හිටපු ජනපති උපදේශක බෙංගමුවේ නාලක හිමි, පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් කොට්ටාව බෝධිය අසල අද (29) පෙරවරුවේ උද්ඝෝෂණයක් ඇරඹූහ.
අත්අඩංගුවේ පසුවන හමුදා සාමාජිකයන් නිදහස් කරන ලෙස් ඔවුහු ඉල්ලති.
මහා සංඝරත්නය බෝධිය අසල පිරිත් දේශනා කිරීමෙන් පසු උදය ගම්මන්පිල හා ජයන්ත සමරවීර මහත්වරු කථා කළහ.
ඔවුන්ගේ විරෝධය මිනිත්තු 40කින් අවසන් විය.
![buddika_093237[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/buddika_0932371.jpg)
![buddika_093247[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/buddika_0932471.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාව තුල හමුදා සාමාජිකයෙක් වරදක් කරලා තියනවානම් සම්ප්‍රදාය අනුව හමුදා අධිකරණයක් තුල නඩුව ඇසිය යුතුයි.ඉන් බාහිරව නඩුව අහනවා කියන්නේ එහි සැක කටයුතු දෙයක් තියෙනවා කියන එකයි. (කෞ)
රණවිරුවන් හෙළාදකින්නේ මොනවගේ අයද කියලා අපි දන්නවා (නි)
ඔබේ බිරිඳ, ස්වාමිපුරුෂයා හෝ සොහොයුරා පැහැරගෙන ගොස් මරා දැමුවහොත් එය කළේ රණවිරුවෙක් නම් කමක් නැහැ කියා ඔබ නිකම් ඉන්නවද? (නි)
රණවිරුවන් වෙනුවෙන් කරන සටනට ජයවේවා! (බ)
මේක මහජන මතයක් නොවේ, සී ගාල 50 ක් විතර ඉන්නේ, කවුරුහරි රටේ නීතිය කැඩුවානම් කාගේ අණකට හෝ එයට එයාලා උත්තර දෙන්න ඕනෑ (ම)
රණවිරුවන් වෙනුවෙන් කරන සටන් වලට අපෙත් පුර්ණ සහයෝගය සරත් ෆොන්සේකා හිරේ යවනකොට මේගොල්ල කොහෙද හිටියේ දන්නේ නැහැ පිලක් නැති එක්කනාගේ පව්ලේ උදවිය විතරද මන්දා සහභාගි වෙලා තියෙන්නේ (බ)
භික්ෂුන් වහන්සේලා සහ රණවිරුවන් තමයි මේ ලක් දෙරණ රැකගන්න කවදත් පෙරමුණ ගත්තේ. දැන් මේ රට බේරා ගැනීමට රටට ආදරය කරන සැමදෙන එක්විය යුතු කාලය බව සිතන්න. මෙම සත්‍යක් ක්‍රියාවට අපගේ උත්තමාචාරය. (ම)
රණවිරුවන් කළ කැපවීම දැන් කාටත් මතක නැත. ඔවුන් මුදා ගත යුතුයි. උද්ඝෝෂණයට අපේ සුබ පැතුම් ! (බ)
හමුදාවේ ඕන කෙනෙක්ට රණ විරුවා කියල නමක් ගෙන උන් කරන ඕන ජරා වැඩක් හොඳයි කියන රටක් මේක. හමුදාවේ ඔය කියන රණ විරුවෙක් ඔබේ පවුලේ සාමාජිකයෙක් මැරුවොත් ඔහු රණවිරුවෙක් නිසා නිකන් ඉන්නවද. මේක තමයි ගිය අවුරුදු 10 ට ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුවට දාල තියෙන්නේ. රට පාලනය කරන්නේ රජෙක් සහ ඔක්කොම හමුදාවේ ඉන්නේ රණ විරුවෝ. ඒ මදිවට අපි වගේ රට ඉන්න ය රට විරුවෝ. අපි නම් කරපු කිසි වීර ක්‍රියාවක් නැහැ. (බ)
කිසිම වැඩකට නැති වැඩක්..ඒවා බලාගන්න තමා යුද්ධාධිකරණ තියෙන්නේ. ලකුණු ගන්න කරන බොරු වැඩ. වැරද්දක් කරලා නැති නම් නිදහස් වේවි. ඔහොම කළොත් කිසිම දවසක නීතියක් කරන්න ලැබෙන්නේ නැහැ. (බ)
කුමාර් (ගල්ෆ්):අර සිවුපාවගේ ලකුණේ අය ගහනකොටනම් දුවන්න තැන් නොතිබුන අය දැන් කියන ඒවා දැක්කම අනේ කියල හිතෙනවා (බ)
චමල්. ඔබගේ අදහස ලංකාවේ සමහරක්ට තේරුම් ගන්න බරපතල වැඩියි. (බ)
ඒ කියන්නේ හමුදාවේ රණවිරුවන්ට පුළුවන්ද ඕනෑම වැරදි වැඩක් කරන්න? (නි)
රණවිරුවෝ මතක් වෙන්නේ දේශපාලන හේතු මත විතරද? (නි)
එදා ජෙනරල් බෙලෙක් පිඟානේ බත් කද්දී මේ අය කොහෙද දන්නේ නැහැ හිටියේ? (නි)
