ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධීපති ජනක රණවක හා ජී ඒ ජෝකිම් යන දෙදෙනා කෝට්ටේ නගර සභාවේ රුපියල් කෝටි හතරක ඉඩමක් හා රුපියල් හය ලක්ෂයක බඩු බාහිරාදිය වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මුලික විරෝධතා ගොනු කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ලබන 13 වැනිදා තෙක් කල් දුන්නේය.
නාවල කොස්වත්තේ පර්චස් 38.5ක රජයේ ඉඩමක් වංචනික ලෙස ලියාගෙන ඇතැයිද ඉඩමේ වටිනාකම රුපියල් කෝටි හතරක් යැයි ද කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ප්‍රසන්න රවීන්ද්‍ර ලාල් සිය පෙත්සමින් අධිකරණයට කියා සිටියේය.
ජෝකින්ගේ ද ආධාර හා අනුබල ඇතිව නගර සභාවෙන් සොරකම් කළ බඩු භාණ්ඩ තම සන්තකයේ තබා ගත්තැයිද පෙත්සම්කරු නගරාධිපතිට එරෙහිව කරුණු ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබුද්දස්ස කාලේ... ලබුත් තිත්තයි (දී)
දැන් කෝට්ටේ ගන්නම දෙයක් නැහැ. කුඩු කාරයෝ, නුගත්තු, හොරු, මංකොල්ලකාරයෝ වැහි වැහිලා. අපේ ඉඩමක වැටක්වත් ගහන්න බැහැ පගාවක් නොදී. අගනගරයට ගිය කලක්.(නදී)
මේවගේ වැඩ කරන අයට මොකද තව දුරටත් "පුර පති" කියන්නේ? පුරය රකින අයෙකුට පමණයි ඒ ගෞරව නාමය ලැබිය යුත්තේ. (දී)