ‘‘යුද පිටියක එක පුෂ්පයක්‘‘ චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය තහනම් කරමින් චෙන්නායි මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
චිත්‍රපටයට අසත්‍ය සිදුවීම් පාදක කර ගෙන ඇතැයි ඉසෙප්‍රියාගේ මව වේදරංජනී පැවරූ නඩුවකට අනුව චෙන්නායි පහළ අධිකරණයක් මීට පෙර අවස්ථාවකදී චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තහනම් කරමින් නියෝගයක් ලබා දුන්නේය.චිත්‍රපටයේ අධ්‍යක්ෂ ගනේෂන් එම නියෝගය අභියෝගයට ලක් කරමින් චෙන්නායි මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය විභාග කළ මහාධිකරණය මෙම නියෝගය පැනවූයේය.
නියෝගය පනවමින් මහාධිකරණ විනිසුරවරයා ප්‍රකාශ කර සිටියේ මෙම චිත්‍රපටයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට වුවමනාවෙන්ම පහර ගසා ඇති බව පැහැදිලිව පෙනෙන බවය.එවන් පදනමක් ඇති චිත්‍රපටයක ප්‍රදර්ශනය තහනම් කරමින් පහළ අධිකරණයක් ලබාදී තිබූ නියෝගය නිවැරදි බවද, විනිසුරවරයා වැඩිදුරටත් පැවසුවේය.
මෙවැනි අනවශ්‍ය ක්‍රියාකාරකම් වලින් වනුයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති මිතුදම පළුදු වීම බවද විනිසුරවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඉසෙප්‍රියා අත්අඩංගුවට ගෙන ඇයට බරපතල වද හිංසා පමුණුවා ඝාතනය කළේ යැයි චෝදනා කරමින් මෙම චිත්‍රපටය නිර්මානය කර ඇතැයි දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ උසාවිය අපේ සංහිඳියාව කඩන්න හදනවා කියලා නඩු දාමු. (බ)
ඉන්දියානු විනිශ්චයකාරතුමාට අමතක වෙන්න ඇති දැන් මෙහේ තියෙන්නේ යහපාලන ආණ්ඩුවක් කියලා. (නි)
මෙම චිත්‍රපටියේ මංගල දර්ශනය ප්‍රභාකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් අපායේදී තිරගත කරයි (නි)
වහාම ක්‍රියාත්මක වන පරිදි මඩු වලිගයක් අරන් මේ සංහිඳියාව නැතිකරන ඉන්දීය විනිසුරුට තලනු - ඉහල නියෝගයකි. (බ)
අපේ උසාවිය ඔහොම දෙයක් කිව්වොත් අර කොටින්ට කඩේයන, හමුදාව පෙන්නන්න බැරි සමහරු මොනවා කරයිද මන්දා... (නි)
ශෂික, කොටින්ට කඩේයන අය දැන් ඔයාට බැනලා අදහස් දමාවි. (නි)
වැඩි හොඳ නම් කොහොමත් හොඳ නෑ (බ)
ඉන්දියාවේ එහෙම වුනාට සංහිදියාව නිසා ලංකාවේ ඕක පෙන්නන්න බැරිත් නෑ (හේ)
හොඳ වැඩක්.(හේ)
මෙම සිනමා පටය ඉන්දියාවේ තහනම් කළාට මේ සිරි ලංකාවට ගෙනාවොත් නම් ප්‍රදර්ශනයට ඉඩ දේවි. (බ)
ඔබට දැන් සතුටුද? ඔව්, සතුටුයි. (නි)
අයියෝ! අපේ කට්ටියට ඔන්න කොටි නැගිටිනවා කියන්න තිබුණු අවස්ථාවක් ගිලිහි ගියා (නි)