යුරෝපය ඇතුළු බටහිර රටවල දැනට ක්‍රියාත්මකවෙමින් පවතින කොටි සංවිධානය හා සම්බන්ධ සංවිධාන 16 ක් ශ්‍රී ලංකා රජය විසින් තහනම් කරනු ලැබීමෙන් පසුව එම සංවිධානයන් සමග සක්‍රියලෙස සම්බන්ධ වී සිටින කොටි සංවිධානයේ ප්‍රධාන පෙළේ පුද්ගලයන් 424 දෙනෙකුගේ නම් සහ පෞද්ගලික විස්තර ශ්‍රී ලංකා රජයේ අති විශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම අනුව එම පුද්ගලයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම හෝ ශ්‍රී ලාංකීය පුද්ගලයන් සමග ගනුදෙනු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වන අන්දමෙන් මොවුන්ගේ ගමන් බලපත්‍ර ල හැදුනුම්පත් අංකයන් සහ විදෙස්ගත පදිංචි ලිපිනයන් මෙන්ම ශ්‍රී ලාංකීය ලිපිනයන් ද මෙම ගැසෙට් පත්‍රයට ඇතුලත් කර ඇත.
මේ අනුව මෙම කොටි සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් ඇමෙරිකාව ල කැනඩාව , එංගලන්තය, යුරෝපය පමණක් නොව ආසියානු රටවල ද සිටින බව තොරතුරු වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම කාලෝචිත තීරණයක් (නි)
එතකොට අර ප්‍රසිද්ධියේ ඉන්න ප්‍රධාන කොටි නායකයෙක් ඇතුළු පිරිසට මොකද වෙන්නෙ දන්නෙ නැහැ නේද? (නි)
ඉතා හොඳ අදහසක් (නි)
රජය මේ වැඩවලට ප්‍රමාද කළා වැඩි කියා මට සිතෙනවා මීට පෙර මේවා කලානම් ජිනීවවලදී කොටි හැත්ත සහඑන් ජි ඕ වෙළෙන්දන් මෙතරම් උඩ පනින්නේ නැහැ (දී)
ඒකනම් හොඳ වැඩක්. බුද්ධි අ0ශ ඉතා සුපරික්ෂාකාරී වියයුතුයි. මානවහිමිකම් කඩවීම් තුලින් කොහොම හරි රින්ගන්න තමා මානබලන්නෙ. (දී)
ප්‍රමාදව හෝ ගත් හොද තීරණයක්. මෙවන් රටට හිතකර තීරණ ගැනීමට පාලකයන්ට නුවණ පෑදේවා! (නි)
මේවා කරන්න තිබුනේ බොහොම කලින් , පමා වෙලා හරි කරපු දේ සතුටු වෙනවා (දී)
ජයවේවා! (නි)
අන්න නියමයි ලංකාව නැති කරන්න ඉන්න සියලු දෙනා නැත්තෙන්ම නැත්තට නැති කරලා දාන්න ඕනේ (දී)
මාගේ ලංකා මාතාවට ජයවේවා (දී)
මම බලාපොරොත්තු වූ තිදෙනෙකුගේම නම් ඇතුළත් නැහැ. (නි)
ආයු බෝ වේවා මහරජාණෙනි........
බේරා ගත් ලංකාව සුරැකීමේ කාර්යයේ අපි සියලු දෙනා නියැලී සිටිමු (දී)
කලින්ම කලානම් ඉවරනේ (දී)
මේක නම් හොද අදහසක් හරියට ක්‍රියාත්මක වෙනවානම්. ලංකාවට විරුද්දවාදීන් එපා. ඒ විතරක් පිටරට පුරවැසි බාවය ගත් අය ගැනත් සොයා බලා ලංකාවට ඒම තහනම් කලයුතුයි. මෙහෙ ඉන්න අය වැඩි දෙනා බොරු කියලයි පුරවැසි කම ගත්තේ. (දී)
එක් සාර්ථක පිම්මක්, තව කල යුතු දේවල් බොහොමයි .ජය වේවා!!! (දී)
ඉතා හොඳ ආරම්භයක් (නි)
මෙය කරන්න තිබුනේ යුද්දේ ඉවර උන හැටියේම. (දී)
