කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කැරුණු පාසල් සිසුවාගෙන් සහකාර පොලිස් අධිකාරීවයකු ඇතුළු පොලිස් කණ්ඩායමක් අද (02) රෝහලට පැමිණ පොලිස් පහරදීම් ගැන ප්‍රකාශයක් ලබා ගත්තේය.
පොලිස් පරීක්ෂකවරයකු අද (02) දහවල් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා ගත් බවත්, නැවත සවස් වරුවේ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු කණ්ඩායමක් ද රෝහලට පැමිණ පැය භාගයකට ආසන්න කාලයක් ප්‍රකාශයක් යතුරු ලියනය කර ගත් බවත් සිසුවාගේ සමීපතමයෝ කියති.
රෝගීන් බලන වේලාවේ පැමිණි සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් සිසුවා බැලීමට පැමිණි හිතවතුන් නම විමසූවිට ඔහු මුල් අවස්ථාවේ තමා කවුදැයි හඳුන්වා නොදීම නිසා බහින් බස් වීමක් ද ඇති විය. පසුව තමා ගම්පහ සහකාර පොලිස් අධිකාරී 2 ක්ලෙමන් ප්‍රනාන්දු ලෙස ඔහු අනන්‍යතාවය හෙළි කළේය.
සිසුවාට පහර දී ඇත්දැයි ප්‍රකාශයක් ගැනීමට ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබුණු නිසා තමා පැමිණි බව සහකාර පොලිස් අධිකාරී ප්‍රනාන්දු මහතා කී විට නීතීඥවරුන්ගේ උපදෙස් ලැබෙනතුරු සිසුවාගේ ප්‍රකාශයට අත්සන් නොගන්නැයි හිතවතුන් ඉල්ලා සිටියේය. තමා ප්‍රකාශ ගන්නේ නීතීඥවරුන්ගෙන් නොව සිසුවාගෙන් බව සහකාර පොලිස් අධිකාරී කීවේය.
පොලිසියෙන් අමානුශික ලෙස සිසුවාට සලකා ඇති බවත්, සහකාර පොලිස් අධිකාරීවරයකු ද සිසුවා නිරුවත් කර බැණ වැදී ඇති බවත්, මේ නිසා පොලිසිය කරන දෑ ගැන විශ්වාසයක් නැතැයි කී සිසුවාගේ හිතවත්හු සාධාරණව කටයුතු කරන ලෙස සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් ඉල්ලූහ.
තමා පැමිණියේ අසාධාරණයක් කිරීමට නොවන බව සිසුවාට කී සහකාර පොලිස් අධිකාරීවරයා සිසුවාගෙන් යතුරුලියනය කළ කොළය සම්පූර්ණයෙන් කියවා අත්සන් කරන ලෙස ඉල්ලා සිටි අතර සිසුවා එය කියවා අත්සන් කළේය.
ඉන් පසු සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිස පිටව ගොස් ඇත.
පාසල් සිසුවාගේ සහ එක්දරු පියාගේ ආරක්ෂාවට පොලිසියෙන් යොදවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට මමත් බැන්නා. නමුත් ඉතින් අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ලොකුකම් ඕනෑවට වඩා දාලා, පොලිසිය අනාගතයේදී මෙවැනි සිදුවීම් වලදී අකර්මණ්‍ය කළයුතු නැහැ. පොලිසියේ වැරැද්ද පැමිණිලි කළයුත්තේත් පොලිසියට. ඒක තමයි නීතිය (නි)
සැම පොලිසියකම පැමිණිලි කවුන්ටරයේත් ඕ අයි සී කාමරයේත් සී සී ටී වී සවිකර ඒවා නිරතුරුවම පරීක්ෂා කිරීම සදහා දිසාවේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පිළිගත් උසස් පොලිස් නිලධාරීන් යොදවන්න යෝජනා කරනවා. අපි අපරාද අඩු කරන්න තාක්ෂණය පාවිච්චි කරන්න ඕනේ. (ර)
