දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේදී කාරයක් මින් මද වේලාවකට පෙර උඩුකුරුව පෙරලී ගියේය.
කාරයටද මහා මාර්ග අධිකාරියේ දේපල වලටද අලාභ හානි සිදු විය. එහෙත් රියදුරා තුවාල ලබා බේරුනේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේදී කාරයක් මින් මද වේලාවකට පෙර උඩුකුරුව පෙරලී ගියේය.
කාරයටද මහා මාර්ග අධිකාරියේ දේපල වලටද අලාභ හානි සිදු විය. එහෙත් රියදුරා තුවාල ලබා බේරුනේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යසවතී, මොනවා හරි දෙයක් ගැන කතා කරනකොට අපි තවත් රටක් එක්ක සන්සන්දනාත්මකව බලන්න උත්සාහ කරපු නිසා තමයි අපිට හැමදාම වැරදුනේ. හැබැයි ඒක හැම දේටම වලංගු නැහැ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය කියන්නේ තෙල්/ ගැස් සහ සංචාරක කර්මාන්තයෙන් මුදල් හොයන රටක් විදේශ ආයෝජකයොත් පොරකාගෙන මේ රටවල් වලට එන්නේ. මමත් ඔය කියන ප්‍රමිතියක් තියෙන මාර්ගයේ සහ ප්‍රමිතියක් නැති මාර්ගයේත් ගිහින් තියෙනවා මට දැනුනු වෙනස නම් අපේ පාරට වඩා වැඩි මන් තීරු ගණනක් තියෙන එක විතරයි. මේ රටවල් වල ඕන දෙයක් කරන්න සල්ලි සහ ඉඩ පහසුකම් තියෙනවා ඉඩම් අයිතිය තියෙන්නේ රජයට මෙහෙ ප්‍රවේනිගත/ බූදල් වෙච්ච ඉඩම් නැහැ සියලුම දේවල් රජයට අයිති නිසා අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරනවා. නමුත් ලංකාවේ සංවර්ධන යෝජනා ක්‍රමයක් කරන්න ඉඩම් පවර ගන්න ගියාම මුලින්ම එන්නේ පරම්පරාගත ඉඩම් කියන ප්‍රශ්නය ඊට පස්සේ වටිනාකමට කරන ගෙවීම් පිළිඹඳ ප්‍රශ්නය එනවා. මට නම් අපේ රටේ දේ වටිනවා..(නදී)
ලංකාවේ ජීවත්වන අපට අධි වේගී මාර්ග අලුත් අත්දැකීමක්. මේවට පුරුදු වෙන්න තව කලක් යාවි. අපේ ප්‍රවේශම අපි සලසා ගන්න ඕනේ මුලින්ම. අද් වේගෙට ඇතුල් වෙනකොටම පැයට කිලෝ මීටර් 100 වේගය ගන්නයි අපේ කට්ටිය හදන්නේ. මේ වගේ අනතුරු වෙන්නේ ඒකයි. පාරේ අඩුපාඩු ඇති. මීට වඩා අඩු පාඩු තියෙන මාර්ගවල නිරුපද්‍රිතව රිය පදවන අපේ රටේ රියදුරු මහත්වරුන්ට කියන්න තියෙන්නේ ඉවසීමෙන් රිය පදවන්න කියන පණිවිඩයයි.(නදී)
යම් සිද්ධියක්, අනතුරක් උනාම ප්‍රමිතිය ගැන කතා කරනවා. ඉවසීමේ ප්‍රමිතිය ඔක්කොටම වඩා වැදගත් නැද්ද. ඊට වඩා වාහනේ ප්‍රමිතිය බාල වෙන්න බැරිද? ඔය පරණ අය කියන්නේ ඒ දවස්වල හිල්මන්, මොරිස් මයිනර්, බෙන්ස් කාර් පුදුම හයියක් තියෙන්නේ දැන් නිකම් පපඩම් වගේ කියලා. දැන් ගොඩක් අයගේ අදහස් කිතුල් ගහට නැග්ග අයගේ වගේ.(නදී)
