කොටි මිසයිල් ප්‍රහාරයකින් ඉරණතිවූ මුහුදු වැටී වසර 15කට පසු ගොඩගත් ඇන්ටනෝව් 24 ගුවන් යානයේ තිබී සොයාගත් එහි ගමන් ගත් මගීන්ගේ ඇඳුම් පැළඳුම් ද පාවාහන් ද වෙනත් බඩු බාහිර ද ඔවුන්ගේ ඥාතීන්ට හඳුනා ගැනීම සඳහා අද යාපනය පැරණි නගරසභා ක්‍රීඩාංගනයේ දී ප්‍රදර්ශනයට තැබිණි.
කොටි ප්‍රහාරය එල්ල වන විට එහි කාර්යමණ්ඩලය හත් දෙනෙක්ද මගීහු 48 දෙනෙක් ද ගමන් කළහ. එම සියලුම දෙනා මියගියහ. අත්අඩංගුවට ගත් කොටි සමාජිකයකුගෙන් ලැබුණු තොරතුරක් මත පසුගිය වසරේ මැයි මාසයේ එහි කොටස් ගොඩගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රායප්පු ජෝශප් මේ සිද්දියට මොකද කියන්නේ. ? (නදී)
ආයෙත් අපේ ඇස් වලට මෙවන් දසුන් දකින්න නොලැබෙවා (දී)
සහතික ඇත්ත රෝමා.(නදී)
රායප්පු ජෝසෙප් කියයි මේවා මාළුන්ගේ ඇටකටු කියල. (නදී)
මේවා යාපනයේ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ, මෙහි ගමන් කරලා තියෙන්නේ යාපනයේ මිනිසුන්ද? (නදී)
රායප්පු ජෝශප් දැන් මොකද කියන්නේ. ඇමරිකාවට එන්න කියල පෙන්නමුද ඔහේ කියපු බොරු ටික. ශ්‍රී ලංකාවේ ඉදගෙනම ශ්‍රී ලංකාව විනාශ කරන මේ අය ආගමටත් නින්දා කරන හොරු. (නදී)