අපි පදිංචි රටේ නම් පොලිස් නිලධාරීන් අපිට කතා කරන්නේ සර් කියලා (නි)
මේ විදියට මේ දරුවාගේ මානසිකත්වය තවත් අවුල් වේවිද? (නි)
සිසුවා මොළය කල්පනා කර වැඩකිරීම වැදගත් (නි)
ළමයා නිරුවත් කරන්න පොලිසියට තිබෙන බලය මොකක්ද? මේවා ළමා අපචාර නෙමෙයිද? මේවට උත්තර තියෙනවාද? (නි)
මොනවා කළත් ප්‍රවේශමෙන්! (නි)
මම නම් නීතිඥයෙක් නැතුව පොලිසියට යන්නේ නැහැ. නීති උපදෙසක් නැතුව කිසිම දෙයක් අත්සන් කරන්නේ නැහැ (නි)
ඒ අහිංසක දරුවා පවු! (නි)
දක්ෂ නීතීඥ මහත්මයෙකු කරුණාකර මේ ළමයට පිහිටවන්න. පොලිසිය පිළිබඳ විශ්වාසය මේ වනවිට හොඳටම ගිලිහිලා තියෙන්නේ. (නි)
අර සි සි ටි වී කැමරා සවිකරන එකනම් හොඳ වැඩක්. සමහර රටවල පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ කොටසක් ලෙස බොඩි කැමරාවක් කියලා එකක් තිබෙනවා එකෙන් එම නිලධාරියා කරන කියන දේවල් සියල්ල පටිගත වෙනවා. එම කැමරාව ක්‍රියාත්මක නොකට කිසිවෙකු පරික්ෂා කිරීමට හෝ ප්‍රශ්න කිරීමට බැහැ. එයින් එම නිලධාරියත් අභූත චෝදනා වලින් නිදහස් වෙනවා. (ර)
පාසල් සිසුවාට අමතරව අනෙක් එක්දරු පියාත් මේකෙදි දැඩි ලෙස අසාධාරණයට ලක් වුනා. ඔහු සහ පවුලේ අයගේ ගෞරවය ගැනත් අපි සිතිය යුතුමයි. (ර)
මම නම් කියන්නේ කටඋත්තරයක් දෙන්න නීතිඥ සහය ගන්නම තිබුනා. එතෙක් කටඋත්තරය දෙන එක ප්‍රතික්ෂේප කරන්න තිබුනා. දැන් ඉතින් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
පහර දුන්නා නම් ඒක වැරදියි. (ර)
අපේ රටේ නීතිය විනිවිද පෙනෙන සුළු එකක් නෙමෙයි. ළමයාගේ පවුලේ ඉදිරි ආරක්ෂාව සහ පොලිසියට විරුද්ධව පැමිණිලි කිරීම සම්බන්ධයෙන් ඇතිවන තත්වයට කවුද වගකියන්නේ? (නි)
කෙසේවුවත් කිසිම පොලිස් නිලධාරියෙකුට පහරදීමට අයිතියක් නැහැ. එමනිසා පහරදුන් නිලධාරීන් සොයා ඔවුන්ට නැවත මෙවන් දේ නොකිරීමට දැඩි දඬුවම් දියයුතුයි (නි)
අර ළමය මරපු වෙලාවේ කවුරුවත් අල්ලන්නේ නැහැ කියලා බැනුම් ඇහුවෙත් පොලිසිය, මේ කොලුවා අල්ලාගෙන ගිහින් තඩිබෑවා කියලා බැනුම් අහන්නෙත් පොලිසිය, මේ ළමයට ආරක්ෂාව දෙන්නෙත් පොලිසිය, ගැහුවද නැද්ද කියලා පරීක්ෂණ කරන්නෙත් පොලිසිය, අර කවුද කෙනෙක් ගල්ගහලා මරනවා කියන්නෙත් පොලිසියට. අන්තිමට එහාට මෙහාට මාරුකරලා දඬුවම් ලබන්නේත් පොලිසිය. බුදු අම්මේ! මගෙ නම් හත්මුතු පරම්පරාවේ තියා දන්නා කියන පරම්පරාවක එක් කෙනෙකුටවත් ජාති ජාතිවත් ඔය පොලිසියේ රස්සාවක් නම් පතන්නේ නැහැ. (නි)
