යුද්ධයේ අවසන් පැය 12 දී උතුරේ වැසියන් මරා දැමුවේ එල්.ටී.ටී.ඊ සංවිධානය බව සාක්කි ඔස්සේ තහවුරු වී ඇතැයි අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ පරණගම කොමිෂන් වාර්තා වේ සඳහන් වේ.
පරණගම කොමිෂන් වාර්තාව සහ දරුණු ගණයේ මානව හිමිකම් කඩවීම පිළිබඳ සොයා බැලීමට පත් කළ උදලාගම කොමිෂන් වාර්තා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) සභාගත කළේය.
යුද්ධය පැවැති කාලයේදී මෙරට මානව හිමිකම් කඩවීම සම්බන්ධව සොයා බැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කළ යුතු බව උදලාගම කොමිෂන් වාර්තාව නිර්දේශ කර තිබේ.
සෙංචෝලේහිදී 51 දෙනකු ඝාතනය වීම, ප්‍රංශයේ රාජ්‍ය නොවන සංවිධානයක 17 දෙනකු ඝාතනය වීම, මූතූර්හි මුස්ලිම් ජාතිකයන් ඝාතනය වීම ඇතුළු සිදුවීම් 16ක් පිළිබඳව උදලාගම කොමිසම විමර්ශනය කර ඇත.
පරණගම කොමිෂන් වාර්තාවට අනුව යුද්ධයේ අවසන් කාලයේදී මියගිය සිවිල් ජනතාවගේ මරණ වලට මූලික වශයෙන් වගකිව යුත්තේ කොටි සංවිධානය බව එහි සඳහන් වේ.
එල්.ටී.ටී.ඊ සිය යුදමය අරමුණු තහවුරු කරගැනීම සඳහා සිවිල් ජනතාව තුන් ලක්ෂයක ප්‍රමාණයේ සිට තුන් ලක්ෂ තිස් දහසක් දක්වා සිය භාරයේ රඳවා තබා ගනිමින් ඔවුන් මරා දැමීමට කටයුතු කර ඇතැයි ද පරණගම වාර්තාවේ දැක්වෙයි.
ශ්‍රී ලංකා යුද හමුදාවට සමූල ඝාතන චෝදනා එල්ල කිරීම ප්‍රතික්ෂේප කරන පරණගම කොමිසම දරුස්මාන් වාර්තාව ද වැරැදි සහගත බව ප්‍රකාශය කර සිටියි.
අන්තර්ජාතික යුද අපරාධවලට රජය ලක් කිරීමේ චේතනාවෙන් දරුස්මාන් වාර්තාව සකසා ඇතැයි පවසන පරණගම කොමිසම සිවිල් ජනතාව 40,000ක් මියගිය බවට දරුස්මාන් වාර්තාව සඳහන් කර ඇතත් එවැන්නක් පිළිගත නොහැකි යැයි ද පවසයි. දරුස්මාන් වාර්තාව ඒ බව පවසා ඇත්තේ ආරංචි මාර්ග ඔස්සේ යැයි පරණගම කොමිසම කියා සිටියි.
