ත්‍රස්තවාදී විමර්ශන අංශයේ පරීක්ෂණ සඳහා අවශ්‍ය බව කියන පොන්නයියා සෙල්වනායකම් කජීබන් හෙවත් ගෝබි හෙවත් කාසියන් (31) හා ඔහුගේ සගයා බව කියන නවනීදන් නවරත්නම් හෙවත් අප්පන් ගැන නිවැරදි තොරතුරක් දෙන කෙනකුට රුපියල් ලක්ෂ 10 බැගින් තෑගි පිරිනමන බව පොලිස් මධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
මේ දෙදෙනා අවශ්‍ය වී ඇත්තේ පසුගිය 13 වැනි දා කිලිනොච්චියේ ධර්මපුරම්හි පුලියම්පොක්කනෙයි ප්‍රදේශයේ මූසලපිට්ටියේ දී රත්න කුමාර නම් පොලිසි නිලධාරියට වෙඩි තබා පලා යෑම සම්බන්ධයෙනි.
ප්‍රභාකරන්ගෙන් පසු යාපනයේ කොටි සංවිධානය යළි පණ ගැන්වීමට තැත් කර බවයි ගෝබි බර වාහන රියැදුරකි.
කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගෙන් පසු යළි කොටි සංවිධානයට පණදීම බාර කර ඇතැයි කියන පොන්නයියා සෙල්වනායගම් කජීබන් හෙවත් ගෝබි (31) 2009 යුද්ධ අවසානයේදී රජයේ හමුදාවට බාරවී පූන්තෝට්ටම් කඳවුරෙන් පැන කටාර් රැකියාවකට ගොස් යුරෝපයේ ද සංචාරය කර දෙමළ කොටි ඩයස් පෝරාවේ නායකයා බව කියන පෙරම්පනායගම් සිවබරන් හෙත් නිදීයාවන් නොර්වේ රාජ්‍යයේදී හමුවී උපදෙස් ලබා ගෙන ශ්‍රී ලංකාවට පැමිණි අයෙකි. කොටි සංවිධානයේ ඔත්තු අංශයේ නායකයා වූ ෂම්මුලිංගම් ශිවශංකර් හෙවත් පෙට්ටුඅම්මාන් යටතේ පුහුණුව ලබූ කජීබන් පසුගිය මාර්ත් 13 වැනි දා මූසලම්පොක්කනෙයි ජයකුමාර් බාලේන්ද්‍රන් (50) වැන්දඹු කතගේ නිවසේ දී ඇඳ යට සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනීම මඟහැරුණේ නූලෙනි.
ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය නිරායුධව ගිය පොලිස් කොස්තාපල් ගේ බඩට හා පාදයට වෙඩි තබා ඔහු නිවසින් පැන ගිය බව පොලිසිය කියයි. උදරයට හා කකුලකට වෙඩි වැදුණු පොලිස් කොස්තාපල් රෝහල් ගත කැරිණි. ගෝබ් එම ගෙදර සිටින බවට ත්‍රස්ත විමර්ශන අංශයට තොරතුරු ලැබී තිබිණි. එහෙත් එවැන්නකු ගෙදර නැතැයි කී බාලේන්ද්‍රන් කිලිනොච්චිය වැඩ බලන මහේස්ත්‍රාත් එස්. සිවබාලසුබ්‍රමුනියම් මහතාගේ නියෝගක් මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 18ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුෂානි 2014-03-23 01:01:30, අනුරාදපුරෙන් එහාට නොගිහින්ද? (නදී)
මෙයාව වීරයා කරන්න එපා.(නදී)
සිංහල අපි දේශපාලන වසයෙන් බෙදී තව තවත් මරාගනිමු? (නදී)
