කොළඹ කොම්පඤ්ඤවීදියේ සම්පත් බැංකුවෙන් රුපියල් කෝටියක රට සල්ලි රැගෙන යද්දී කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ පොලිසියේ සිව්දෙනා හඳුනාගැනීමේ පෙරෙට්ටුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් උසාවියේදී අදත් නොපැවැත්විණි.
මීට සම්බන්ධ බව කියන පොලිස් පරීක්ෂක වරයාත් උප පරීක්ෂක වරයාත්, කොස්තාපල් වරුන් දෙදෙනාත් ලබන 30 වැනිදා තෙක් යළි රිමාන්ඞ් කරනු ලැබූහ.
වැල්ලවත්ත රට සල්ලි හුවමාරුවක් පවත්වාගෙන යන කනපතිපිල්ලේ තෙවනේස්වරන් මහතා බැංකුවෙන් මුදල් රැගෙන යද්දී මේ කොල්ලය සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ! ඇයි මන්දා මෙයාලට ඇප දෙන්නේ නැත්තෙ (නි)
බයේ බැහැ මට, ඔය අතරවාරෙදි අර උපදෙස් එයිද කියලා? (නි)
මුණු අමතක වනතුරුම පෙරෙට්ටුව කල්දමයි.(නදී)