උදයන් පුවත්පත යාපනයේදී ජගත් මාධ්‍ය දිනය සැමරීය. කොටි හඬ ගුවන්විදුලියේ ප්‍රවෘත්ති සංස්කාරක පී.තවපාලන් වෙනුවෙන් ද එහිදී පහනක් පත්තු කැරිණි.
තවපාලන්ගේ බිරිය වසන්ති මාධ්‍යවේදින් සමග පැවසූයේ තම සැමියා හමුදා අත්අඩංගුවට ගත් පසු නුදුටු නමුත් ඔහු මිය ගිය බවට ස්ථිර තොරතුරක් නැති බවයි.
යුද්ධයේ අවසන් සටන පැවැති මුලතිව් හි මුල්ලිවයික්කාල්හි දී ‘නිත්‍රසභානම්‘කොටි රූපවාහිනියේ හා ගුවන්විදුලියේ අධ්‍යක්ෂ නවාම් සමග වන්නියට එද්දී තවපාලන් සියදිවි නසාගත් බවද කියති.
තම සැමියා මිය ගිය බවට ස්ථිර තොරතුරක් හා තමාගේ අවසරයක් නැතිව ඔහු මියගිය බවට පහන් පත්තු කිරීම ගැන මානව හිමිකම් කොමිසමට කරුණු දක්වන බව වසන්ති කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය, සහජීවනය, මේවා සේරම බොරු කොටියත් එක්ක නම්. (නි)
කමක් නැහැ. එන්නකෝ බලන්න ආයෙත් හඩ අරගෙන. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
සහජීවනය ගැන සමහරු කුමක් පැවසුවත් ජාතිවාදය නැවැත්විය නොහැක. එය නියතයකි. මේ රටේ ඉතිහාසය සිහිබුද්ධියෙන් කියවා බලන්න. (නි)
සාධාරණ ඉල්ලීමක්. එහෙම පුලුවන්ද පහන් පත්තු කරන්න නිල වශයෙන් නොමැරුණු මිනිසුන් වෙනුවෙන්. (නි)
අනේ අපි මේවට මොනවා කියන්නද? (නි)