කැනඩාවේ සිට කොටි සංවිධානයට අරමුදල් සැපයීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් පුද්ගලයකු එරටින් පිටුවහල් කිරීමට කැනඩා ෆෙඩරල් අධිකරණය තීන්දු කර ඇතැයි කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි පවසයි.
කැනඩා පුරවැසිභාවය හිමි මාණික්කවාසගම් සුරේෂ් නැමැත්තා එසේ පිටුවහල් කර තිබේ.
ශ්‍රී ලංකාවේ එවකට පැවති යුද ගැටුම් හේතුවෙන් 1990 දී කැනඩාවට පළා ආ මොහු පසු කාලීනව කැනඩාවේ ලෝක දෙමළ සංවිධානයේ සම සම්බන්ධීකාරකවරයා වශයෙන් හිඳිමින් එල්.ටී.ටී.ඊ සංවිධානයට අරමුදල් සැපයීමේ කටයුතු වල නිරතවීමේ චෝදනා යටතේ 1995 වසරේදී කැනඩා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
චූදිත දෙමළ ජාතිකයාට එරෙහිව කැනඩාවේ අපරාධ අධිකරණය හමුවේ 2015 වසරේදී පැවති නඩු විභාගයකදී එල්.ටී.ටී.ඊ සංවිධානයට අරමුදල් සැපයීමේ චෝදනාවට වරදකරු කරමින් ඔහු කැනඩාවෙන් පිටුවහල් කරන ලෙසට නියෝග කෙරිණ. පසුව එම තීන්දුවට එරෙහිව ඔහු අභියාචනයක් ගොනු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහිදී ලක්ෂ්මන් කදිරගාමර් නම් ශ්‍රේෂ්ඨ මිනිසා සිහිපත් වෙනවා. එතුමා කොටි සංවිධානය කරපු අපරාද ලෝකයට පෙන්නලා දුන්නා. එතනින් පස්සේ තමයි කොටි සංවිධානය ලෝක ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස කැනඩාව ඇතුළු රටවල් බොහොමයක් තහනම් කළේ. (නි)
වහාම අත්අඩංගුවට ගන්න ඕනෑ (නි)
කොහොමද වැඩේ, මානව හිමිකම් කියලා ගෙන්නාගෙන. එපා වුණාම නැවතත් ලංකාවට එවනවා. මොනවගේ මානව හිමිකම්ද මේගොල්ලෝ රකින්නේ. සිංහල උගන්නලාම ගන්න. ඒ රටවල් වල මොන භාෂාවෙන්ද දන්නේ නැහැ කතා කළේ. එහෙ ගිහිල්ලත් රටෙන් කෑල්ලක් ඉල්ලුවද දන්නේ නැහැ? (නි)
විදේශ කුමන්ත්රණයක ප්‍රතිපලයක් (බ)
එන්න සොයුර ශ්‍රී ලංකාවට. දැන් මෙහෙ සංහිඳියාව වැඩෙමින් තියෙන්නේ. (නි)
සෙන්දනායක සමස්තයක් හැටියට කැනඩාව දෙමළඅයගේ පැත්ත ගන්නවා නමුත් මේක විශේෂ සිද්ධියක් (අ)
මොහු ලංකාවට ගෙනවිත් දැඩි දඬුවම් දියයුතුයි. (නි)
දැන් අපිට මෙයාව බාරගන්න වෙනවද? කෙළින්ම මහා උළුගෙදරට දක්කන එකයි තියෙන්නේ. එහාට එපා නම් මෙහාටත් වැඩක් නැහැ. ඔය පාර මෙහෙ ඉන්න අය කියයි අපරාදේ එයා වරදක් කරලා නැහැ නිදහස් කරන්න කියලා. (නි)
බමුණු ආරච්චි,අපි මෙයා ලංකාවට ආවට පස්සේ සුරේෂ් මහත්තය කියල කතා කරමු.ප්රභාකරන්ට මහත්තය කියල කියුවනම් මෙයාටත් ඒවිදියට නම්බු දීල කතා කරන්න ඕනෙනේ. (අ)
කැනඩාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
බයවෙන්න එපා. ලංකාවට එන්න. මෙහෙදී මැතිතුමා කියලා ඔබව පිළිගන්න මිනිස්සු ඉන්නවා. ඕගොල්ලන්ට කැනඩාවට වඩා මෙහෙ හොඳයි (නි)
කැනඩාව ඕවට උල්පන්දම් දුන්නා කියලා කට්ටිය කාලයක් දැඟලුවා මතකයි (නි)