අතුරුදන් වූවන් පිළිබඳ සොය බැලීමට කාර්යක්ෂම යාන්ත්‍රණයක් අදියර කීපයක් ඔස්සේ ස්ථාපිත කළ යුතු බව නිර්දේශ කරන පරණගම කොමිසම අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට අදාළ නඩු කටයුතු කඩිනම් කළ යුතු බව ද දක්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයා පැනගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැනේ (නි)
මෙතන ටික දෙනෙකුට ඕනෑ "හමුදාව අහිංසකයන් මැරුවා" කියලා කියනවා දකින්න බව අදහස් වලින් පෙනෙනවා. රටට මොනවා වුණාම මොකද තමන්ට සන්තෝෂයිනේ. (නි)
කෝ ඔය වාර්තාවේ අපි බලාගෙන සිටි සමහර ඒවා නැහැනේ. අපි හිතනවා සියළු විස්තර හෙළිකරයි කියලා (නි)
අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීමක්..(රේ)
ශ්‍රී ලංකාව දෙස වපර ඇසින් බැලු සමහර රාජ්‍යයන් ගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන්න..(රේ)
බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
අසංක මල්ලි බලාගෙන..ඔය වයසක මනුස්සය මුරුංග අත්තේ තියන්නේ..අත්ත කඩා ගෙන වැටිලා පස්ස බිම අනුනොත් ආයේ ඉස්පිරිතාලේ ගෙනියන්න දෙයක් ඉතුරු වෙන එකක් නැහැ..අපි නොදන්නා බුද්ධිමතා. (අ)
මා සැම විටම ගරු කරනවා මගේ හිස මුදුනින් මාගේ මාපිය දෙපළ හැර. ඒ නම් මා දුටු එකම දෙවියන් ස්වභාව ධර්මයයි ..එය..සැමදාම සත්‍ය දිනුවෝ දනිති..!!!!!(ම)
මරණ බියෙන් තොරව ජීවත් වන්නට හා ජීවත්වීමේ අයිතිය ලබාදුන් ආදරණීය රණවිරුවන් හට මාගේ උත්තමාචාරය. මියගිය රණවිරුවන්ට නිර්වානයත්, තුවාල ලැබූ හා ආබාධිත රණවිරුවන්ට නිරෝගි සම්පත් ලැබේවා කියා පතමි.! (ර)
මට හතර කොනින් හිනා. රනිල්ගෙන් ඉල්ලගෙන කනවා කියන්නේ මේකට තමා. රනිල් එක්ක හැරෙන්නවත් කාටවත් බැහැ. ජය වේවා විශිෂ්ට බුද්ධිමත් අගමැතිතුමනි. (බ)
යූ එන් ගිහින් රටම පාවල දීල ඇවිත් දැන් පාර්ලිමේන්තුවේ බබා පාට් දානවා... ඇයි මේ වාර්තාව කලින් එලියට නොදැම්මේ? දැන් වෙන්න ඕනි ටික වෙලා ඉවරයි...(බ)
කැලේ වෙනස් වුනත් කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නෑ වගේ සමහර අය රනිල් වික්‍රමසිංහ මහත්තයට ගහන කොටි-හිතවාදී හංවඩුව කවදාවත් වෙනස් කරන්නේ නෑ. අගමැති තුමා, කොටි තමයි මිනී මැරුවේ කියල සරල සිංහලෙන් කියද්දී ඒකෙත් ඇදයක් හොයන්න බලනවා. ඔය අන්ධ ජාතිවාදයෙන් ගැලවිලා රටට හොඳක් වෙනකොට සතුටු වෙන්න. (රේ)
ජිනීවා කතා අස්සේ වාහන වල බදු වැඩි කරන්න යනවා කියල කතාවක් තියෙනවා. අපි ඉන්නේ අනුරාධපුරේ. පහුගිය කාලේ ලංකාව පුරා විශාල වියදමක් දරලා මාර්ග පද්ධතිය අලුත්වැඩියා කළා. අලුතෙන් පාරවල් හැදුවා. මේ පාරවල් වල වාහනයක් යන්නේ හාවා හඳ දකිනවා වගේ. හරිම කලාතුරකින්. මේ පාරවල් වලින් ප්‍රයෝජනයක් ගන්න වාහන බදු ඉවත් කරලා රටට වැඩිපුර වාහන ගෙනෙන්න දෙන්න. කොළඹ තදබදය අඩුකරන්න. කොළඹට ඇතුළුවන පුද්ගලික වාහන වලින් බද්දක් අයකරන්න. එතකොට කොළඹ යන අය බස් වල යාවි. කොළඹින් පිට යන අය වාහන වල යාවි. මේක තමා හරිම විසඳුම (බ)
