සිසිලි කටානියා විහාරස්ථානයේ අලංකාරවත් පොසොන් උත්සවය විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයේන් පසුගිය සති අන්තයේදී පැවැත්විණි.
කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය කිරින්දේ පේමසිරි හිමියෝද, කතානියා නගර සභා නියෝජිතයෝ ද විශේෂ ආරාධිතයෝ වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොහාන් කිව්වා වගේ ලංකාවේ හැම දෙයක්ම එහෙ ගිහින් කරනකොට සුද්දෝ ඒවා උපහාසයට ලක් කරන්නත් බැරි නැහැ තමයි (නි)
සේනක සිඩ්නි ඇස් පෙන්නේ නැත්නම් කන්නාඩියක් දමාගෙන දෙවන පින්තුරය බලන්න
පෙරහැරේ ඇදකුද බලන අයටත් හිනාවෙන අයටත් එක්ක තමයි බොරු කකුල්කාරයෝ නටන්නේ, පොලවේ පය ගහලා නොයනවට සමහරු. (නි)
ආගමක් ජාතියක් නැති පිස්සන්ට නම් මෙව්වා පිස්සු වැඩ වගේ නේ පෙනෙන්න්නේ. එත් සුද්දන්ටනං මේ වගේ දේවල් හරි වටිනවා. පොසොන් දවසේ තියන වටිනා කමවත් දන්නවද මෙහෙම ලියන මෝඩ අය.(නදී)
ලංකාවේ බෞද්ධයන්ට යුරෝපයේදී ඇති නිදහස ලංකාවේ, මියන්මාරයේ හා අන්‍යාගම් අදහන සුලුතරයට ඇත්තටම දැන් තිබේද? (නි)
නිහාල් ලංකාවේ අන්‍යාගම් අදහන සුළුතරයට තිබෙන නිදහස අන් ආගම් අදහන අයට අරාබි රටවල තිබේද කියන්න.(නදී)
ලෝකේ කොහේ හිටියත් හැම රටකම මිනිස්සු තමන්ගේ සංස්කෘතියට සහ භාෂාවට ආදරය කරනවා. රොහාන් වගේ කල්ලතොනින්ට ආගමක්, සංස්කෘතියක් විතරක් නොව හරි හමන් අම්මා තාත්තා කෙනෙක් වත් ඉන්න විදියක් නැහැ.(නදී)
අනුන්ට ඊර්ෂියා කර කර ඉන්නේ නැතිව මේ කියන අයත් මේ වගේ හොද වැඩක් කෙරුවොත් නරකද? දැන්වත් රටට ජාතියට ආගමට වැඩක් නැති විදියට ජිවත් වෙන්න බලන්න. දුවන කෝච්චි වලට බෙලි තියන්න යන්න එපා.(නදී)
මේවා දැකලා සුද්දෝ හිනා වෙනවා ඇති. පිස්සු වැඩ බුදුහාමුදුරුවෝ කවදාවත් මේ වගේ මෝඩ වැඩ කරන්න කියලා නැහැ. අපේ සිංහලයෝ බුද්දාගම කනවා.(නදී)
අපි සිසිලි පන්න්සලෙන් වේන් වෙලා වෙන පන්සලකට ගියත් තාමත් මම ගරු කරන්නේ සිසිලි පන්සලට. මේ කරපු පොසොන් පෙරහැර හරිම වටිනවා. අපි අවරුදු ගානක් පන්සලේ හිටියට මේ වගේ ලස්සන වටිනා පෙරහැරක් කර ගන්න බැරි උනා. මම කතෝලිකයෙක් උනත් සිසිලි පන්සලේ කෙරෙන ආගමික දේවල් හුගක් අගය කරනවා ගරු කරනවා.(නදී)
මොකක්ද මේ දෙපැත්ත කන වැඩ කරන්නේ. ඔයා මෙහෙම කෙනෙක් කියලා දැන ගත්ත එකත් හොදයි.(නදී)
