කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය දුෂණය කළා යැයි බොරු චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන තමන්ට පහරදිමෙන් සිදුවු හානියට රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා කොටදෙනියාවේ සිසුවා අද (4) ශ්‍රේෂ්ඨාධීකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
නිතිඥ තීෂ්‍ය වේරගොඩ මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමෙන් පෙත්සම්කාර සිසුවා කියා සිටිනුයේ බොරු චෝදනා නගමින් පොලිසිය තමන්ට අමානුෂික ලෙස පහරදුන් බවත් ඉන් තමාගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇති හෙයින් අධිකරණයට හැගෙන සුදුසු වන්දියක් ද ලබාදෙන ලෙසය.
පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපති, පොලිස්පති, නිතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතා හොද දෙයක්... (ම)
අසාධාරණ වෙන සියල්ලන්ම මෙසේ පෙරට පැමිණෙනවා නම් එය ඉතාම හොඳයි (නි)
මේ ළමයාට නොපමාව වන්දි ලැබෙන්න ඕනෑ (නි)
ළමයා සාධාරණයි (නි)
කුමාර, ඔබ ගුටිකෑවට අනෙක් අය පළි නැහැ. ළමයා සාධාරනයි. තීන්දුව උසාවිය දුන්නාවේ. (නි)
යසපාලලා වගේ අයට ඕනෑ ළමයා අඬ අඬා ඉන්නවා බලන්නද? නැහැ. ළමයා එයාට වුණ අසාධාරණයට වන්දි ලබාගන්න උවමනායි. (නි)
අහිංසකයින්ට සිදුවන අසාධාරණකම් වලට එරෙහිව මෙවන් තීරණයක් ගැනීම බොහොම වටිනවා (නි)
වන්දියක් ඉල්ලලා නඩුවක් දාන්න වැඩිහිටියෙක් වෙන්නම ඕනෑ නැහැ කියලා මේ අදහස් දාන සමහරු දැනගත්තොත් හොඳයි (නි)
මෙම දරුවාට සාධාරණයක් ඉටුවිය යුතුයි (නි)
බලමු නීතිය කොච්චර සාධාරණද කියලා තීන්දුව ආවාට පස්සේ... (නි)
නුඹ ගැන අපේ හිතේ දුකක් අනුකම්පාවක් තිබුනා නම් ඒක දැන් ඉවරයි. නුඹ දැන් ගමන් කරන්නේ වැරදි මාර්ගයක කියා මට සිතෙනවා (නි)
කුමාරත් පොලිසියේ කෙනෙක්ද කොහෙද මට පෙනෙන හැටියට (නි)
ළමයට අසාධාරණයක් වුණා. ඒක ඇත්ත. එය සාධාරණීකරනය කරන එක උසාවියට බාරයි. ඒවගේම හැමදේටම පොලීසියට ඇඟිල්ල දික්කිරීමත් අසාධාරණයි. පොලිසියත් දන්නා හැම ක්‍රමයම පාවිච්චි කරනවා අපරාධකාරයෝ අල්ලාගන්න. (නි)
මේ දරුවා මේ මොහොතේ සිට හෝ හොඳට වැඩකළොත් හොඳ අනාගතයක් තිබෙනවා. ඔය සල්ලි පස්සේ එළවලා කවදාහරි කරදරයක වැටෙන්න පුළුවන්. (නි)
යසපාල,ඔබට මෙවන් දෙයක් වුණා නම් ඔබ ගන්නා තීරණය කුමක්ද? (නි)
මෙතෙක් විභාග වූ නඩු දෙස බලන්න. පොලිසිය අරගෙන යන්නේ සැකපිට. අපි දැනගන්න ඕනෑ සාක්කි ඉදිරිපත් කරලා නිවැරදිකම ඔප්පු කරන්න. මෙහෙම ගියොත් පොලිසියට සැකපිට කිසිම කෙනෙක් අත්අඩංගුවට ගන්න බැරිවෙයි. හැබැයි පොලිසියෙන් ගහපු එක නම් වැරදියි. (නි)