අපි හැමදාම පුරුද්දකට කරන දේ තමා හදිසි තීරණ වලදී ඔලුවට එන්නේ. ඕවා හරියට වෙන්න නම් සාමාන්‍ය පාරේදීත් සියලු දෙනා නීතියකට අනුව එලවන්න ඕනා. (නදී)
ලංකාවට මේ විශ්වය තිබෙන තුරු ඩුබායි ප්‍රමිතියට එන්න බැහැ.(නදී)
යසවතී නෝනේ, මේ රථය පෙරලිලා තියෙන්නේ අධි වේගයට ඇතුල් වන ප්‍රවේශ මාර්ගයේ නේද? මේ වගේ අනතුරක් උනහම චීන ගම්මානවල ජනතාව උඩ පැන පැන නටමින් සතුටු වෙනවා කියල මම අහල තියෙනවා. ඒ උනාට අපි නම් එහෙම නැහැ නේද යසවතී නෝනේ. (නදී)
රියදුරන්ව අදිවේගී මාර්ගවල දාවනය පිලිබදව දැනුම්වත් කරනවා නම් මේ අනතුරු අඩු කරගන්න පලුවන්. වෙන රටවල් වල මාර්ගවල තැනින් තැන පුවරු තියනවා දැනුමිවත් කරන.(නදී)
සේරම් ගේ දූපත් මානසිකත්වය පිලිබඳ මගේ බලවත් සංවේගය! (ස)
වහනයක් වැස්ස වෙලාවට පාරේ වතුර තියනකොට වේගයෙන් යනවිට වේගය නිසා රෝදය සහ පාර අතර ජලය ස්තරයක් විදිහට ක්‍රියාකරනවා , වාහනවල රෝදවල කට්ටය එක දිශාවකට කපන්නේ මේ ජලය ඉවත් කරන්නයි, කට්ටය ගෙවුණු ටයර් වල මේ ක්‍රියාවලිය හරියට වෙන්නේ නැති නිසා වාහනයේ ටයර් ජාල ස්තරය මත යන්ට පටන්ගන්නවා , මේකට කියන්නේ ජෙට් සකී කියලයි වැස්ස වෙලාවට අඩු වේගයකින් යාමත් , නිතර අලුත් ටයර් භාවිතයත් නිසා මේ අනතුරු අඩුකරන්න පුළුවන් (දිල්)
යසවතී, ලෝකයේ සමහර රටවල් තියනවා මෙච්චර වත් දියුණු පාරවල් නැති. ඔයා ඒ වගේ රටවල් එක්කත් ලංකාව සංසන්දනය කරලා බලන්න. ඔයා දැකලා තියෙන්නේ ඩුබායි විතරද? (නදී)
ඩුබායි වල 1970 ගණන් වල ෆොටෝ වෙබ් එකේ තියෙනවා.ලංකාවේ 1940 ගණන් වල ෆොටෝ බලල අදහසක් ගන්න බලන්න.ඇමෙරිකන් අරාබි රටවල් වලට ඒ අයගේ මිනිස්සුන්ගේ විරැකියාවට විසදුම් හොයාගත්තා.(දිල්)
අනතුරු වීම සාමාන්‍ය දෙයක්. රියදුරුට මොකුත් වෙලා නැති එක ලොකු දෙයක්.(නදී)
කවුරුවත් හිතාමතා මෙවැනි අනතුරු කර ගන්නේ නෑ.මාස 6 කට කලින් පින්නදුවේදී ඔය වගේම අනතුරකට මමත් මූණ පැවා. (දිල්)
පහුගිය ඉරිදා හවස මමත් ඔය පාරේ ගාලු ගිය. අධීක වැස්ස.මගේ කාර් එකත් දෙපලකදී ලිස්සලා ගියා හේතුව පාරේ වතුර එකතු වෙනවා. ඒ තැන් පිළිසකර කරන්න අවධානය යොමුකරන්න බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.(දිල්)