ලංකාව ඇතුලෙත් අනිත් ආගම් වලට කරන බලපෑම් වලට ලබා දුන් හොද පිළිතුරක්, හුදෙක් ආගම වචනය පමණක් සීමාකර ඇති මිනිසුනි , ආගමේ කියන්න විදියට ක්‍රියා කරන එක තම නියම ආගමේ ඇදහීම කියන්න , (අ)
ශ්‍රද්ධාව ඇතිකරන මේ වගේ පෙරහරක් සංවිධානය කිරීම ගැන කටානියා වල ඉන්න අපේ බෞද්ධයන්ට අපේ ප්‍රණාමය පලවිය යුතුය. කොතැනක හෝ බුදුන්ට හරසර දක්වා පිංකමක් කිරීම වරදක් ද? මේ වගේ පිංකමක් ඉතාලියේදී කිරීම ඉතාම දුෂ්කර කටයුත්තක්. ස්වාමින් වහන්සේ ඇතුළු දායක සභාවට මගේ ප්‍රසාදය පලකරමි. තෙරුවන් සරණයි ! (නි)
සජිත් බොහෝ සුද්දෝ දළදා පෙරහැර බලන්නම ලංකාවට එනවා වියදම් කරගෙන .එවැනි සංස්කෘතික අංග අගේ කර පොත් පත් රැසක් ලියා තිබෙනවා.බටහිර රටවල් වල අප්ප්‍රිකා - ආසියා සංස්කෘතික අංග අගේ කර ඒවා පවත්වාගෙන යාමට ආධාර උපකාර කරනවා.ඔබ වැනි මන්දබුද්ධික කීප දෙනෙක් හිනා උනාට උගත් බුද්ධිමත් අය එසේ හිනා වෙන්නේ නැහැ.(අ)
බුද්ධාගම විකෘති කිරීම අනුමත කළ නොහැක. බුද්ධාගම විකෘති කර අපි හරි බණ කියන්නේ, අනිත් හාමුදුරුවන් වැරදි බණ කියන්නේ කියලා දේශනා කරන එකත් දැන් කලාවක්. මෙවැනි එක පාර්ශවයක ධර්ම දේශනාව අවසන් වෙන්නේ බුදුහාමුදුරුවන් මස් කෑම වරදක් නොවන බව දේශනා කළ බව කියමිනුයි. සුදු වතින් ගත වසා ගත්තත් මස් කෑමට දැඩි කෑදරකමක් දක්වන උපාසකයෝ පෝලිං පිටින් මේ ස්ථාන වලට ඇදෙන්නේ තමන්ගේ මවාගත් උපසකත්වයට මෙවැනි ස්ථාන වලින් අභියෝගයක් එල්ල නොවෙන නිසයි. (නි)
පොසොන් පොහොයයි කාවඩි නැටුමයි අතර තිබෙන සම්බන්ධය කුමක්ද? (අ)
ඉතාලි කාරයෙක් පාරකවත් පේන්න නැහැනේ. ඇත්තටම මේ ඉතාලියේද? (අ)
හරිම ලස්සනෛ අවම සම්පත් ප්‍රමාණයකින් දැකුම්කලු පෙරහරක් නිර්මාණය කිරීම ගැන සීලානන්ද හාමුදුරුවන්ටත්,විහාරස්ථානයේ දායක මන්ධලයටත් උදව් කලසමටත් ගොඩක් පින් තව තවත් ධෛර්ය වැඩිවී සිසිලි බෞද්ද විහාරය දියුණුවෙන් දියුනුවටම පත්වේවා. (අ)
සිසිලි බෞද්ධ විහාරය ගැන අපි ආඩම්බර වෙනවා අගය කල යුතු වැඩක් හරිම සන්තෝසයි (අ)
අපි ඉතාලි වැසියන්ට ගරු කළ යුතුයි. මක් නිසාද යත් ඔවුන් ඔවුන්ගේ ආගමට එරෙහි කිසිදු දෙයක් නොකරන නිසාවෙනි (නි)
ප්‍රීමාල් .ඔයා සිසිලි බෞද්ධ විහාරයට ගරුකරනවනන් ඇයි තැන තැන ගිහිල්ල පන්සලට විරුද්දව බනින්නේ (අ)
හරිම ලස්සනයි. අගය කරනවා (නි)