රාලහාමි නිරායුදව ගියේ කොටිය අල්ලන්න නෙමෙයි. කොටිය සැගවී සිට වෙඩි තිබ්බට පොලිසියට දොස් ,කියන්න එපා. කොටිය ගෙයි ඉද්දි රාළහාමි ගෙට ගත්ත එකයි වැන්දබු කතගේ වරද.(නදී)
මෙයා හොඳයි කොත්තු ගහන්න.(නදී)
ආරක්ෂක අංශවල තියන මෙවැනි දුර්වලතා මාධ්‍ය මගින් හෙළි නොකරනවානම් හොදයි. මේ පුද්ගලයා විදේශ ගත උනේ නැවත රටතුලට පැමිණියේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. (නදී)
ඡන්දෙන් දිනන්නේ ආණ්ඩුව. කල්පනා කරලා බලන්න විපක්ෂය මොනවද කරලා තියෙන්නේ කියලා.(නදී)
කොටි නායෙකයෙක් අල්ලන්න නිරායුධව ගිය එකනේ වැඩේ. මේ වැටලීම මෙහයවපු නිලධාරියාට විනයානුකුලව දඬුවම් කිරීමකට ලක්විය යුතුයි.(නදී)
ටෙනිසන් ඔබේ කීම හරියට හරි. තවද මේ මහපාරේ යන වාහනයක් ඉර කපල ගොස් උසාවි ගෙනයන්නත් පොලිස් නිලධාරී දෙදෙනෙක් ඉන්න ඕනේ. ඒකේ ඔත්තුවක් ලැබී කොටියෙක් අල්ලන්න තනියෙම කෙනෙක් ඇරියහම යවපු නිලධාරියාටත්, ගිය කෙනාටත් දෙදෙනාටම වහාම දඬුවම් කල යුතුයි.(නදී)
සල්ලි ගොඩක් තියනවනම් ලේකම් පට්ටමක් සමග සියලුම සැප සම්පත් ෂුවර්.(නදී)
නන්දිකඩාල් යවමු.(නදී)
ප්‍රභාකරන් මැරුණ හැටි අමතක වෙලාද? (නදී)
නිකන් විහිළු නොකර සියලු පොලිස් නිලධාරීන්ට ආයුධ නිකුත් කරන්න. දියුණු රටවල පවා සියලු පොලිස් නිලධාරීන් රිවෝල්වර් ගෙනියනවා සාමාන්‍ය රාජකාරි වලට පවා. ලංකාව වගේ අපරාධ බහුල රටක පොලිස් නිලධාරීන් නිරායුධව යවන්නේ මන්ද ? (නදී)
මොන මල යකා ආවත් දැන් ලංකාවේ සෙල්ලම් කාටවත් බැහැ.(නදී)
ටෙනිසන් මාමේ ගැහැණු අපිටත් දෙකොනින් හිනා යනවා මේ නිලදාරීන්ගේ බාලාංසයේ වැඩ දැකලා.(නදී)
ඡන්දයක් එනකොට ඔහොම තමයි.(නදී)
අනේ පව් මෙයාගේ මුහුණ බැලුවම නම් පෙනෙන්නේ යුද්දෙන් බැට කාලා තමන්ගේ ජීවිතේ වත් ගැටගහගන්න බැරි කෙනෙක් වගේ.(නධී)
රටේ ප්‍රශ්න විසදීමට උපාය මාර්ග තිබිය යුතුයි. (නදී)
ව්රසේකර ජන්ද ගුංඩුවෙ තරම තේරෙයි බෝමිබයක් දෙකක් පුපුරලා තැන තැන මිනිස්සු මැරෙන කොට. හැමදේම දේශපාලනයට බර කරල හිතන්න එපා.(නදී)
උපන් දේශයත් , ජාතියත් විනාස කරන්නම උපන් එකෙක් වග මුහුනෙන්ම පෙනෙනවා.(නධී)
බන්දුල මහතා මම ලියන එක ඒ විදිහටම පළවෙන්නේ නැහැ ,ඔයා ලියන්න මම නොදන්නා එක ,ඔයාට ඇත්ත දැනගන්න පුලුවන් මාර්ග ගොඩක් තියනවා. නමුත් මට මෙයින් ලියන්න බැහැ.(නදී)
ඡන්දය ලග හින්දා තවම එල්.ටී.ටී.ඊ එක ඉවර නෑ කියල ප්‍රචාරයක් අරිනව වගේ.(නදී)
ලත් තැනම ලොප් නොකිරීමේ විපාක. දුටුතැන ත්‍රස්තයා අත්නාරිනු මෝඩයා.(නදී)
