අවමගුල් කටයුතු ලාබෙට කර ගැනීම සඳහා අවමංගල්‍ය ශාලාවක් කොටගල නගරයේ විවෘත කිරීමට තලවකැලේ ලිඳුල සමූපාකාර සමිතිය ගත් උත්සාහය අද අසාර්ථක විය.
මිනී පෙට්ටි 25ක් රැගත් ලොරිය ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිරිපිටට ගෙන ආ විට එහි අවමංගල්‍ය ශාලාවක් පැවැත්වීමට විරුද්ධ බව කියමින් පිරිසක් හැට්න් නුවරඑළිය ප්‍රධාන මාර්ගය හරස් කර දෙපැයක පමණ උද්ඝෝෂණයක් කළහ.
විරෝධතාකරුවන් මිනී පෙට්ටිවලට ගිනි තැබීමට සැරැසෙද්දී පොලීසිය පැමිණ එය වැළැක්වීය.
සමූපකාර සමිති සභාපති සුසිල් සේනාරත්න මහතා පැවසුවේ නුවරඑළිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් මීට විරුද්ධ වන බවයි.
නුවරඑළිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම් මලර් වාසගම් මහතා කියා සිටියේ සමිති සභාපති චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
මේ සිද්ධිය හැටන් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට අවුරදු 30 කට ප්‍රථම මිනි පෙට්ටි කඩ ඕන උනා රණවිරුවනට ජනපති තුමන්ට පින් සිදු වෙන්න දැන් ඕව ඕනේ නැහැ (දී)
මෙම සිදුවීම් පිටුපස තවත් මිනි පෙට්ටි සාප්පුවක අයිති කරුවෙක් ඇති (දී)
ඕන එකටයි එපා එකටයි, හොදටයි නරකට්යි මිනිස්සු බොරුවට උඩ පනිනවා මෙහෙම ගියොත් ගෙදරකවත් පාඩුවේ වැඩක් කර ගන්න බැරි වේයි... (දී)
සමූපාකාර අවමංගල්‍ය සේවාව සහනදායී මහජන සේවයකි. 35 000/= පැකේජ් එකක් 12 000 -15 000 කට ලබාගත හැක. ( සමහරු මෙයට විරෝධය දක්වයි.) (දී)
එක අතකට ඉස්ලාම් ආගම හොදයි. මැරුණට පස්සේ මේ ප්‍රශ්ණ කිසි දෙයක් නැහැනේ.ඔක්කොටම එක සමානවයි සලකන්නේ (නි)
කතා දෙකක් නැහැ. දේශපාලඥයෙකුගේ නෑයෙක් මිනී පෙට්ටි බිස්නස් එක කරනවා ඇති ඔය පැත්තේ. (නි)
ඇත්තටම ඕක පිටිපස්සේ මිනී කාක්කෙක් ඇති. (නි)
මෙහෙම නම් රට පාලනය කරන්ඩ බැරි වේවි. මුන්ට ගල් ගහලා එල්වන්න එපැයි. (නි)
හොද කළු කඩ කාරයෙක් හරි, පළාත් බබෙක්ගේ චක් ගෝලයෙක් හරි පිටිපස්සෙන් ඇති. (නි)
කොහොමත් ගිනි තියෙන එකනේ
මෑරෙන්න කැමති නෑති මෝඩ පිරිසක්.(ස)
ඔය නගරේ ඉන්න අනික් මල්සාල කාරයෝ ඇති ඔය පිටිපස්සේ.(ස)
ඕන දෙයක් කරගන්න. දැන්නම් එපාවෙලා (නි)
මල්ලි හරි මල්ලී (නි)
දැන් නම් පෙට්ටි විකුණන අය තරමටම මිනී විකුණන අයත් ඉන්නවා.(නදී)
ගිනි තැබීම සහ තබා ගැනීම රැල්ල වී ඇත. (ස)
මැරෙන්නේ නැති කට්ටියක්ද දන්නේ නෑ! (ස)
පිස්සු පුසෝ. (ස)
මේ මොන අපරාධයක්ද
ලාබෙට එපා නම් වැඩි ගානට දෙන්න.(ස)