කහවත්ත කොටකෙතන ජී ප්‍රේමවතී හා ඇගේ දියණිය පුෂ්පා 2012 ජුලි 19 වැනිදා මරා දැමී යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින නාමල් චමින්ද සිල්වා ,සිසිර ප්‍රියන්ත හෙවත් නුෂාර හා මහාලොකුගම් හේවගේ මිතිලට ඇප දෙනවාද නැද්ද යන්න ප්‍රකාශ කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මෙනවිය විසින් මාර්තු 18 වැනිදාට කල් තැබිය.
ඔවුනට ඇපදීමට රජයේ නීතීඥ හිමාෂි ද සිල්වා මහත්මිය විරුද්ධ වුවාය.
සැකකරුගේ නීතීඥවරයා කියා සිටියේ ඔවුන් වසරකට වඩා රිමාන්ඩ් භාරයේ සිටි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතාගෙන හිටියේ මේ අයව විදුලි පුටුවේ වාඩි කරලා හුගක් කල් කියලා. පස්සේ තමයි මතක්වුනේ මේ ප්‍රශ්ණය වුනේ ලංකාවේ කියලා. 1.මිනිස් ගාතන. = ඇප ලබාදීම 2.ඉස්ත්‍රී දුෂණ. = නැවත නාම යෝජනා දීම. 3.මත්ද්‍රවය බෙදාහැරීම = .සබාවට පත්කර ගැනීම.(නදී)
මොවුන් වසරක් රිමාන්ඩ් එකේ දුක් වින්ද එක සහ අපායේ මුළු ජීවිතයම ගත කිරීමට සිදුවෙන එක ගැන සලකා මොවුන්ව නිදහස් කරලම දාන්න. එතකොට අර දේශපාලඥයන්ටත් වැඩ අඩුවෙනවා.(නදී)
අනුන්ගේ ජීවිත නසන පුද්ගලයෝ තමන්ගේ ජීවිත වලට පුදුම ආදරෙයි (දිල්)