කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක පිවිසුමෙන් පා පැදියක් ඇතුළු කැර සීදුව පිටවීමේ පිවිසුම දක්වා එය පදවාගෙන ගිය පුද්ගලයකු පා පැදියද සමග අත්අඩංගුවට ගෙන මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෞද්ගලික ඇප මත මුදා හළ බවත් ලබන වසරේ අප්‍රේල් 21 වැනිදා ඔහුට විරුද්ධව නඩු පවරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
කටුනායක පිවිසුමේ රාජකාරි කළ පොලිස් කොස්ථාපල්වරු දෙදෙනාගේ වැඩ තහනම් කළ බව ද මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහස් දාන සමහරු ඇත්තටම මෝඩයෝද කියලත් හිතෙනවා. නිකමට හරි වාහනයක් ඔය මිනිහව යන්තමින් හරි ගාවගෙන ගියා නම් මොකද වෙන්නේ? කල්පනා කරන්න මිනිසුනේ.(නදී)
මේ පාපැදිකරුට කාත් කව්රුත් නැතිලු ඇප දෙන්න.(නදී)
ළහිරු මමත් බයිසිකල් එක ගුවන්තොටුපොළ පැත්තේ සිට ඇවිත් වේගයෙන් අදිවේගය පැත්තට දාන්න වගේ ඇවිත් ටක් ගාලා වමට කැපුවා. පව් එතන හිටපු රාළහාමි ගැස්සුනා.(නදී)
අලුත් වාර්තාවක් තබන්න යන්න ඇති. මම තමා අධිවේගී මාර්ගයේ පා පැදියක් පදවාගෙන ගිය මොඩයා කියලා.(නදී)
මේක මටත් උනා. මෙතැන අදිවේගය කියලා දැන්වීම් පුවරු දාලා නැති නිසා මමත් මෝටර් සයිකලය දැම්මා.(නදී)
මේකනම් නොදැනුවත්කම කියා ලියන්න අපහසුය. සිතා මතා කරන මෝඩකම්. නඩු දැම්මට පස්සසේ තේරෙයි තමන් කල ගොන්කමේ විපාකය. පොඩ්ඩක්වත් හිතනවද අපේ මිනිස්සු රටේ නීතියට ගරුකළ යුතුයි කියා. වාහන පැ.කි.මී. 100 ක වේගයෙන් ගමන් කරනවිට මෙම පාපැදිය අනතුරකට ලක් වුනා නම්? නීතිය නොදන්නවා විය හැක නමුත් අනතුරේ බරපතලකම නොදන්නවාද? අනේ මිනිසුනේ රටක නීතියක් තිබෙන්නේ අපේ යහපතට මිසක් රජයට වාසියකට නොවේ. තමුන් කරන්නේ කුමක්ද කියල වත් ටිකක් කල්පනා කරන්න. (නදී)
මේ පාරේ බයිසිකලෙන් ගිය කෙනත් මෝඩයෙක්. ඒක හරි කියන අය ඊට වඩා මෝඩයෝ.(නදී)
නැකතටද නඩු දාන්නේ.(නදී)
රාලාහාමිලාටත් ඉතින් රෙඩ් බුල් එකක්වත් බොන්ඩ හොඳ පඩියක් ගෙවන්න. නැත්නම් එයාලටත් නිදිමත එන එක සාදාරණයි ? (නදී)
අධිවේගයේ වාහන වලට බාධා වෙන්නත් ඇති. (නි)
මහජනතාවගේ නොදැනුවත්කම මෙන්ම නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව විදහා පෑ තවත් අවස්ථාවක්. (නදී)
මොනාලිසා , මේකට නඩු දාන්න ඕන මේ පාරේ ඇතුල්වෙන තැන් ඩිසයින් කරපු අයට. කිසිම පිවිසුමක පාලනයක් නෑ. සාමාන්‍ය පාරේ ආවම ඒ කෙලින්ම ඇතුල් වෙන්න තියෙන්නේ ඒ පාරම දිගටම යනවා වගේ. ඉතින් දැන් පැය 24 ම පොලිස් නිලධාරීන් දෙන්නෙක් පාරේ ඇතුල් වෙන තැන් වල දෙපැත්තේ හිටවල තියන්න වෙලා. ත්‍රී විල් , බයිසිකල් විතරක් නෙවි වෙන පාරවල් වල යන එන කාර් පවා කොළඹ පැත්තෙන් වැරදිලා ඇතුල් වෙනවා. ට්‍රේල් ගේට්ටු තියෙන්නේ පාරේ බාගයක් ගියාම. ඒක කමක් නෑ කියමු. නමුත් ඇතුල් වෙන් තැන් වල යම් පාලනයක් , ලකුණක් තියන්න ඕනා.(නදී)
