
(ඉන්දිකා රාමනායක)
රාජකාරි නිම කර නිවෙස බලා යමින් සිටි පොලිස් සැරයන්වරයකු අයහපත් කාලගුණය මැද දෙයියන්දර ඕවලාන බෝක්කුව අසල දී ඊයේ (14) සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් ඇති බව දෙයියන්දර පොලිසිය පවසයි.
වතුරේ ගසා ගෙන යමින් සිටි සැරයන්වරයා කොට්ටම්බා ගසක එල්ලී ඉවුරට පිහිනා විත් දිවි බේරා ගෙන ඇති බව පොලිසිය කියයි.
සැඩ පහරට අසුව මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ මාවරල පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි ( 68288) රණවීර සැරයන්වරයා බව බවද පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්...!