කොටි සංවිධානයේ ලාංජනය සහිත හිස් වැසුමක් පාර්සලයක් තුළ දමා ලන්ඩන් නුවරට රැගෙන යාමට තැත් කිරිමේ චෝදනාව මත මාස නවයක් රිමාන්ඩ් බාරයේ සිටින ජෙසුදාසම් වෙදසැම්සන්,මහාදේවන් ප්රසාන්තන්සහ සුබ්‍රමනියම් නගුලේරාසා යන අය වෙනුවෙන් නීතිඥ අජිත් දන්තනාරායන මහතා අද (18) ලිඛිත ඇප අයැදුමක් ගොනු කළේය.
ත්‍රස්ත විමර්ශනයේ ස්ථාවරය ජනවාරි 25 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට අදහස් දමා ඇති හැමෝම කොටින්ට බනිනවා හැර නීතිය හරියට ක්‍රියාත්මක නොවීම දකින්නේ නැහැ. මේ ප්‍රශ්නේ මෙතැනදී පමණක් නොවේ බොහෝ අවස්ථාවල සිදුවෙනවා. ඔප්පු කරන්න කරුණු ඇත්නම් නඩු දැමිය යුතුයි. නැත්නම් නිදහස් කළයුතුයි. (නි)
හමුදා ඇදුමේ මෝස්තර පිටරටවල සාමාන්‍ය ජනයාත් පරිහරණය කරනවා. ලංකාවේ යුද්ධයක් තිබුණ හින්දා හමුදාවේ වැනි ඇඳුම් ඇඳීම සිවිල් ජනයට තහනම් කර තිබුනා. මේගොල්ලන්ට මුදල් අහේනියක්වත් ඇති. පිටරට ගිහිල්ලා විකුණගන්න වෙන්න ඇති අරගෙන යන්න හදන්නේ. ලංකාව දෙකඩ වෙන්නේ ආකල්ප වලින්. ප්රශ්නය තියෙන්නේ කොතනද? (නි)
සැමට ශාපයක් වූ කොටි සංවිධානයට උදව් කරන අයට සහය දක්වන අය ගැන වගේම, රටට ශාපයක් වී ඇති රාජ්‍ය දේපළ මංකොල්ලකන අයටත් සහය දක්වන කව්රු ගැනත් තිබෙන්නේ පුදුම කළකිරීමකි. (නි)
මම නම් හිතන්නේ ඇතුළෙම තියන එක තමා ශරීර සෞඛ්‍යයට හොඳ (නි)
සිසිර, ලංකාවේ ඉන්න දෙමළ ජනතාවගෙන් බහුතරය ත්රස්තවාදයට විරුද්ධයි. ඔබට සංහිඳියාව අමාරුනම් ප්‍රංශයට වෙලා ඉන්න. (නි)
සැමට ශාපයක් වූ කොටි සංවිධානයට උදව් කරන්නවුනට සහය වෙන සිංහල නීතිවේදීන් ගැන පුදුම කළකිරීමක් තියෙන්නේ (නි)
අනේ මන්දා අපේම අය ගැනත් අපිට දැන් ඇත්තේ කළකිරීමක් (නි)
ලංකාවේ ඉන්න දෙමළ ජනතාවගෙන් බහුතරය ත්රස්තවාදයට විරුද්ධයි. හැබෙයි ඊළමට කැමතියි. එමනිසා ඊළම ලබාගන්න ඕනෑම ක්‍රමයකට ඒගොල්ලෝ කැමතියි. ඔබට නොපෙනෙන පැත්ත ඕකයි. මුදල් පරිහරණයේදී දමිළයින් සිංහලයින්ට වඩා විශ්වාස කරන්න. නමුත් රට පිළිබඳව නම් විශ්වාස කරන්න එපා. (නි)
නීතින්යයට ජාතියක්/ජම්මයක් නැතිද? (ම)
අපේ දේශපාලකයන් සංහිඳියාව නම් වූ මනඃකල්පිත ලෝකයේ සිහින දකිමින් නිදන අතර කොටියා අවදියෙන් ගොදුර සොයයි. මෙය තේරුම් ගන්න බැරි තරමට දේශපාලකයන් බොළඳවීම රටේ කරුමයයි (නි)
විමල් ඇතුළු බොදු බල සේනාව මෙම නීතිවේදියා ඉදිරිපත්වීම ගැන නිහඬ ඇයි. (නි)
සිංහල සමහරක් නීතිවේදීන් යනු මුදලට රට ජාතිය විතරක් නොව ........................... ඉතුරු ටික ලිව්වොත් පළනොකරන නිසා නවතිමි (නි)
සිසිර, ඔයා හරියට හරි. (නි)
අජිත් දන්තනාරායන වගේ බඩ ගැත්තර සිංහල පාවා දෙන්නො කවදත් හිටිය;මෙයා සිංහල ජාතියටම පිලිලයක්. (අ)
සල්ලි ලැබෙනවා නම් තාත්ත මරපු එකා බේරන්නත් කතා කොරාවී. (අ)