දෙමාපියන්ගෙ සල්ලි වලින් ලැප්ටොප් අරගෙන, කාමරේකට මුළුගැන්විලා, නරක පින්තූර සහ වීඩියෝ බලන ලාබාලයින් ගැන ඔබ මොකද කියන්නෙ? මේ දරුවා ලංකාවෙ වීරයෙක්ද? තවත් පාසල් යන ළමයි මේ දරුවා අනුගමනය කළයුතුද? (නි)
අපිට මේක වුණා නම් තමයි මේකේ බරපතළකම තේරෙන්නේ (නි)
ඔහුට වන්දියක් ලැබිය යුතුමයි. පොලිසියට අනුන්ට ගහන්න බලපත්‍ර දීලා නැහැ. (නි)
අද පවතින යහපාලනය නිසා හැමටම තම අයිතිවාසිකම් භුක්ති විඳින්න හැකිවෙලා තිබෙනවා. නඩු මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගන්න හැකිවන්නේ යහපාලනයක් රටේ ගොඩනැඟී ඇති නිසයි. (නි)
මේ සිසුවාට මෙම හිරිහැරය වූ පසු බහුතර මිනිසුන් මෙය හෙළාදැක්කා. (නි)
අනිල් නම් අඟහරු ලෝකෙන් ගොඩබැහැලා වගේ කතා කරන්නේ. අනිල් දන්නේ නැත්නම් අද දැනගන්න තරුණයන්ගෙන් අති බහුතරය ලිංගික ක්‍රියාකාරකම් ඇතුළත් දර්ශන නරඹන බව. ඒවා නරක පින්තූර වෙන්නේ කොහොමද? ලිංගිකත්වය කියන්නේ මූලික මිනිස් අවශ්‍යතාවයක්. (නි)
යසපාලට ඇතිවෙලා තිබිලා තියෙන්නේ පුදුමසහගත අනුකම්පාවක්. හැබැයි දැන්නම් ඇතිවෙලා තියෙන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාවක් (නි)
පුතා, ඔයාගේ තරමට ගැළපෙන වැඩ කරන්න. ඔයාට විතරක් නෙමෙයි අපිටත් පොලිසියෙන් ගහලා තියෙනවා. නමුත් අපි වන්දි ගන්න ගියේ නැහැ.පොලිසියෙන් ගහන එක, මුළු රටේම විසඳාගන්න තිබෙන ප්‍රශ්න සිය ගණනකින් එකක් විතරයි පුතා. (නි)
මම නම් කියන්නේ ඔහු ඒ වන්දි මුදල ඉල්ලීම සාධාරණ බවයි (නි)
කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපති , පොලිස්පති ඇතුළුව මුළු පොලිස් දෙපාර්තමේන්තුවම ඇතුල් කළේ නැත්තේ ඇයි? පැහැදිලි සාක්කි නැතුව හිතුමතේ අත්අඩංගුවට ගැනීම් වළක්වාගන්න නම් මුළු පොලිස් දෙපාතමෙන්තුවටම විරුද්දව නඩු දාන්න ඕන ..අනික තමයි ඔය දෙපාර්තමේන්තුව බාර ඇමැතිවරයාවත් ඇතුල් කරන්න ඕන ..ඒ අමාත්‍යංශයේ ලේකම්වත් ඇතුල් කරන්න ඕන ..හරිනම් රටේ ජනපතිවත් මේකේ ඇතුල් කරන්න ඕන අවන්කවම ..මම මේ සිද්ධියෙන් පස්සේ දිගටම කල්පනා කරන්නේ ඔය ඩීඑන්ඒ පරීක්ෂණ නැති කාලේ නඩු අහල අපරාධකාරයෝ වෙලා හිරේ ගිහින් දුක් විඳපු දැනටත් හිරේ දුක් විඳින අහිංසකයෝ කි දාහක් ඇත්ද මේ රටේ .. ඒ වගේම අපාරාධ කරලා අහිංසකයෝ ඇතුලට ගියාම අහු නොවී බේරුන අපරාධකාරයෝ කි දාහක් ඇත්ද මේ රටේ ? ලංකාවේ පොලිසිය දන්නේ කවුරු හරි ඔත්තුවක් දුන්නොත් ඒ පස්සේ පන්නල අල්ලාගෙන ගහල මොකක් හරි ප්‍රකාශයක් අරන් උසාවි දාන්න විතරයි ..ලංකාවේ තාම තියෙන්නේ ඒ කාලේ හිටපු සුද්දන්ගේ පිහිටෙන් 1940 - 1950 ගණන් වල නඩු අහන ක්‍රමයක් .. තවම බැරි වෙලා තියෙනවා අඩු ගන්නේ වතුවල ඔප්පු නිරවුල් කරන ක්‍රමයක් හොයාගන්න .. ඒක තාම තියෙන්නේ 1800 ගණන් වල ..(බ)
දැන්වත් පාඩමක් ඉගෙන ගන්නේ නැතෙයි !(ම)
ඔහුට සාධාරණයක් ඉටුවේවා! (නි)