
(ටී.කේ.ජී.කපිල )
ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළට අද (05) උදෑසන පැමිණි සංක්‍රමණික ගුවන් මගී කාන්තාවකට , ගුවන් තොටුපොළ තුළ දී දරු ප්‍රසූතියක් සිදු වී තිබේ .
ඇය 29 හැවිරිදි ටැන්සානියානු ජාතික කාන්තාවකි .
ඇය අද උදෑසන 06.2 30 ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී. - 822 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැදී සිට තිබේ .
එහිදී ඇයට දරු ප්‍රසූතිය සදහා පූර්ව ලක්ෂණ සහිත ප්‍රසව වේදනා ඇති වීමත් සමගම , ඇය වහාම කටුනායක ගුවන් තොටුපොළ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර තිබේ .
එහිදී එම වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ සහාය මත ඇය පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබේ. ඉන්පසු එම මව සහ දරුවා වැඩිදුර ප්‍රතිකාර සදහා මීගමුව මහ රෝහලට කටුනායක ගුවන් තොටුපොළ ගිලන් රථයක් මගින් යොමු කිරීමට පියවර ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මට කියන්න පිරිමි දරුවෙක් නමි ලංකාපුත්‍ර සහ ගෑනු දරුවෙක් නම් ලංකිකා කියන නම දාන්න කියලා. පිරිමි දරුවෙක් නම් මම වඩාත් කැමතියි. ලංකාපුත්‍ර කියන්නේ මගේ නමනේ ඉතින්.