කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා සභාපති හා ශ්‍රී ලංකා ප්‍රාදේශිය සභ සභාපතිවරුන්ගේ සම්මේලනයේ සභාපති ප්‍රසංග සෝලංගආරච්චි මහතා විපක්ෂයේ පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන බව කොටිකාවත්තේ මාධ්‍ය හමුවක් අමතමින් පවසයි.
සන්ධානයේ සාමාජිකයකු වන ඔහු කියනුයේ තමා කලකිරීමට පත්වන සිද්ධි කිහිපයක් පසුගිය කාලයේ සිදුවූ බවයි.
‘‘මට අසාධාරණයක් වුණා. ආයෙත් මම ප්‍රාදේශීය සභාවට තරඟ කරන්නෙත් නැහැ”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාට පුළුවන් කොලොන්නාව වැඩි ඡන්ද 10000 කින් ආණ්ඩුව පරාද කරලා පෙන්නන්න. අපි ඔබ සමගයි. අපිට ඕන වෙනසක්. (නදී)
ලංකාවේ නිතිය කවදාවත් බලාපොරොත්තු වෙන්න බැ වෙන්නෙත් නැ, ඔබ වැනි තරුණ නායකයන්ට සුබ අනාගතයක් (දී)
හිරුනිකා කවද්ද යන්නේ ? (නදී)
මෙතුමාගේ පවුලෙන් අයටත් කලකට පෙර හිරිහැර කෙරුනා නේද ? ඕවාත් ඉවසගෙන මෙච්චර කලක් හිටියා පුදුමයි. (නදී)
ඔබ තුමා ගත්තේ නිවැරදි තීරණයක්. (නදී)
බුද්ධිමත් තීරණයක්ද ගත්තේ කියලා තව මාසයකින් විතර බලාගන්න පුළුවන් වෙයිනේ (නි)
මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ (දී)
දේශපාලනය ගැන නම් විශ්වාසයක් තියා ගන්න බැහැ
යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබලාම විසිකරන්න කිවුවලු.තමන්ගේම පක්ෂයේ බලවත් දේශපාලකයන්ටත් මෙතරම් තර්ජන,හිරිහැර නම් නිලයක් බලයක් නැති සාමාන්‍ය ජනයාට මොන කතාද? (නි)
ඔබ ඔබගේ නිදහස් අයිතිය ක්‍රියාත්මක කළා (දී)
ඔබට ජය වේවා (දී)
ඔබතුමාගේ එඩිතර තීරණය ගැන මගේ අවංක සුභපැතුම්.! (ර)
මෙතුමා කව්ද? (ර)
මෙතුමා කුඩා කියල කෙනෙක් අහනවා. මන් මෙතෙක් කල් පිටරටක ජීවත් උනත් ලංකාවේ සිදුවෙන දේවල් ගැන ඉතා සංවේදීයි. කරුණාකර ලංකාවේ වෙන දේවල් ගැන අවබෝධයක් නැත්නම් අදහස් නොදා ඉන්න (නදී)
අනෙක් පැත්තට ගියේ ඇයි කියලා අපි දන්නවා (නි)
අසංග, මං ඉස්සෙලත් ඇහුවා ඔයා ඉන්නේ ලංකාවේ නේද.? (ර)
තරුණයොත් එක්ක පොළොවේ පය ගහල ඉන්න ගම මට්ටමේ නායකයෙක්. (ර)
ඔබ තුමාගේ ගන්න ලද මේ එඩිතර තීරණයට මගේ සුභාසින්සනය. (ර)
හිරුනිකාට කිව්වද යන බව එයාවත් ගන්න මෛත්‍රීට ජය ! (නදී)
මෙයාව තියාගන්න කොච්චරක් දෙන්න හැදුවා කියයිද දන්නේ නැහැ. කෝටි 500ක් වත් වටිනවා ඇති (නදී)
අසංගට මෙයා කවුද කියල තේරේවි ඉදිරි මැතිවරණයේ කොළොන්නාවේ ඡන්ද ප්‍රතිපල දැක්කම ! (නදී)
මේ රටේ සියලුම බුද්ධිමත් ජනතාව යහ පාලනය බලාපොරොත්තු වෙනවා. අපේ ඒ මානව අයිතිය ලබා ගැනීමට ඔබ දුන් සහයෝගයට මගේ ප්‍රණාමය! (නදී)
මූණේ කැත වහගන්න නහය කපාගන්න එපා මහත්මයෝ. (නදී)
අසංග , මොහොමඩ් ඛාන් ඔයාල දෙන්නත් කඩේ යනවා. ඔයාලත් හොරා කෑවානම් හෙට අනිද්දට දඩුවම් බලාපොරොත්තු වෙන්න (නදී)
මෙයා නිසා තමයි අර මනුස්සයා වෙඩි කෑවේ. මෙයා ගියාට කමක් නැහැ (නදී)
තාම අාවේ නැහැ. හෙටින් පස්සේ එන ගණන බලන්න. පොදු අපේක්ෂක තුමාට ජය වේවා. (නදී)