චමල් හරියට හරි. පසුගිය රජයේ අය හදන්නේ මොනවාහරි කියලා රජයට බනින්න. (නි)
චමත් ,ඔය බේරන්න කියන්නේ ඔයාලගේ අපේ ජීවිත එයාලගේ ජීවිත පරදුවට තබල රට රැක ගත්තු අය. හොයල බලන්න ,මරණ දඬුවම නියමවුණු සෙබලාගේ රටට කරපු සේවය සහ දැනටමත් ඔහුගේ ඔලු කට්ට ඇතුලේ තියෙන බෝම්බ කැබලි ගැන විස්තර. (බ)
රණවිරුවෝ ඇපයට ගත් කාලය දැන්වත් නවත්වන්න. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බලකායේ සිටි පළියට ඔක්කොම රණවිරුවෝ නොවන බව කවුරු කවුරුත් දැනගත්තොත් හොඳයි. (නි)
සරත්, ඔයාට චමල් කිව්ව එක තේරුම් ගන්න අමාරුයි නේද? ඒ හැටි. මොනවා කරන්නද? ඔයාලා වගේ ලංකාවේ මිනිස්සු ගැන තමා කියලා තියෙන්නේ. (නි)
හමුදාවේ ඕනෑ කෙනෙක් කරන ඕනෑ වැඩක් හොඳයි කියන රටක්ද මේක? හමුදාවේ ඔය කියන රණවිරුවෙක් ඔබේ පවුලේ සාමාජිකයෙක් මැරුවොත් ඔහු රණවිරුවෙක් නිසා නිකන් ඉන්නවද? ඒ මදිවාට අපි වගේ රට ඉන්න අය රටවිරුවෝ. හැබැයි අපි නම් කරපු කිසි වීර ක්‍රියාවක් නැහැ. (නි)
එදා ජෙනරල් බෙලෙක් පිඟානේ බත් කද්දී මේ අය කොහෙද දන්නේ නැහැ හිටියේ (බ)
රණවිරුවන් වෙනුවෙන් කරන සටන් වලට අපෙත් පුර්ණ සහයෝගය දෙනවා. නමුත් සරත් ෆොන්සේකා හිරේ යවනකොට මේගොල්ලෝ කොහෙද දන්නේ නැහැ හිටියේ? (නි)
මේක මහජන මතයක් නොවෙන වගයි පෙනෙන්නේ. සූ ගාලා 50 ක් විතර ඉන්නේ. කවුරුහරි රටේ නීතිය කැඩුවා නම් එය කාගේ අණක් වුවත් එයට ඔවුන් උත්තර දෙන්න ඕනෑ (නි)
ඔබේ සටනට අපිත් ඔබ සමඟ ඉන්නවා (නි)
රණවිරුවෝ නෙමෙයි කවුරු වුණත් රටේ නීතියට පිටින් වැඩකර තිබෙනවා නම් නීතිය ඔවුන් කෙරෙහි ක්‍රියාත්මක වියයුතුයි (නි)
රණ විරුවන් හෙලා දකින කොටියන්ට රැවටෙන්න එපා. මුන් ඩොලර් වලට තමුන්ගේ අම්මවත් විකුණන එවුන්. ලෝකේ කොහෙවත් යුද්ධයකට ගිය හමුදාවක් ඔය විදියට එක එකාට ඕන විදියට හිරේ යවන්නේ නැහැ. හමුදාව වැරදි කලා නම් ඒක හමුදා පොලිසිය බලා ගනීවි. (කෞ)
තිලක් ඩුබායි සමහරුන්ට මතක නැහැ නමුත් අපිට මතකයි ජෙනරාල් කලේ කාපු පිගාන අනිත් පැත්ත හරවල පැහැරුව එකයි. එ්ක කළේ නැත්නම් අද ජෙනරාල් රජකේ පෙනුණා නේද ජනතාව ප්‍රතික්ෂේප කළ හැටි දෙපාරක්ම. (බ)
ලංකාවේ ඉන්න සමහර අය කල ගුණ නොදන්නා, තමන් ගැන විතරක් හිතන අමනයෝ. හරි නම් ඒ වීරයන් වෙනුවෙන් පෙළ ගැහෙන්න ඕනේ. එත් එහෙම වෙන්නේ නැත්තේ එදා තිබුණු බිය දැන් නැති නිසා. ඒ තත්වය ඇති කරලා දුන්නු රණ විරුවන්ට ගැන වගක් නැහැ. (ර)
චමල්, අපි රටවිරුවෝද කියන්න මම දන්නේ නැහැ , හැමරටකම සිටින ශ්‍රී ලාංකිකයෝ නිසා තමයි ,අති විශාල මුදල් කන්දරාවක් රජයට ගලා එන්නේ, මේ ගැන දන්නා අය තමයි ඔය දැම්මේ. (ර)
යුනිෆොර්ම් ඈදින හැම දෙනාම රන විරුවො නොවන බව් ඈත්ත , ඒත් මේ අත් අඩංගුවට අරන් ඉන්න මේ අය යුද්ධේ කාලෙ කොටි කටෙ දෑන් බක පන්ඩිත කොමෙන්ට් දාන අයගෙ ජිවිත රකින්න, තමන්ගෙ ජිවිතෙ කෑප කරපු අය. (ර)
සත්‍ය වශයෙන්ම මිනිහෙක් මැරුවානම් මේ අය වැරදිකාරයෝය. (ර)
එක්නැළිගොඩ ගේ පවුලේ අයට යුක්තිය ඉටුවෙන්න අවශ්‍ය නැද්ද (කෞ)
චමල්, තිලක් ඩුබායි හරියටම හරි (බ)
මේගොල්ලන්ව නඩු විසඳන්න දාමුද? චෝදනා බොරුනම් එයාලට උසාවියට ගිහිල්ලා ඔවුන් වෙනුවෙන් නොමිලේ පෙනීසිටින්න කියමු (නි)