හරියට හැදුවේ නැති වුනාම වන්දි ගෙවන්නේ අහිංසක පොලිස් පොඩ්ඩෝ. මේ පාරේ ගියා නම් මේ විකාරේ බලා ගන්න පුළුවන්. ඕන කෙනෙක්ට ඇතුල් වෙන්න පුළුවන්. කිසිම බාධකයක් පැහැදිලි ඇතුල්වීම් පාලන ක්‍රමයක් හදල නෑ. (නදී)
සංජීව, ලාල්, ඔබ දෙන්නම කියන දේ හරි මේක විවෘත කරන කොට කියන්න තිබුනේ ජනතා අයිතියට පත් කරනවා කියල නොවේ. මහජනතාව කියා හඳුන්වන්නේ පදිකයන්, පාපැදි යතුරුපැදි ත්‍රී වීල් හිමියන් ද ඇතුළු සියලු දෙනාටමයි කාර් හිමි පොහොසත් අය පමණක් නොවේ. මීට අවුරුදු ගණනකට පෙර රියදුරු බලපත් (පොත) අවලංගු කරපු වෙලාවේ කෙනෙක් උසාවියට ඔප්පු කලා ''රිය පැදවීමේ ප්‍රවීණතා සහතිකය"" කියන එක එක එක්කෙනාට ඕන හැටියට අවලංගු කරන්න බැරි බව. ඒ වගේ මෙතෙන්දිත් මේ මහජනතාව කියන වචනය මේකට යොදාගත් නිසා මේකේ ඕන කෙනෙකුට ඕන විදියට යාමට නීතියෙන් බාදාවක් නැහැ. (නදී)
මෙම කටුනයාක කොළඹ අධිවේගී මාර්ගය ජනතාවට ඇරපු දවසේ සිටම මේකේ ත්‍රි වීලර් සහ මෝටර් බයිසිකල් අවසර නැතුව දමා අසුඋනා. දැන් පාපැදියක් . මිනිසුන්ගේ මොලේට මොනවා වෙලාද ? රටේ හෝ මහාමාර්ග නීති රීති නොදන්නා කමද. නැති නම් උවමනාවෙන් කරනවද ? (නදී)
මොකද්ද මේකෙ වැරැද්ද? අධිවේගය දැන් ජනතා අයිතියට පත් කරලනේ. ජනතාව තම අයිතියට පත් කරපු පාර දිගේ යනවා. (ත)
එහෙම කල දෙගොල්ලොටම නිතිය ක්‍රියාත්මක කළ එක හොඳයි. මේ අය නිසා වෙන්න තිබුන විනාසය නොවුන එකත් හොඳයි. මෙය නොදන්නා කමට කළ වැඩක් විය නොහැක. උපරිම දඬුවන් දෙමු.(නදී)
මම දැනගෙන හිටියේ නැහැනේ සීදුවෙත් පිවිසුමක් තියෙනවා කියලා.(නදී)
අපේ මිනිස්සු මෙච්චරම නුගත්ද? (නදී)
අධිවේගී මාර්ගයේ පාපැදියෙන් යාම කාටත් අනතුරු දායක බව ඇත්ත, නමුත් රටේ මුදල් බිලියන වලින් වියදම් කර එක් සුවිශේෂ පන්තියක් මහා මාර්ග වලටයි, රටේ සියලුම සම්පත් වලට පුර්ණ අයිතිය පවරා ගෙන ඉන්නකොට දුප්පත් මිනිහෙක් ඔය වගේ වැඩක් නොකර ඉඳියිද? (අ)
නුගත්කමට වඩා මහන්තත්වයයි තියෙන්නෙ ප්‍රභා. (නදී)
සංජීව, ඇයි ඔහොම මෝඩ කතා කියන්නේ.(නදී)
"සංජීව, ඇයි ඔහොම මෝඩ කතා කියන්නේ." මෝඩ අය මෝඩ කතා නොකිය වෙන මොනවා කියන්නද? ඇයි අනේ.(නදී)
මෙන්න රටේ නීතිය ක්‍රියාත්මක වන්න පටන් අරන්. (නදී)
අර මුල් දවස් තුනේ දී මේ පිටුවේ දාල තිබ්බනේ "නුඹට පුතේ හෙටක් ඇතේ" කියලා . අනේ සමාව දෙන්න ඔය අසරණය හිතන්න ඇති ජනතා අයිතියට පත්කළා කියන්නේ එයාටත් අයිතියි කියලා.(නදී)
අනේ මන්දා! මට නම් හිතෙන්නේ මේවා මිනිසුන් රටේ ප්‍රසිද්ධ වෙන්න කරනවාද කියලා (නි)
පුදුම වැඩේ කියන්නේ එතන හිටපු නිලදාරින්ගෙන් අවසර ලැබුන හැටි. එහෙම නැතුව ඒ ගොල්ලන්ට හොරෙන් වෙන තැනකින් ඇතුළු උනාද? කොහොම උනත් මට දුක රාජකාරියේ හිටපු පොලිස් නිලදාරීන් දෙන්න ගැන. (නදී)
මේ සැරේ අපි එයාපෝට් ආවේත් මේ පාරෙන් හරිම හොද වැඩක්. මේ අපේ රටද කියල ආඩම්බරයකුත් දැනුණා (දිල්)
මේකට වැරදීකාරයෝ තමයි පොලිස් නිලදාරීන් දෙන්නා.(නදී)