මේවට සම්‍බන්‍ද තවත් අය ගැන දන්‍නා අය ඇත්‍නම්, ලංකා රජයට දන්‍වන්‍න. . (දී)
ප්‍රමාද වැඩියි දැන්. (නි)
ඉතාමත්ම වටිනා කාලෝචිත තීරණයක් (නි)
අපි ගරු කරනවා මේ වගේ තීරණයක් ගතට එකට. මොකද මමත් විදෙස රටක ඉන්නේ සහ මේ රට වල කොටින්ට සම්බන්ද ගොඩක් අය මේ රට වල ඉදන් උතසහ කරන්නේ නැවතත් අපේ ලස්සන රට විනාස කරන්න. ඉතින් අපි රජයට ස්තුති කරන්න ඕන මේ වගේ දැඩි තීරණ වලට. (දී)
අපේ ජනාධ්පතිතුමාගේ තවත් වීර ක්‍රියාවක් ..........අපෙන් උණුසුම් සුබපැතුම්,,,, (දී)
කොටි සංවිධානයට සම්බන්ධ සමහර අයට ලංකාවට වෙලා රජසැප ගන්න නම් පුළුවන් නේද ?(දී)
අනේ ලංකාදීප මේ ගැසට් එකේ කෝපි එකක් දන්න. අපිත් මේ මිනිස්සු මෙහෙ ඉදන් ආශ්‍රය කරනවාද දන්නේ නැහැනේ (දී)
ප්‍රසිද්ධ කිරීමත් ඒ අයුරින්ම වැදගත්. මොකද රටේ ජනතාවට අවබෝධයක් ලැබෙන නිසා. මේ ගොල්ලෝ සමඟ සම්බන්ධ වෙන අය ගැනත් සොයන්න පුළුවන් (නි)
ෆොටෝ ප්‍රසිද්ධ කරන්න. එතකොට අපිට උනත් ආරක්ෂක අංශ වලට දැනුම් දෙන්න පුළුවන්..(දිල්)
මේ වැඩේ විතරක් කරලා මේ වැඩේ නවතවන්න බැහැ හොඳ සිහියෙන් ඉන්න ඕනේ (දී)
සුබ අනාගතයක් !පුවත් පත් වලත් එම සාමාජිකයන්ගේ විස්තර පලකල හැකි නම් වටිනවා (දිල්)
නියම වැඩක් ජය වේවා.....(දී)
මේ ගත්ත පියවර හොදයි.එහෙම කියාලා මේ ගැන නොසොයා ඉන්න එපා (දී)
ආසියානු රටවල ද සිටින බව තොරතුරු වාර්තා වෙයි. අහන්නත් දෙයක්ද ?
මේකේ කියන නම් ලිස්ට් එක කොහෙන්ද බලන්නේ?(දී)
හොගාක් හොඳ වැඩක්. මේ විදිහට දිගටම ක්‍රියාත්මක වෙන්න (දී)
මේවගේ තීරණ ගන්න නියම පිරිමි ඉන්න ඕන (ස)
ජානාධිපතිතුමාට ජාතියේ ප්‍රණාමය (දී)
ලංකාවට නැවත කොටි ත්‍රස්තවාදය ඕනේ නැහැ (දී)
සාමාන්‍ය ජනතාවටත් දැනගන්න ඔය නම් ප්‍රසිද්ධ කරන්න ඕනේ. නැත්නම් කව්ද ගැසට් එක බලන්නේ. එහෙම නැත්නම් බලාපොරොත්තු වෙන ප්‍රතිපල ලබන්න බැරිවෙයි. (ස)
කොටින්ට සම්භන්ද කිසිවෙක් රටට ගන්නත් එපා රටේ තියා ගන්නත් එපා (දී)
හමුදාවේ සොහොයුරන්ගේ ජිවිත දහස් ගණන් පුදදී දහස් ගනනක් ආබාධිත වී නිදහස් කර ගත්තු රට සුරක්ෂිත කිරීමේ වගකීම රටේ මුල්පුටුවේ සිට අවසානායා දක්වා තියෙනවා . මෙවන් තීරණයක් ගත් ජනපති තුමනි ඔබතුමාට චිරංජයතු (දී)
ලෝකේ බහුතර රටවල් කැමති නැහැ අපි යුද්දේ දිනුවට විශේෂයෙන් ඇමරිකාව මොකද ඒ අයගේ ආයුධ විකිනෙන්නේ නැහැනේ (දී)
මම ගරු කරනවා මේ තීරණයට . ඉතා හොද තීරණයක් (දී)
මගේ සතුට මට කියා නිම කළ නොහැක. මා ඉන්නා රටේ මේ අය ගොඩක් ඉන්නවා. ඉඳහිට විවිධ අපහසුතාවයන්ට මාද පත් වෙනවා (නි)
ප්‍රමාද වී හෝ මෙම තීරණය ගත් එක ගැන සතුටට පත්වෙනවා. රට තුළත් කොටින්ට පත්ෂව කතාකරන අය හිරබාරයට ගන්න (නි)