අවමගුල් කටයුතු ලාබෙට කර ගැනීම සඳහා අවමංගල්‍ය ශාලාවක් කොටගල නගරයේ විවෘත කිරීමට තලවකැලේ ලිඳුල සමූපාකාර සමිතිය ගත් උත්සාහය අද අසාර්ථක විය.
මිනී පෙට්ටි 25ක් රැගත් ලොරිය ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිරිපිටට ගෙන ආ විට එහි අවමංගල්‍ය ශාලාවක් පැවැත්වීමට විරුද්ධ බව කියමින් පිරිසක් හැට්න් නුවරඑළිය ප්‍රධාන මාර්ගය හරස් කර දෙපැයක පමණ උද්ඝෝෂණයක් කළහ.
විරෝධතාකරුවන් මිනී පෙට්ටිවලට ගිනි තැබීමට සැරැසෙද්දී පොලීසිය පැමිණ එය වැළැක්වීය.
සමූපකාර සමිති සභාපති සුසිල් සේනාරත්න මහතා පැවසුවේ නුවරඑළිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් මීට විරුද්ධ වන බවයි.
නුවරඑළිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම් මලර් වාසගම් මහතා කියා සිටියේ සමිති සභාපති චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
මේ සිද්ධිය හැටන් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටගලදි මිනී පෙට්ටි ලොරියට ගිනි තියන්න හදයි
අනුර Wednesday, 29 May 2013 01:29 PM
මෙයට අවුරදු 30 කට ප්‍රථම මිනි පෙට්ටි කඩ ඕන උනා රණවිරුවනට ජනපති තුමන්ට පින් සිදු වෙන්න දැන් ඕව ඕනේ නැහැ (දී)
සරත් Wednesday, 29 May 2013 01:39 PM
මෙම සිදුවීම් පිටුපස තවත් මිනි පෙට්ටි සාප්පුවක අයිති කරුවෙක් ඇති (දී)
උදිත Wednesday, 29 May 2013 01:44 PM
ඕන එකටයි එපා එකටයි, හොදටයි නරකට්යි මිනිස්සු බොරුවට උඩ පනිනවා මෙහෙම ගියොත් ගෙදරකවත් පාඩුවේ වැඩක් කර ගන්න බැරි වේයි... (දී)
තිලක් - රිදිගම Wednesday, 29 May 2013 01:43 PM
සමූපාකාර අවමංගල්‍ය සේවාව සහනදායී මහජන සේවයකි. 35 000/= පැකේජ් එකක් 12 000 -15 000 කට ලබාගත හැක. ( සමහරු මෙයට විරෝධය දක්වයි.) (දී)
පහන් මඩුගල්ල Thursday, 30 May 2013 12:14 AM
එක අතකට ඉස්ලාම් ආගම හොදයි. මැරුණට පස්සේ මේ ප්‍රශ්ණ කිසි දෙයක් නැහැනේ.ඔක්කොටම එක සමානවයි සලකන්නේ (නි)
ඉෂාර Wednesday, 29 May 2013 01:50 PM
කතා දෙකක් නැහැ. දේශපාලඥයෙකුගේ නෑයෙක් මිනී පෙට්ටි බිස්නස් එක කරනවා ඇති ඔය පැත්තේ. (නි)
කුමාර Wednesday, 29 May 2013 01:55 PM
ඇත්තටම ඕක පිටිපස්සේ මිනී කාක්කෙක් ඇති. (නි)
මංගල Wednesday, 29 May 2013 01:54 PM
මෙහෙම නම් රට පාලනය කරන්ඩ බැරි වේවි. මුන්ට ගල් ගහලා එල්වන්න එපැයි. (නි)
චමිලා Wednesday, 29 May 2013 01:55 PM
හොද කළු කඩ කාරයෙක් හරි, පළාත් බබෙක්ගේ චක් ගෝලයෙක් හරි පිටිපස්සෙන් ඇති. (නි)
එරංග Wednesday, 29 May 2013 02:00 PM
කොහොමත් ගිනි තියෙන එකනේ
චතුල වෙරෝනා Wednesday, 29 May 2013 02:04 PM
මෑරෙන්න කැමති නෑති මෝඩ පිරිසක්.(ස)
මාලක Wednesday, 29 May 2013 02:10 PM
ඔය නගරේ ඉන්න අනික් මල්සාල කාරයෝ ඇති ඔය පිටිපස්සේ.(ස)
ප්‍රීති Thursday, 30 May 2013 02:59 AM
ඕන දෙයක් කරගන්න. දැන්නම් එපාවෙලා (නි)
අමිල කටුනායක Wednesday, 29 May 2013 07:22 PM
මල්ලි හරි මල්ලී (නි)
ආනන්ද Wednesday, 29 May 2013 08:23 PM
දැන් නම් පෙට්ටි විකුණන අය තරමටම මිනී විකුණන අයත් ඉන්නවා.(නදී)
කුමාර Wednesday, 29 May 2013 12:31 PM
ගිනි තැබීම සහ තබා ගැනීම රැල්ල වී ඇත. (ස)
ධනන්ජය Wednesday, 29 May 2013 12:35 PM
මැරෙන්නේ නැති කට්ටියක්ද දන්නේ නෑ! (ස)
රජිත් ඉතාලි Wednesday, 29 May 2013 12:49 PM
පිස්සු පුසෝ. (ස)
කසුන් Wednesday, 29 May 2013 01:11 PM
මේ මොන අපරාධයක්ද
ඉන්දික Wednesday, 29 May 2013 01:12 PM
ලාබෙට එපා නම් වැඩි ගානට දෙන්න.(ස)