කොටියා මිනී මරලා .....? වෙන්න බෑ....? (ම)
පෙරහැර ගියාට පස්සේ අලි බෙටි ඇහිදිනවා....(රේ)
අයියෝ නිමල්, අපි මේ රට අපකීර්තියෙන් බේරාගන්න එක ගැන කතාකරනවා. ඔයා වාහනයක් ගැන කියනවා. ලැජ්ජා නැද්ද? (නි)
මේකේ තියෙන්නේ කොටින්ට අවාසි කාරණා නම්, මහින්ද මහත්තය මොකද මේ වාර්තා දෙකම අස්සේ ගහගෙන හිටියේ? (අ)
නිමල් යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් නේ ඔයා කියන්නේ.අනික අනුරාධපුරේ වාහන නැහැ කියන්නේ දැනට අවුරුදු 10 - 15 කට කලින් නම් අනුරපුරේ වාහන නමුත් දැන්? අනේ මන්ද මේ නිමල් කොහේ ඉන්න කෙනෙක්ද කියල. (අ)
සාමා , ඔය හිතාගෙන හිටියේ මොනවා තියේවි කියලද? (නි)
වර්තමාන රජය මේ වාර්තා පාර්ලිමේන්තුවට නිල වශයෙන් ඉදිරිපත් කිරීම ඉතා හොඳයි. නමුත් ඒ සමඟම ප්‍රශ්නයක් පැන නඟිනවා නේද පහුගිය රජය ඇයි මේ වාර්තා ඉදිරිපත් නොකර හිටියේ කියලා. රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ කොමිසම් පත්කරලා ලබාගත්ත වාර්තා ඉදිරිපත් නොකළේ තමුන් විසින් පත්කළ කොමිසමේ වාර්තා තමුන්ටම පිළිගැනීමට බැරි නිසාද? එහෙමත් නැත්නම් මේ වාර්තාවල සැඟවිය යුතු දේ තිබෙනවද? (නි)
නිමල් කියන දේ ප්‍රවෘත්තියට අදාළ නැති වුණත් හරියට හරි. (නි)
කොටි අසරණ මිනිස්සු මැරුවද? සමහරු නම් හිතාගෙන ඉන්නේ ඒ අය අහිංසක පූස් පැටව් ගානට (නි)
රනිල් මහතා මේ වාර්තා සභාවට ඉදිරිපත් කළ පමණින් ඔහු එහි අන්තර්ගතය පිළිගන්නා බවක් පෙන්නුම් කරනවාද කියා මට ඇත්තේ ප්‍රශ්නයක් (නි)
යමක් නිවැරදිව වටහා ගන්න මහජනයා වන අපි බුද්ධිමත් වියයුතුයි. (නි)
ඇති යන්තම් (බ)
තරු, කොහොමහරි ඔය අසනීපය තාවකාලිකව හරි සනීපකරගන්න බලන්න (නි)
දරුස්මාන් වාර්තාව වැරදිය කිව්වට මදි වැරදිබව ජිනීවා මණ්ඩලයට ඔප්පුකර පෙන්විය යුතුය .ඔවුන් පිළිගන්නේ කාගේ වාර්තාවද කියනඑක ඉදිරියේ ඇති ප්‍රශ්නයක් (බ)
අංගොඩ ලාල්, ඔය වාර්තාව බාරදීපු දවස ගැන ඔයා දැනුවද්ද? (නි)
ලාල්, ඔයා නම් ඉන්නේ හරිම තැන!! (නි)
ඒතකොට බීබීසී සිංහල නිව්ස් වල තියෙන්නෙ බොරුද? (බ)
බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. (ර)
සත්‍යය සැමදා ජයගනී (නි)
නියම කතාවක් මහත්තයෝ. ජයවේවා! (නි)
වසන්ජය, අපි මොකටද දරුස්මන් වාර්තාව වැරදියි කියල ඔප්පු කරන්නේ. පුළුවන් නම් එක හරි කියල එගොල්ලෝයි ඔප්පු කරන්න ඕනේ. අපි කියන්නේ අපේ වාර්තා හරිකියල. ඒවා ඔප්පු කරන්නත් පුළුවන්. මොකද දරුස්මන් වාර්තාව හැදුවේ මොන තොරතුරු අරගෙනද? අඩුමගානේ ඒ පලාතටවත් ගිහිල්ලද? නැහැනේ! (අ)