කොටදෙණියාව අකරන්ගහ සේයා දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ පොලිස් විමර්ශන වලදී ගම්වැසියන් ගෙන ගොස් පහර දුන්නේයැයි කියන කොටදෙනියාව වෙඩිබෙහෙත් වත්තේ ‘වධකාගාරයක්‘ ගැන විමර්ශනය කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය.
දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ පොලිස් විමර්ශනවල දී පාසල් සිසුවා හා එක්දරු පියාට අමතරව තවත් දස දෙනකු පමණ නීති විරෝධීව අත්අඩංගුවට ගෙන ලේඛන ගත නොකර නිදහස් කර ඇතැයි ද, බොහෝ දෙනකු නිරුවත් කර ඇතැයි ද එම පෙත්සමේ සඳහන්ය.
කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් උදයකුමාර, සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර අබේවික්‍රම, පොලිස්පති එන් කේ ඉලංගකෝන්, නීතිය හා මහජන සාමය අමාත්‍යංශයේ ලේකම්, ඇමැති තිලක් මාරපන, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී එහි වගඋත්තරුකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ මෙහෙමත් දේවල්! (නි)
වධකාගාර ගැන කතාකරද්දී සමහරුන්ට ගොඩක් රිදෙන බව අපි දන්නවා (නි)
සුදු වෑන් එපා. වදකගාරත් එපා. මොලේ නැති පොළිස් කාරයොත් එපා. ශ්‍රී ලංකාවට. (ස)
අපි බලමුකෝ මේවා ඉදිරියේදී හෙළිවේවි (නි)
අර කලින් බැනර් එහෙම උස්සාගෙන කෑගහපු අය දැන මොකද නිහඬ? (නි)
ඒ ගමන අතීත වධකාගාර සංස්කෘතිය නැවතත් පැමිණිලාද? (නි)
නිශ්ශබ්දව සිටීමයි නුවණට හුරු (නි)
මට නම් තේරෙන්නේ නැහැ මොනවද මේ වෙන්නේ කියලා (නි)
පරීක්ෂණයක් අවශ්‍යමයි. (නි)
මොකක්ද මේ අළුත් වධකාගාරය? (නි)
බමුණු ආරච්චි වගේ අයට රිදෙන්නේ සුදු වෑන් මිනී මෝරු ගැන කතා කරද්දි (ම)
හැමදේම එකපාර හොයන්න බැහැනේ. අපි හෙමින් හොයමු (නි)