හීනෙන් තමයි (දී)
කවුරුත් බයවෙන්න එපා මේ කොටියා පුහුණු කරපු නිර්මාණයක්. (ත)
මේ ඔක්කොම ඡන්ද ගුංඩු.(නදී)
ඡන්ද ගුණ්ඩු හෝ මොන ගුන්ඩුවක් හෝ වේවා රටේ මිනිස්සු අවදානයෙන් ඉන්න ඕනේ. ප්‍රබාකරන් බෝම්බ ගහලා කරපු විනාසේට වඩා බයානකයි සමහරු හිනා වෙලා ඔලුව අත ගාලා කරන විනාසේ. බුද්ධිමත් ජනතාව අනෙක් අය බුද්ධිමත් කියලා තීරණය කරලා තෝරා ගන්න කලින් තමන් බුද්ධිමත් ද කියල තව පාරක් හිතන්න ඕනේ .කොටියට විනාස කරන්න සිංහල ජාතියක් ඉතුරු වෙන එකක් නැහැ මෙහෙම ගියොත්.(නදී)
විෂ ඝෝර සර්පයා දැක නෑර මෝඩයා.(නදී)
මේ මොනවද වෙන්න යන්නේ..? ආයෙත් කොටි ඔලුව උස්සයිද..? ඇයි කොටි නායකයෙක් කියල දැන ගෙනත් නිරායුදව ගියේ. බමුණු කියන්නේ ඇත්ත. ටෙනිසන් සහෝදරයා කියල තියෙන දේත් ඇත්ත. දුටු තැන වෙඩි තියන්න ඕනේ නැත්නම් ආයෙමත් අපේ සිංහල හමුදාවට දිවි පුදන්න වෙයි. එසේ නොවේවා කියා පතනවා මුළු හදින්ම.(නදී)
බැලවම අහිංසකයි ඒත් මුනියා හරිවසයි අහිංසක පෙනුමෙන් අයුතු ලෙස වැඩ අරන්.(නධී)
මට නම් මේක පුදුමවෙන්න දෙයක් නෙමේ. මෙහෙම වෙනවා කියල මාස ගානකට කලින් අපි දැනගෙන හිටියා. පිටරටවල් වල ඉන්න අය ඇත්ත තත්වය දන්නවා. විස්තරය ලියන්න බැහැ, ලිව්වත් පලවෙන්නේ නැහැ.(නදී)
හැබැයි නියම එකෙක්ට වැඩේ බාර දීල තියෙන්නේ.(නදී)
මොනවද ඔය අළුත් ත්‍රස්තවාදී සංවිදානය කරපු ත්‍රස්ත ක්‍රියා.(නදී)
ජිනිව වලින් වැඩක් නොවුණු හින්දා ඡන්දයට අලුත්ම ගුන්ඩුවක් ද?.(නදී)
තිමිර, මෙපමණ කල් ඔබ මැරිලා හිටියද?(නදී)
මේවා ඡන්දෙ කාලේ විප්‍රයෝග. අලුත් කොටි නායකයෝ මොකටද කරුණා අම්මාන්,කේපී ,පිල්ලෙයාන් වගේ මිලේච්ඡ කොටි නායකයෝ ඔක්කොම කිරි බොන්නේ.(නදී)
එකත් එකටම පි.සි ට පගාව දීලද? (නදී)
ආයෙත් එන්ඩ එන්නේ ඉස්සෙල්ලා කාපු කෑම මෙච්චර ඉක්මනට අමතක වෙලාද? මුන්ට දුවන්ඩ ලංකාවේ පාරවල් මදිවෙනවා. (නදී)
මේකට කලබල වෙන්න එපා. එයා අතුරුදහන් නේද?. එහෙම තමා වෙන්න ඕනා.(නදී)
රොෂාන් ප්‍රනාන්දුල කට ඇරගෙන බලන් ඉන්නේ මෙහෙ පත්තු වෙනකම් කොතනකින් හරි ,මොකකින් හරි. ප්‍රභාකරන්ට බල්ලෙක් වගේ මැරෙන්න වුනු එකේ මේ මොන පගර නැට්ටෙක්ද අපේ ආරක්ෂක අංශ වලට.(නදී)
වැඩි කල් බත් කන්න වෙන්නෙ නැහැ.(නදී)
සල්ලි සතයක් එපා .මේ කොටිය ඉන්න තැන දන්නවනම් මමම ඉවරයක් කරලා දානවා. කලින් අල්ල ගත්තු අයටයි ,බාර උන අයටයි සලකන විදිහ පේනවනේ.(නදී)