අධි වේගේ උණ පුරුකේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ - ප්‍රමිතිය බාල ඇති.(නදී)
මමත් නිතරම අධිවේගි පාරවල් තමා භාවිතා කරන්නේ ,රියදුරන්ගේ නොසැලකිලිමත්කම නිසා ගොඩක් අනතුරු සිදුවනවා (දිල්)
ලෝකේ හැම අධිවේගී මාර්ගයක අනතුරු සිදුවෙනවා, මෙහෙම නෙමෙයි සමහරවෙලාවට වාහන 10 -15 හෝ ඊටත් වඩා එක නිසා හැම වෙලාවේම ලෝකේ වෙන දේවල් දන්නේ නැති මෝඩයෝ වගේ ප්‍රතිචාර දාන්න එපා. (අ)
මට පෙනෙන්නේ යසවතිව කෝවේ දාලා වත් මකන්න බෑ වගේ. අනතුරක් උනොත් ප්‍රමිතිය ගැන කතා කරනවා. ඇත්තටම යසවතී ඔය ආකල්පෙන් මිදෙන්නම බැරිද?(නදී)
තිබුන පළියට නොයා හැමදේම පරිස්සමින් පරිහරනය කළ යුතුයි. (නදී)
හිමින්, ස්පීඩ් කරොත් වෙන දේ ඕක තමා. ඒකටත් එක්ක මෙහෙ පාරවල්.(නදී)
මම ඕක දැක්කා. මෙයා හයියෙන් යන්න් ගහින්. ඔතනට එනකොට වේග සීමාව 60 යි. (නදී)
අදික වේගයෙන් ගිහින් තිරිංග තද කරණ විට වාහනයේ වේගය අඩුකරමින් බ්‍රේක් ගහන්න. (නදී)
අධිවේගී මාර්ග කිව්වම මිනිසුන් හිතනවා ඇති එහි අධික වේගයකින්ම රිය පදවන්න ඕනෑ කියලා. මෙය උපරිම වේග සීමාව පමණක් සටහන් කල මාර්ගයක්. ඒ වේග සීමාව දක්වා තමාට වාහනය පාලනය කරගත හැකි වේගයකින් තමාගේ ගමන යන්නයි මේ මාර්ග සාදා ඇත්තේ. කෙසේ වෙතත් මේ 'අධිවේගී' කියන නම අපේ මිනිසුන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. (නදී)
ඇමරිකාවේ හිටපු ගමන් වාහන 200 හැප්පෙන අවස්ථා තියනවා. එතකොට ඒකත් ප්‍රමිතිය බාල නිසාද ? අනික අපේ ලංකාවෙ අය පාට පක්ෂ වලට බෙදිලා ආන්ඩුව මොන සංවරධනය කලත් ඒක දකින්නෙ වැරදි විදිහට. ඒකට කියන්නෙ කුහක කම කියලා.(නදී)
යසවතී කියන ප්‍රමිතිය ගැන නම් මටත් සැකයි දැන් දැන්.(නදී)
ශාන් ගමගේ, ඕමානයේ පාරවල් හොඳ වුනාට එහෙ ඉන්න මිනිස්සු දන්නෙ නැහැ ඒ පාරවල් හරියට පාවිච්චි කරන්න. ඒ නිසා මාර්ග අනතුරු ඉතාම අධික රටක්.(නදී)
වැහැපු බවක් තමයි පේන්න තිබෙන්නේ. වහින දවසක කොට්ටාවේ ඉදන් පින්න දුවට ගියොත් අනතුරු 2ක් වත් අඩුම තරමේ බලාගන්න පුළුවන්. වෙනත් අදිවේගී මාර්ග වලට වඩා මෙහ අධිවේගී මාර්ගයේ මතුපිට තරමක් සුමට බව පියවි ඇසින් වගේම මෙම ඡායාරුප වලත් දැකිය හැකියි. එමෙන්ම මාර්ගයේ වතුර රැදී ඇති බවත් පළමු ඡායාරුපයෙන් පේනවා. කෙසේ වුවත් තමුන්ගේ ආරක්ෂාව සඳහා වේග සීමාවන් පිළිපැදීම හොදයි. (නදී)