හැමෝම පොලිසියට දොස් කියනවා. කවුරුවත් විද්‍යාත්මක පරීක්ෂණ කරන ආකාරය ගැන පොලිසියට පුහුණුවක් දෙන්න ඕනෑ කියලා තිරසාර විසඳුම් ගැන යෝජනා ක්‍රියාත්මක කරන්නේ නැහැ. ප්‍රශ්න කිරීමේදී පහසුම විදිය තමා පහරදීම. මෙය සොරකමට, මංකොල්ලයට හරියන්න පුළුවන්. නමුත් ඔය අපරාධ වලට හරියන්නේ නැහැ. මනස උත්තරදීමේදී ක්‍රියාකරන මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත ගැන පොලිස් නිලධාරින්ව පුහුණු කරන්න ඕනෑ. පොලිස් නිලධාරින්ව පොලිස් පර්යේෂක මට්ටමට දියුණු කරන්න වැඩපිළිවෙලක් දැන්වත් අවශ්‍යයි (නි)
මනෝජ්,පොලිසියට විද්‍යාත්මක පරීක්ෂණ ගැන දැනුමක් නැතුවා නෙමෙයි. (නි)
ඔය ඔක්කොටම කලින් පොලිසියට වැදගත් ශිලාචාර විදියට කතාකරන්න උගන්වන්න. මට බලයක් ආවොත් මුලින්ම ලංකාවේ පොලිසිය විසුරුවා හරිනවා.කාටවත් විශ්‍රාම නැහැ. උගත් බුද්ධිමත් වැදගත් ශීලාචාර ලෝකය ගැන දන්නා මිනිසුන්ට ආචාරශීලිව වැදගත් විදියට කතාකරන, දේශපාලුවන්ට කොන්ද නොනමන, තරුණ පරම්පරාවක් සමඟ නව ශ්‍රී ලංකා පොලිසිය පටන්ගන්නවා. එදාට අපේ රට ලස්සන වේවි. (නි)
පොලිසියට ඔයගොල්ලෝ ඔහොම දොස් කියන්න එපා, පොලිසියට සැකපිට ගෙනෙන අයට පහර දෙනවා කියා. ඔයගොල්ලන්ට සැක නම් මම යෝජනා කරනවා හැම පොලිස් ස්ථානයකම තිබෙන සිරමැදිරිවල සීසීටිවී කැමරා සවිකරන්න කියලා. එතකොට මහජනයාගේ සැකය දුරුවෙයිනේ. (නි)
කොහොම වුණත් පොලිසියේදී සිදුවූ දේ ගැන මේ සිසුවාට බොරුකියන්න හේතුවක් නැති බව අපක්ෂපාතී ඕනෑම කෙනෙකුට තේරෙන එකක්. පසුගිය කාලේ පොලිසියේ චෝදනාවක් තිබුනා මානව හිමිකම් නීතිය නිසා ඒගොල්ලන්ට රාජකාරිය කරන්න අපහසුයි කියලා. නමුත් ඒක තිබුනේ නැත්නම් මේ වගේ සිද්ධි වලදී අහිංසකයන්ට කාගේ සරණක්ද? (නි)
සිසුවා ඉදිරිය ගැන හොඳින් සිතාමතා තීරණ ගන්නේ නම් හොඳයි (නි)
පොලීසියේ සමහරු ඉතාම ජරා විධියට නීතියට නොවෙයි තමන්ට හිතෙන විධියට මිනිස්සු උසාවි දාල හිරිහැර කරනවා . මොවුන්ට තද දඬුවම් දිය යුතුයි. (බ)
පොලිසිය ඉතින් සධාරණයක් කරනවාම ද? කියන සැකය මහජනතාව අතර තියනවා, එම නිසා පොලිසිය එම සැකය නැති කර ගන්නවා නම් ඉතාම වැදගත්, සමහර පොලිස් නිලධාරීන් හිතන්නේ නැහැ ඔව්න් විශ්‍රාම යනවා කියල එකනේ එදාට ගමේ මිනිස්සු ගණන් ගන්නේ නැත්තේ. (අ)
සාධාරන පරීක්ෂණයක් කර පහරදුන් පොලිස් නිලධාරීන්ට දැඩි දඬුවම් දියයුතුයි. (නි)
ළමයෙක් නිරුවත් කරලා පහර දීලා සාක්ෂි හොයන එකද අවම බලය කියන්නේ? (නි)
අපේ නෛතික දැනුම මදිකම මොවුන් ප්‍රයෝජනයට ගන්න බවක් පෙනී යන්නේ. (ර)
ඔය දාලා තියෙන්නෙ පොලිස් ආරක්ෂාවට නෙමේ. ළමයගෙ ඊලඟ වැඩ කටයුතු ගැන හොයලා බලන්න. අපි නොදන්න පොලීසිය. (ර)