අනේ බන්දුල පෙරේරා කුලියට ලියන්නේ නැතුව ඉන්න. ඔය කොටියා කාගේ කොටියද කියල බන්දුල දන්නේ නැතුව ඇති අපි දන්නවා.(නදී)
ටෙනිසන්ගේ,නුවන්ගේ අදහස් හරි.(නදී)
කොහොමද ඔප්පු කරන්නේ ඔය පඟර නැට්ටා එල්.ටී.ටී අලුත් නායකයා කියලා.(නදී)
හරි ..හරි.. ඔහොම යමුකෝ.(අ)
ඇටි කෙහෙල් කාපු වදුරෙක් වගේ.(අ)
තවත් 'කන් කොටෙක්'. අපි රැවටෙයි ඕවට.(අ)
අවුරුදු 30 ක් යුද්ධය නිසා අපි දුක් වින්දා. ඒත් ඒ දුක මිනිස්සුන්ට දැන් තේරෙන්නේ නැහැ. මොකද නිදහසේ ඕන දෙයක් කරන්න පුලුවන් නිසා (දී)
හුරතල් කළොත් ඉවරයි අපි . (අ)
ඉතින් රොෂාන් මහත්තයෝ..නොදන්නා අයට දැනගන්න ඔය කියන්නකෝ ඔයා දන්නා දේ. මටත් පේනවා ඔය ගොඩක් දේවල් දන්නවා කියල එකක් හැර..(අ)
ලක්වැසියන් අවදියෙන්ද?(අ)
ගොබි හොද ළමයින් බය කරන්ඩ (අ)
මෙයා එල්.ටී.ටී එකේ හංගපු රත්තරන් ගැන දන්නා කෙනෙක්.(නදී)
ශ්රී ලංකා මාතාවට වින කරන අයටට හෙණ පාත් වෙනවා.(නදී)
අවුරුදු 30 ක් යුද්ධය නිසා අපි දුක් වින්දා. ඒත් ඒ දුක මිනිස්සුන්ට දැන් තේරෙන්නේ නැහැ. මොකද නිදහසේ ඕන දෙයක් කරන්න පුලුවන් නිසා. (නදී)
අලුත් නායකයෙක් හැදෙන්න එහෙම සංගමයක් තියෙන්න එපෑයි (දී)
විෂ ගෝර සර්පයෙක දුටු විට නොමරා යැවීමේ ප්‍රතිපල තමයි ඔය.දැන් තව අහිංසක ජීවිත කීයක් බිලි ගනිවිද දන්නේ නැහැ.(දී)
යලිත් අතීතය මතක් කරනවාටවත් මහජනයා අකමැති වේවි (දී)
ජෙනරල් ෆොන්සේකාගේ හමුදා නායකත්වයට සහ "මාස්ටර් සැලසුම්" වලට පින් සිද්ද වෙන්න නැවත කොටි ප්‍රස්නයක් කවදාවත් එන්නේ නැහැ.(දී)
නිය පොත්තෙන් කඩා දැමිය යුතු දේ පොරොවෙන් කඩන්න තියන්න එපා (දී)
කිසිම විදිහකට මොව්න්ට යලි හිස ඔසවන්න දෙන්න එපා (දී)
මේ ගැන ඉක්මන් තීරණ ගත යුතුයි (දී)
ඔත්තුව ලැබුන වහාම ආයුධ සන්නද්දව හමුදාව සමග වටකර පරීක්ෂණ කළා නම් නේද හරි (දී)
යලිත් මොව්න්ට හිස ඔසවන්න නොදනු (දී)
නැවත කොටි ත්‍රස්තවාදයක් නැහැ අපේ මහින්ද මහත්තයා ඒ ඔක්කොම විනාශ කළා (දී)
ගෝබි දැකපු හීනයක් (දී)
අයේ කවදාවත් මේ අයට ඔලුව උස්සන්න දෙන්නේ නැහැ අපේ ලංකාවේ .අපේ කොල්ලෝ. (දී)
කොටින්ගේ ලැජ්ජාව තවම ගිහිල්ලා නැහැ වගේ (දී)
දෙන්න ඇඳ යටදී මුණ ගැහිලා තියෙන්නේ.(නදී)
මහා කාලකන්නි මූණක්. ඉක්මනින් අතුගා දමන්න ලැබේවා.(නදී)
ලංකාවේ හැම පොලිස් නිලධාරියටම පිස්තෝලය බැගින් දුන්නොත් දිනකට මිනීමැරුම් 100 විතර වැඩි වේවි.(නදී)
නැවත කොටින්නට ඔලුව උස්සන්න දෙන්න එපා (දී)
මේ අයට තේරෙන්නේ නැහැ දැන් තිබෙන නිදහස , සාමය. (දී)
