රත්ගම පල්ලියපිටිය පර්යන්ත රෝහලට නව වාට්ටු සංකිර්ණයක් ඉදිකිරීමට ධානපති ව්‍යාපාරිකයකු වූ එස්.කේ.සෝමරත්න මහතා රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාග කර ඇත. ඇ
දන් විස්සකින් සමන්විත නවීන පහසුකම් වලින් යුතු මේ දෙමහල් වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් දැන් සිදුවෙමින් පවතී. රත්ගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආරියවංශ සම්මු මහතාගේ ඉල්ලීමකට අනුව මේ පරිත්‍යාගය සිදුකැර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝධිසත්ව පිලිවෙතකි. ඔබ තුමාගේ ක්‍රියාව අගය කරමු.(නදී)
මෙතුමාට මෙම කුසල බලය උපනිස්ශ්‍රය වීමෙන් භක්කුල මහ රහතන් වහන්සේට මෙන් ආයුරාරෝග්‍යාදී සම්පත් විඳිමින් දීර්ඝ කාලයක් ජීවත් වේවායි!!! සුභා පතමි. (අ)
ඇල් වපිරුවොත් ඇල් කපා ගන්නවා. අමු වැපුරුවොත් අමු කපාගන්නවා. ඒ කියමන අනුව මෙතුමා දෙලොවටම වැඩක් සිදුකරගෙන ඇත. හම්බ කරන දේ වැරදි දේට යොමුකරන දෙලොවටම වැඩක් නැති කොටිපතියන්ට මෙය කදිම ආදර්ශයක්. (අ)
'''යෝ ගිලානන් උප්පට්ටෙයිය , සෝ මන් උපට්ටේයිය ''', යම් අයකු ගිලනුන්ට උපස්ථාන කරයිද, හෙතෙම මට උපස්ථාන කරන්නේය.(බුදු රජාණන් වහන්සේ)මෙම ක්‍රියා බුදුන් දැකීමකි, පින් කැමති සැමට මෙම පින්කම් සදහා සහබාගි විය හැක.ඔබද නොපමාව මෙම පින්කමට දායක වී නිවන් සුව ප්‍රර්ථනා කරන්න.තෙරුවන් සරණයි සැමට)
හරිම සතුටුයි අහන්න ලැබීමත්.(නදී)
කෝටියෙන් කීයන් සාක්කුවලට යයිද? (ත)
ඉතා හොද වැඩක්.හමුදාව සහය කරගෙන ඉදිකිරීම් කරොත් තවත් ප්‍රතිපල දායක වේවි. (ත)
මේ පුවත දැකීමෙන් ඔබතුමා වගේ ධානපතියන් තවත් බිහි වේවා. (ත)
පින් කරන තැනැත්තා මෙලොවදීත් සතුටු වෙයි පරලොවේදීත් සතුටුවෙයි. (ස)
දයා දැන් ඕනෑ තරම් කෝටිපතියෝ ඉන්නවා ඔය වගේ වැඩ කරන්නේ නැහැ. (නදී)
මෙන්න මේ වගේ අය තමයි නියම ධානපතියෝ කියන්නේ. (ස)
" දීර්ඝ කාලයක් ජීවත් වේවායි" අනේ මම නම් එතුමාට නිරෝගී සුවය පතනවා. නමුත් වයසට යාම දුකක් නිසා බොහෝ කලක් ජීවත් වීම ගැන කියන්නේ නැත. තමන් ගේ වැඩ තමන්ට තනිවම කර ගන්න පුළුවන් තාක් කල් නිරෝගිව ජීවත් වන්න. (නදී)
ඔබතුමාට පිං. (ස)
ගොඩක් සන්තෝෂයි. මෙවැනි ධානපතියන්ගේ ඉදිරිපත්විම ගැන. (ස)
ඔබතුමාට නිරෝගී සැප සම්පත් ලැබේවා !!!! (ස)