මහා දවල් දෙනෝදාහක් මැද නීති විරෝධී රංචු ගැසීමක සාමාජිකයෙකු වී නිරායුද පුද්ගලයන් 4 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර උසාවියකට හෝ පොලෝසියකට නොගිහින් බේරෙන්න පුළුවන් එකම රට ආසියාවේ අාස්චර්යයි. මෙතුමා මෙපමණ කලක් මිනීමරුවන් සමග වාසය කළේ ජිවිත ආරක්ෂාවට. හිරුනිකාටත් තීන්දුවක් ගන්න හොඳ අවස්ථාව. ඔබගේ පියාට සාදාරනය ඉෂ්ට කරන්න (නදී)
තමන්ගේ පෞද්ගලික අපේක්ෂාවන් මුදුන් පත් කරගන්න බැරි වුන ගමන් මේ අය කරන්නේ මේක තමයි. තමන්ට ඡන්දය දීපු සාමාන්‍ය ජනතාව අතරමං කරනවා. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව පිල් මාරු කරන තක්කඩි දේශපාලකයන්ව පරාජය කරන්න ඕනා (නදී)
ජයවේවා ! (නදී)
අනේ මගේ පුතේ ඔයාට බාප්පා ගැහුවද ? කන මිරිකුවද? රිද්දුවද පව් දෙයියනේ. එන්න මෙහෙට කන්න මේ චෝකොලට් එක. මෙතන නිදා ගන්න පුතේ (නදී)
අර්ෂා එයා යන්නේ නැහැ. (නදී)
සනත් ඔයා දන්නා වෙඩි කාපු හේතුවක් නැහැ හලෝ. අන්තර්ජායට ගිහිල්ලා හොයලා බලන්න වෙඩි කෑමට හේතු සාධක මොනවද කියලා. නොදන්නා කෙහෙල්මල් නොකියා ඉන්න කරුණාකරලා පින්සිද්ධවෙයි. (නදී)
ඔබතුම ගිය එක හොදයි ඔය යන්නේ සන්ධානයට අනවශ්‍ය අයයි ආයෙත්නම් පිල් මාරු කරන්න එපා (බ)
ඔබේ බුද්ධිමත් තීරණයට ස්තූතියි ! (බ)
ලංකාවේ ප්‍රාදේශීය සභා ඉතිහාසයේ වාර්තාගත මනාප ලබා ගත් පුද්ගලයා මොහුය.මෙවන් අය හැරයාම මා දකින්නේ දැන් පවතින රජයේ කිසියම් බරෑරුම් දෙදරා යාමවල් ඉදිරියටත් ඇතිවීමේ හැකියාව කිසිවෙකුටත් නතර කළ නොහැකිය යන්නය. (බ)
පිල් මාරුකර හෝ වෙනසක් ඇතිකළ යුතුයි (නි)
නියමනේ ! ඔබතුමාට ජයවේවා ! මෛත්‍රීට ජයවේවා ! (බ)
හෙට වෙනකොට තව කීදෙනෙක් එළියට බහිද දන්නෑ ඔබතුොට ජයවේවා (බ)
අපිට මතකයි මෙතුමාට සහ ඔහුගේ කාර්යාල වලට පහර දීම බලන්න යද්දී තමයි භාරත මහතා මැරුම්කෑවේ, ඒත් කෝ යුක්තිය? සමහරු හොරු සමග හෙළුවෙන්, අපි විශ්වාස කරනවා දැන්වත් ඔබ අලුත් ආණ්ඩුව යටතේ වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙනෙයි කියල. (බ)
මාර වැඩේ කියන්නේ බන්දුල වාසගම වෙනස් කරලා ඛාන් වෙච්ච එකනේ.අපි නම් අහුවෙයි ඕවට. ඛාන් විතරක් නෙමෙයි එයාගේ නම් මෙතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඛාන් ගැන විතරක් අදට මම කියන්නම්. (නි)
එලිවෙනකොටනේ හොඳ හොඳ සෙල්ලම් (දී)
කේන්ති ගන්න එපා ජයසූරිය මහත්තයා විරැද්ධ මත ඉවසන්න පුරැදු වෙන්න.මෛත්‍රී පාලනයක් ගැන නේ සිහින දකින්නේ. (අ)
ඔබ වැනි ගුණ ගරුක මහත්මයින්ට මේ දුෂිත රජය ගැලපෙන්නේ නෑ.මේ නිවැරදි තීරණයට මගේ ප්‍රණාමය. ඔබට මෛත්‍රී, මම ගයත්‍රී. (බ)
ලංකාවේ දේශපාලනයට මොනවා වෙන්න යනවාද කියලා මටනම් හිතා ගන්න බැහැ (දී)
හොද තීරණයක් පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා දිනවීම අපගේ වගකීමක්. (ර)
අර්ෂා, ඔයා හරි. දැනගත්තොත් මටත් කියන්න. (නදී)
මම නම් ඇහුවේ නිරායුද පුද්ගලයෝ කෙනෙක්ගේ ඔලුවට වෙඩි තිබ්බා කියල. මාරයි නේද රන්ජිත් මහත්තයෝ. මම මේ පොත් පෙරලා පෙරලා හොයනවා නිරායුධ කියන වචනේ තේරුම. මම මෙච්චර දවසක් හිතපු එක නම් වෙන්න බැහැ. (නදී)