
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ ජාවාරමෙන් උපයා ගත් බව කියන මුදල් තොගයක් සමග පුද්ගලයකු වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ගෑම් 14 විද්‍යුත් තරාදියක් සහ ජාවාරමෙන් උපයා ගත් බව කින රුපියල් පහළොස් ලක්ෂ හතළිස් දහසක මුදලක් ජංගම දුරකථන සහ ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක් ද පොලිස් බාරයට ගෙන ඇත .
දිගු කලෙක පටන් මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරි සැකකරු සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති (විශේෂ මෙහෙයුම් ) පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ LTTE ත්‍රස්තයින්ගේ අඩියක් අඩියක් ගානේ විස්තර දැනගත්තු හමුදාවට,CID එකට මේ මත්ද්‍රව්‍ය ජාලය නැති කරන්න බැරි ඇයි ? අන්තිමට බලද්දී හමුදා නිලධාරින් පවා මතට ඇබ්බැහි වෙන තත්වෙකට ඇවිත්. මේ තත්වේ තව දුරටත් යන්න දෙනවද? ආරක්ෂක ලේකම් හොඳ යුධ සෙනවියෙක්. ඔබතුමා දිවි පරදුවට තබා රැකගත්තු රට මේ කුඩු මුදලාලිලා ට භාර කරනවද ?? රටේ ආරක්ෂාව කියන්නේ යුධ ආරක්ෂාව පමණක් නොවේ, හොර සතුරු, මේවගේ පාතාල, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් රටේ දරුවන්, රටේ ආයතන ආරක්ෂා කිරීමත් ආරක්ෂක අමාත්යංශය යටතට යායුතුයි !! පොලිසියට බැරිනම් , STF එකත් එක්ක එකතු වෙලා ඔබ තුමාල කරන්න ,LTTE එක ඉවර කරා වගේ මේවත් ඉවර කරලම දාන්න !!