කහවත්ත, කොටකෙතන නිවසක් අසළ ආයුධයක් රැගෙන සැඟවී සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි කියති.
මවක් හා දියණියක් පමණක් ජීවත්වන නිවසක් අසළ එසේ සැඟවී සිටි පුද්ගලයා නිවෙසේ ඇති ජනේලයෙන් දැක ඇති එම නිවෙසේ දියණිය (29) කෑගසද්දී ඔහු පළා ගොස් ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
කොට කලිසමක් පමණක් හැඳ උඩුකය නිරුවත්ව සිටි එම පුද්ගලයා නිවස අසලට පැමිණ ඇත්තේ කොටකෙතන ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් එම නිවසට පැමිණ පොත අත්සන් කිරීමෙන් පසුව බවට පොලිසිය සැක කරයි.
එම සිදුවීමත් සමග යළිත් කොටකෙතන වැසියන් භීතියට පත්ව ඇති අතර මීට පෙර එම ප්‍රදේශයේ කාන්තා ඝාතන 17 ක් සිදුවී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රනාන්දු, කොටදෙනියාවේ ඕ.අයි.සී ට නොදෙවෙනි කෙනෙක් තමයි එහෙ හිටියේ. (අ).
නියම විදියට පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන්ව වෙනත් ස්ථානවලට මාරුකිරීම හෝ පළිගැනීම් වලට ලක්කිරීම නිසා නිකන් හිටි මිනිස්සුත් කාන්තා හිංසනයට ආකර්ෂණීකව ඇදී ඇවිත් තිබෙන බව පෙනෙනවා. වැරදි කළ දේශපාලුවන් වගේම ඒ පව්කාර මිනිසුන්ට කඩේ ගිය අයත් දිගටම හිටියොත් දිනක මුළු ලංකාවම කොටකෙතනක් වීම වැළැක්වීමට බැහැ. (නි)
ඔය ගමේ පිරිමි නැති ගෙවල් වැඩිවගේ කියල හිතෙනවා (බ)
දරාගන්න බැරි ජීවන බර නිසා බහුතරයක් ඉන්නේ අසහනයෙන්. තමුන් හිතන පතන මුලික අවශ්‍යතා ඉටුකරගන්න දැඩි සටනක් දෙන්න වෙන විට ,කෑම වෙලා ගන්න, බත් පතට ලොකු සටනක් දෙන්න වෙනකොට දැඩි අසහනයකට පත් වෙනවා. මේ අසහනය බීමත්කමින් , රණ්ඩු කිරීමෙන් , පහර දීමෙන්, නොයෙක් අපරාද කිරීමෙන් පිට කර ගැනීමට උත්සහ කරනවා. ගරු ජනපතිතිමනි ඔබත් අප වගේ දුප්පත් ජනතාව අතරින් බිහි වුනු කෙනෙක්. ජීවන වියදම අඩු කිරීමට , බඩු මිල ඉක්මනින් අඩු කිරීමට ඔබට ශක්තිය දහිරිය ලැබේවා !!! (අ)
මගෙ හිතටත් බයක් ආවා (නි)
කේතුමතී රාජධානියක් පැතීම සිහිනයක්. මානව සංහතියේ ව්‍යාප්තිය එකිනෙකා මරාගැනීමේ යුද්ධමය ගමනක්. කොටකෙතන හරහා ගලායන්නේ ලේවල රසය සොයන එම පවිටු රකුසන්ගේ උපායශීලි ක්‍රමයක්. නියම පිරිමින්ටත් වසරේ දවස් 365 ම නිදිවර්ජිතව සිටිය නොහැකිය.තනි විකෘති මානසික රෝගයකින් පෙලෙන මිනිසකු හෝ කණ්ඩායමක් මේ පිටුපස සිටිය හැකිය. (බ)
පිරිමි නැති ගෙවල් නෙමෙයි නියම පිරිමි එකෙක්වත් නැතුව ඇති එකයි ඔය.(අ)
අශෝක සමග එකඟයි (බ)
අශෝක ඔබ හරි. (ත)
කොටදෙණියාවේ ඕඅයිසී මහත්තය යැව්වොත් නරකද කොටකෙතනට (බ)
කාන්තා ඝාතන 17 සිදු වෙලත් අපරාධ කරුවෙකු සොයා ගැනීමට නොහැකි වීම ගැන පොලිසිය ලජ්ජා විය යුතු නොවේද? (ත)
පුදුම ගමක් . අශෝක හරි. (අ) .
අශෝක, ඔබට තුති පුර්වකව මල් මිටක් පුදමි. (බ)
මේ ප්‍රශ්නයට විසඳුමක් ඇත්තෙම නැද්ද? (නි)
පොලිස් බල්ලා දාලා හොයන්න පුළුවන් නේද? (නි)
අනේ දෙවියනේ! (නි)
අසෝක සමඟ මාත් එකඟයි (නි)
පාලකයින් මේ ගැන මොනවද කරන්නේ? (නි)