2007 ඔක්තෝබර 22 වැනි දා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයෙන් රුපියල් කෝටි 400ක අලාභයක් සිදු වූ බව අනුරාධපුර විශේෂ මහාධිකරණයේ දී අනාවරණය විය.
එම ප්‍රහාරයෙන් ගුවන් යානා 16කට හානි සිදු විය.
ආරක්ෂක අංශ සාමාජිකයෝ 14 දෙනෙක් මිය ගියහ.
ප්‍රතිප්‍රහාරවලින් එල්ටීටීඊ සාමාජිකයෝ 21 දෙනෙක් ද මැරුම් කෑහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2007 ඔක්තෝබර 22 වැනි දා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ මේ එල්ටීටීඊ ප්‍රහාරයට සම්පුර්ණයෙන්ම වගකිවයුතු වෙන්නේ ඒ දිනවල පැවති රජයයි. රජයකට බුද්ධි අංශයක් තිබෙන්නේ සිදුවිය හැකි ප්‍රහාර ගැන ආරක්ෂක ලේකම්ට හෝ ඇමතිවරයාට කල්තියා දැනුම්දී එවැනි ත්‍රස්තවාදී ප්‍රහාරයක් වැළැක්වීමට හැකි සෑම පියවරක් ගැනීම හෝ ප්‍රතිප්‍රහාරයක් එල්ලකර ත්‍රස්තවාදීන් විනාශකර දැමීමයි. මෙහිදී එවැනි කිසිදෙයක් සිදුවී නැති බව පැහැදිලිවම පේනවා. නැත්නම්, රටට මෙවැනි අපරාධයක් සිදුවුණ මොහොතක ඒ වගකිවයුතු අය නිදා සිටියාද කියා අපට අසන්නට වෙනවා. (නි)
දැන් එෆ්සීඅයිඩී යවමු (බ)
ඒවා දැන් කාටවත් මතක නැහැනේ. දකුණේ අය කොච්චර බයෙන්ද හිටියේ? අපේ අයට දැන් වගක් නැහැ (නි)
සැකකරුවන් සියලු දෙනාටම දැඩි දඩුවම් දෙන්න.(හේ)
අපරාදේ! (හේ)