
(ටී.කේ.ජී.කපිල)
තැපැල් පාර්සල් ලෙස සීදුව පෞද්ගලික කූරියර් ආයතනයක් වෙත එවා තිබූ රුපියල් කෝටි 07 ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් අද (25) සවස අත්අඩංගුවට ගනු ලැබීය.
ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම මෙය බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය කියයි.
නෙදර්ලන්තය සහ ඇමෙරිකාවේ සිට කොළඹ සහ පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් වෙත මෙම ගුවන් තැපැල් පාර්සල් 09 ක් මීට මාසයකට පමණ පෙර එවා තිබුණි.
ඒවා භාර ගැනීමට මෙතෙක් කිසිදු පුද්ගලයකු නොපැමිණීම නිසා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් එම පෞද්ගලික කූරියර් ආයතනයේ දී , එම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීම සිදු කෙරුණි.
එහිදී ඒවා තුළ " මැජික් මස් රූම් " ග්‍රෑම් 297 ක් ,මෙතැම්පටමයින් නොහොත් එක්ස්ටසී පෙති 2,000 ක් , චොක්ලට් ආකාරයට සකස් කළ මත්ද්‍රව්‍ය තොගයක් , ඇමෙරිකානු " කුෂ් " නැමැති ගංජා තොගයක් සහ එම ගංජා ඇට අඩංගු පාර්සල් කීපයක් ද වූ අතර මේවා සියල්ලේ මුළු බර කිලෝ ග්‍රෑම් 06 ක් පමණ විය.
මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත යොමු කිරීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අල්ලනවයි කියන මත් ද්‍රව්‍ය වලට මොකද වෙන්නේ කියලා කවුද දන්නේ ? මොනව උනත් සල්ලි නේ?
මත් රකුසාගෙන් ජනතාව බේරා ගත යුතුයි .රටක යහ පැවැත්මට නීරෝගී මනසක් සහිත පුරවැසියන් සිටිය යුතුයි
හොන්ද වැඩෙ...දැන් කරන්න තියෙන්නෙ ඔයටික විකුනල කොටි 07 දුප්පත් දරුවන්ට බෙදා දෙන එකයි...හැමදා මෙ අය කියන්නෙ කොටි ගනන් වලින් ...
මහින්ද හිටියා නම් ඔය කුඩු ගෙනාව නායකයා බදාගෙන නීතිය කරන්න දෙන්නේ නෑ
කරුන්කා වගේ ප්‍රති අපනයනය කරන්න බැරිද දන්නේ නැහැ .රටේ ණය ටික ගෙවා ගන්නවත් .පොලිසියෙන් පිටි කරලා රොටි හදන්නත් බැහැනේ
දැන් ඉතිං කොස්සන්ට රජ මගුල් …!