කහවත්ත කොටකෙතන නයනා නිල්මිනී (52) හා ඇගේ දියණිය කාවින්ද්‍යා චතුරංගි (18) කපා කොටා ඝාතනයට එරෙහි නඩුව කොළඹ මහාධිකරණය ඉදිරියේ විශේෂ ජූරි සභාවක් ඉදිරියේ ලබන පෙබරවාරි හය වැනි දා විභාගයට ගන්නා ලෙස කුමුදුනී වික්‍රමසිංහ මහාධිකරණ විනිසුරුවරියට අද නියෝග කළාය.
ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු හා ඔහුගේ බිරිය රසිකා චාන්දනී උදයකුමාරි හෙවත්අසෝකා සැකකරුවෝ ය.
ඉංග්‍රීසි කතා කරන ජූරියක් ඉදිරියේ නඩුව විභාග කරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.
විනිසුරුවරියට පැවසුවේ විශේෂ ජූරියක් ඉදිරියේ නඩුව විභාග කරන බවයි.
සැකකරුවන් දෙදෙනාගේ දරුවන් දෙදෙනකු ද සාක්කියට කැඳවා ඇත. එම දරුවන්ගේ ඡායාරූප විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල පළ නොකරන ලෙස විනිසුරුවරිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු ව්‍යාපාර නිදහසේ කරන්න ඕන නිසා කරපු මිලේච්ඡ අපරාදයක්. ඇමති ලේකම් කෙනෙකුත් මුලදී ගැවිලා තිබුණා. නිතිය ක්‍රියාත්මක වෙන්නේ අපරාද කරුට පමණයි. අපරාද කරුවන් නිර්මාණය කරපු කුඩු ජාවාරමට සම්බන්ද ලොකු ඇත්තන් නිදහසේ සිටිනවා.(නදී)
මැණික් වලට ප්‍රසිද්ධ පුරයක මහා කළු හස්තයක් මේක පිටිපස්සෙන් තිබෙනවා නේද? (නදී)
මෙම ජුරියට සහභාගි වන්නේ කවුදැයි අපිට දැනගැනීමට හැකිද? (නි)
මරණ දඩුවම ලැබුනත් එක ඉංගිරිස් කතාකරන ජූරියකින් නිසා නම්බුව රැකෙවී.(නදී)
කෙනෙකු ඝාතනය කරලා කිසි කෙනෙකුට ඔහු සිතු පැතූ දෙයින් සැනසීම ලබන්න මිනිස් සිත නිර්මාණය කර දී නැහැ. කල අපරාදයට මැරි මැරි කඳුළු බොන්න තමා එය නිර්මාණය වෙලා තිබෙන්නේ. මෙම ඝාතනය රටේ සිදුවූ ඉතාම මිලේච්ච අපරාදයක්.(නදී)
ඉංග්‍රීසි කතා කරන එකක. මාරයිනේ.(නදී)
මේ මිනිමරුවන්ව අපහු සමාජයට නම් එවන්න එපා. මුන්ව මරණය දක්වාම හිරේ යවන්න. මේ වගේ මිනීමරුවෝ රටට එපා.(නදී)
මෙවැනි නඩු තියෙනවා ඕන තරම්. වහ කෑවොත් වමාරන්නත් වෙනවා.(නදී)
ඕකේ ඉතින් මහා මොළ කාරයන් එලියට යවල පොඩි එවුන්ව හිර කරලා වැඩක් තියේද?රටේ දෙවැනි පුරවැසියාගේ ලේකම්ලත් කුඩු වල පැටලෙන කොට කොහොමද ආස්චර්‍ය.(නදී)
" වහ කෑවොත් වමාරන්නත් වෙනවා." මොන වැමෑරීමක්ද වහ කෑවොත් එම්බාම් කරන්න වෙනවා. (නදී)
ඒ කියන්නේ විත්තිකරුවන් සියලු වරදවල් වලින් නිදොස් කර නිදහස් වේවි ද ? (නදී)
මෙයාල ළඟ හංගපු ආයුද නැද්ද දන්නේ නෑ නේද ? (නදී)