කොටි නායක අල්ලන්න පොලිස් කොස්තාපල් තනිවම නිරායුදව ගිහින්. අපේ ගංජා අල්ලන්න එන්නෙත් තුවක්කු අරන්. (අ)
එතකොට කේපී කියන්නේ කවුද? (අ)
නිදහස් කරලා යන්න ඇරපු සේරමලයි රට බෙදන්න උල්පන්දම් දෙන හිස් සිංහල කණ්ඩායමයි දැන් මෙයාව වටකර ගනී. අනේ රටකට මිනිස්සුන්න්ට ගිය කලක්? (අ)
ඊළඟ වටයත් පටන්ගත වගේ එහෙනම්, රාලහාමිගේ ජීවිතය බේරුනා ඇති ,(අ)
මේ නම් සයිවර් කඩේ තෝසේ දාන කෙනෙක් වගේ.(නදී)
යමු, යමු, ආයුධ පෙන්වන්න (අ)
සරත් පොන්සේකා මහතාව ඕනවෙයි වගේ.(නදී)
"නැවත කොටි ත්‍රස්තවාදයක් නැහැ ඒ ඔක්කොම විනාශ කළා" දවල්ද ? (නදී)
මුව කොහොම හරි ඉක්මනටම අල්ලගන්න ඕනා. නැත්නම් විනාශයි. (නදී)
ජන්දේ ලංවෙලා. ජන්දේ ලංවෙලා ,ජිනීවා ඇවිල්ලා. කොටිත් ඇවිල්ලා ,අනේ අනිච්චන් මේ සෙල්ලන් කරන්නේ යුද්දයක් එපා කියන අහිංසක මිනිස්සුන්ගේ ජන්ද ගන්න නේද? (නදී)
තොළඹට ඇවිත් තවත් කේ.පී කෙනෙක් වෙන්නකෝ. ඔයාටත් හොඳයි අපටත් හොඳයි.(නදී)
ආණ්ඩුව මුන්ව හොයල මරන්න ඕනා.(නදී)
ත්‍රස්ථවාදියෙක් අල්ලන්න පොලිස්කාරයෙක් නිරායුධව ගිහිල්ලා වෙඩිකනවා. මේකට කියන්නේ මෝඩකමද? නොදැනුවත්කමද? (නදී)
මම පුවත්පත කියවද්දී අවුරුදු අටක් උන මගේ මුණුබුර අහනවා ''සීයේ එයා කොටි අල්ලන්න ගියේ තුවක්කුවකුත් නැතිව තනියමද'' කියලා. දීපන්කො උත්තර. ඔත්තුව බාරගත් කෙනාගේ සිට කොස්තාපල් තැනව මෙහෙයුමට පිටත් කල කෙනා දක්වා වගකිව යුතු සියලු දෙනාවම ත්‍රස්තවාදයට අනුබලදීමේ චෝදනාමත අදිකරණයට ඉදිරිපත්කොට දඩුවම් දිය යුතුයි. එවිට අනෙක් ඉන්න අයවත් මෙවන් ගොන්කම් නොකිරීමට පාඩමක් ඉගනගනියි.(නධී)
මේ මොන පඟර නෙට්ටේක්ද. මේ නම් වැඩි කල් ඉන්න කෙනෙක් නෙමෙයි. තව ටික දවසකින් ඔලුව නැතිව හම්බ වෙයි මහා පාරේදී.(නදී)
මෙච්චර බිහිසුණු පුද්ගලයෙක්ව අල්ලන්න යද්දී ආයුධයක් අරගෙන නොයන එක මොන විදියේ නුවණක්කාර ක්‍රියාවක්ද මන්දා? (නි)
අහු උනොත් ඒ ගැන ජනාදිපතිටවත් දැන ගන්න නම් තියන්න එපා.(නදී)
ටෙනිසොන් කියන දෙයට මමත් එකගි. (අ)
කාඩ්බෝඩ් වීරයෝ නිර්මාණය කරන්න එප්පා (අ)
මුණ දැක්කම අපිට පේනවා නායකයෙක් කියල. (අ)
ලංකාවේ ඡන්දය තියෙන්නේ කවද්ද කියල මට කියන්න.(නදී)
තාම වෙඩි කාපු රාලහාමිව දක්කේ නැහැ නේද? (නදී0
අපේ රණවිරුවන් ජිවිත පරිත්‍යාග කරලා බේරා ගත්තු රට ආරක්ෂා කිරීම ශ්‍රීලාංකිකයෝ හැටියට අපේ වගකීමක් (දී)
මේ තැනැත්තාට නවාතැන් දුන්න කාන්තාව ගැනත් හොදින් විමර්ශනය කරන්න (දී)