සෑම විටම වේග සීමා දැන්වීම් අනුගමනය කලොත් අනතුරු 90% කින් වලක්වා ගන්න පුළුවන්. මොකද ඒවා දාල තිබෙන්නේ හේතුවක් ඇතුව.(නදී)
අදිවේගී මාර්ගවල යන්න රියදුරන්ට වෙනම පුහුණුවක් දිය යුතුයි. නොදැනුවත්කමයි හේතුව.(නදී)
කොළඹ නයිට් රේස් පැදලා ඒ වේගයෙන්ම ඇවිත වගේ.(නදී)
යසවතී කියන ප්‍රමිතිය මනින ඒකකය කුමක්ද ? (නදී)
මෙවැනි සිදුවීම් ඉතා සාමාන්‍ය දේවල්. (නදී)
මේ ප්‍රතිචාර දිහා බලාගෙන යනකොට යසවතී නෝනගේ ප්‍රතිචාරයෙත් යම් අදහසක් තියෙනවා.(නදී)
වාහන දහස් ගණන් යනකොට එකක් දෙකක් හැප්පෙන එක උඩු කරණම් ගහන එක සාමාන්‍ය දෙයක්. (නදී)
මොන ප්‍රමිතියද?පාර ,තාර,තෙතමනය,වාහනය,රියදුරු,(දිල්)
අනේ පව්! (නදී)
ඔහොම තමයි පාරේ යනකොට හැප්පෙනවා මැරෙනවා ඕවට පාරේ ප්‍රමිතිය ටයි, ආණ්ඩුවටයි බැනලා වැඩක් නැහැ.(නදී)
ලෝකයේ තිබෙන රැකියාවලින් ඉක්මණින් තීරණ අරගෙන එම මොහොතේම ක්‍රියාත්මක කළයුතු එකම රැකියාව තමයි මේ රියැදුරු කම. හැබැයි ඒ තීරණයක් වරදින්න ගතවෙන්නෙත් සුළු මොහොතයි. සියළු සංස්කාරයෝ අනිත්‍ය වන්නේය.(නදී)
හැමෝම කියෙන්නේ වේගයෙන් ගියා කියලනේ. මේක කාර් එකේ දෝෂයක් වෙන්න බැරිද? (නදී)
වාහනේ නම් මොනවා වුනාම මොකද? පොඩි වන්දියක් ගෙවලා දාමු. රක්ෂනෙන් සල්ලි ගමු.(නදී)
අදි වේගයේ යන වාහන වලට වෙනම රක්ෂනයක් කරන්න කියයිද දන්නේ නැහැ.(නදී)
මම ඒකනේ කාර් එකක් ගන්නේ නැත්තේ.. නැතුව බැරි කමකට හරි සල්ලි නැතුව එහෙම නෙවේ. . . . (අ). .
ඩුබායි සිට අබුඩාබි දක්වා මාර්ගයක් තියෙනවා ප්‍රමිතියෙන් උසස් පුළුවන් නම් ගිහින් බලන්න.(නදී)
එරංග කමක් නැද්ද ඔය කියන විදිහට බ්‍රේක් ගැහැවිවට දන්නැති හින්දය් අහන්නේ (අ)
මම මේ නොදන්නා කමට අහන්නේ. මේ වාහන පිට රට අවුරුදු ගානක් දුවපු ඒවා නේද. ඒ වගේම අදි වේගේ යන ඒවාට සාමාන්‍ය ටයර් නෙවෙයි නේද තිබිය යුත්තේ. අනිත් එක අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ නේද. වාහන වල සීට් බෙල්ට් එක දාන එක මදි පුංචි කමක් වගේ සමහර රියදුරන්ට.(නදී)
අලියාගේ ඇඟ අත ගාපු අන්ධයෝ ටික කියපු කතාව වගේ තමයි මෙතන අදහස් දාල තියෙන සමහරු ලියන්නේ. මේ ඊනියා සංවර්ධනයේ ප්‍රමිතියකින් තොර බොහෝ දේවල් නිර්මාණය කළා වගේම අපේ බහුශ්‍රරතයින් කියන දේවල් වලත් ප්‍රමිතියක් නැති බවයි පෙනෙන්නේ.(අ)
මේ උඩුකුරු යටිකුරු වන්නේ ඊනියා සංවර්ධනයද? නැත්නම් පවතින දේශපාලන ව්‍යුහයද? (අ)