අබේසිංහ, ඔබ සිංහලයාගේ තවත් එක කැත පුරුද්දක් මනා ලෙස ඔප්පු කර ඇත.ලංකාව ගැන කතාකරන විට එයට උත්තරයක් නොදී කොහෙදෝ යන අරාබියක් පටලවා ගෙන ඇත. අරාබියේ සමහර රටවල සුලුතර අන්‍යාගම් අදහන අයට ඒ අයිතිය නැති බව ඇත්තය.එහේ එහෙම කියා ලංකාවේ අපිත් ඒ නිතීය ලංකාවට ආදේශ කල යුතුද? කොහොම නමුත් ක්‍රිස්තියානි යුරෝපයේ,බෞද්ධ දහම ප්‍රචාරය කරන්නට ඇති නිදහස මියන්මාරයේ හෝ ලංකාවේ අන්‍යාගම් අදහන්නන්ට දැන් දැන් ඇහිරෙමින් ඇති බව කිය යුතුමය.එය අබේසිංහට තිත්ත වූවත් තිත්ත ඇත්තය. (නි)
දැන් බුදු දහමේ මොනවද විකෘති වෙලා තියෙන්නේ. මොහොමඩ්ල වගේ අය තමයි බුද්ධාගම විකෘති කරන්නේ.(නදී)
පිටිගල මීලනෝ, ඔයා දළදා මාලිගාවේ පෙරහැර බලලා තියෙනවද? (නි)
ලංකාවේ දළදා පෙරහැරට පමණක් දෙවෙනි වූ විදේශීය රටක පැවැත්වූ අලංකාර පෙරහරක්. සැමට සුබ ගමන්! සීලානන්ද හිමියන්ගේ සංවිධානය අති විශිෂ්ටයි (නි)
පිටිගල මිලානෝ, මමත් දැක්කා. මේකට කියන්නේ "අලුත් වෙසක් ගත්තු පොසොන්" (නි)
අනිත් රටවල් වල සංස්කෘතික අංග වලට සුද්දා කැමති බව හැබෑය. හැබැයි හැම සුද්දෙක්ම නෙමේ.මෙවැනි පෙරහරවල් වලට විරුද්ධ සුද්දෝ ඕනෑතරම් ඇත.එය ඔවුන් දකින්නේ තමුන්ගේ රටේ සංස්කෘතිය විදේශිකයන් විසින් ආක්‍රමණය කිරීමක් හැටියටයි.එසේම ශබ්ද දූශණයට අකමැති සුද්දෝ මේ පෙරහරවල් වලට කොහෙත්ම කැමති නැත.මා මේ කියන්නට හදන්නේ ඔය සමහර අය අදහස් ලියලා තියෙන විදියට මේවා අගය කරන අය වගේම හිනා වෙන අයත් ඕනෑතරම් ඉන්නා බවය.ඒ නිසා මේ පෙරහවල් ගැන පමණට වඩා පම්පෝරි ගැසීමක්ද අවශ්‍ය නැත. (නි)
බෞද්ධ චාරිත්‍ර විකෘති කිරීම ඉතාලියේ පන්සල් වල ජයටම සිදුවෙනවා.මේ දේවල් සිද්ධ වෙන්නේ නොදැනීම නිසාද නැත්නම් කුමන හෝ විදේශ බලපෑමක් මතද යන්න අපි පැහැදිලි කර ගත යුතුය. (නි)
පිටිගල පෙරහැරක් දැකලම නැද්ද? මේ පෙරහැර ඉතාමත් අගේ කළ යුතුයි. (නි)
මේ වගේ උතුම් වැඩක් කරලා තියෙන වෙලාවක මෝඩ අදහස් පල කරන්නෙ නැතුව හිටියා නම් හොදයි. සිංහලයට කවදාවත් හරියන්නේ නැත්තේ ඕකනේ (දී)
මෙහ කරන වැඩ එහෙ කරනකොට සුද්ධෝ හිතයි පිස්සෝ සෙට් එකක් කියලා. (අ)
සීලානන්ද හාමුදුරුවෝ විදේශ රටවල ධර්ම ප්‍රචාරණ කරන හාමුදුරුවරුන්ට මනා ආදර්ශයක්, උඩුගු නැහැ දශමයක්වත්.. (නි)
රොහාන් ලියපු එක කියවනවිට මෙහෙ අය හිතනවා ඇති රොහාන්ට ඇත්තටම පිස්සු කියලා (නි)
රොහාන්, ඔයා හොද සිංහලයෙක්ද? ඔය වගේ දේවල් ලියන එක වැරදියි (නි)
අපේ සීලානන්ද හාමුදුරුවන්ට යෝධ යෝධ ශක්තිය ලැබේවා!!! අපව මතක ඇති යැයි සිතමු. (නි)