IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොටි සිරකරුවන්ට ඇමැතිගෙන් දීපවාලි තෑග්ගක්

එල්.ටී.ටී.ඊ.සිරකරුවන් ලෙස දැනට බන්ධනාගාර ගත කොට සිටින පුද්ගලයන් නොවැම්බර් මස 10 වැනිදාට යෙදෙන දීපාවලි උළෙලට පෙර නිදහස් කිරීමට හැකි  ඉක්මනින් පියවර ගන්නා බවට නීතිය, සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන යාපනයේදී සිය විශ්වාසය පළකරමින් කියා සිටියේය.

නවීකරණය කරන ලද යාපනය පන්නෙයි කලපුව ආසන්නයේ ඉදිවුණු බන්ධනාගාරය විවෘත කරමින් ඇමැති එසේ කීවේය.

මේ අනුව යාපනය නගරයේ 1976 ඉදිකළ පැරණි බන්ධනාගාරයේ සිටි රැඳවියෝ රුපියල් මිලියන 275 ක මුදලකින්  නවීකරණය කළ නව බන්ධනාගාරයට මාරු කරනු ලැබූහ.

‘ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල දැනට සිරකරුවන් 18000 ක් පමණ සිටිනවා. නමුත් මේ සිරකරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් බන්ධනාගාර ගත නොවිය යුතු අයයි.ඔවුන් බන්ධනාගාර ගත වී ඇත්තේ සුළු වැරැදිවලට නැත්නම් ඔවුන්ට නීතිය සම්බන්ධයෙන් නිසි උපදෙස් නොලැබීම නිසා. දැනට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා‘ යනුවෙන් අමාත්‍යවරයා කීවේය.

ඔවුන් බන්ධනාගාර ගත වී ඇත්තේ සුළු වැරැදිවලට නැත්නම් ඔවුන්ට නීතිය සම්බන්ධයෙන් නිසි උපදෙස් නොලැබීම නිසා. දැනට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා‘

පොලීසිය සැකකරුවකුට එරෙහිව නඩු පැවරීමට ඉතා විශාල කාලයක් ගන්නා බවද, පවරණ ලද නඩුව විභාග කිරීමට වසර 10 ක් 15 ක් වැනි කාලයක් වැය කරන බවද කී අමාත්‍යවරයා එය එසේ වනවිට සැකකරුවන් පමණක් නොව විනිසුරුවරුන්ටද, නීතීඥයින්ටද නඩු එපාවන තත්ත්වයක් උද්ගත වන්නේ යැයිද ඇමැති කීවේය.

මේ තත්ත්වය විහිලුවක් බැවින් ඊට ගැලපෙන නව ක්‍රමයක් සකස් විය යුතු බවත් එමගින් තමාගේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර සිරකරුවන්ගේ පිරිසෙන් 25 % ක්  අඩුකිරීමට බවත් මාරපන අමාත්‍යවරයා කියා සිටියේය.

‘යුද්ධය අවසන් වී ඇති අවස්ථාවක බන්ධනාගාරගතව එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නඩු නොමැතිව සැක සහිතව ඉන්නවනම් අපි ඒ අය නිදහස් කරන්න ඕනෑ. මේ අයගෙන් විශාල තර්ජනයක් තියනව කියනවනම් අපට පුළුවන් මේ අයට කොන්දේසි පනවලා නිදහස් කරන්න.

ඒ වගේම අවුරුදු ගාණක් නඩු දාල අහගන්න බැරුව හිරවී තිබේනම්  අපිට ඒ අයට ඇප ලබා දෙන්න පුළුවන්.  මේ ගැන ජනාධිපති, අගමැති හා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දීල තියෙන්නේ ඉක්මන් පියවරක් ගන්න කියලා‘ යැයිද ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

Tilak_201511101-(1) Tilak_201511101-(2)

Tilak_201511101-(3)



අදහස් (0)

කොටි සිරකරුවන්ට ඇමැතිගෙන් දීපවාලි තෑග්ගක්

සමී Monday, 02 November 2015 08:06 AM

අනේ හොදයි. (ර)

:       0       0

කුමාර Sunday, 01 November 2015 04:57 AM

සිරකරුවෝද මනුෂ්‍යයෝය (නි)

:       0       0

අසංග Sunday, 01 November 2015 05:32 AM

නියමෙට තියෙයි. ඔහොම යමු. (බ)

:       0       0

රතන Sunday, 01 November 2015 03:42 PM

දෙමළ සිරකරුවන්ට නිදහස දෙනවනම් අනිත් අහිංසක සුළුවැරදි කරපු සිංහල සිරකරුවන්ටත් නිදහස දෙන්න. හැබැයි මතක තියා ගන්න මේ දෙමළ සිරකරුවන්ට අත දිය යුතුයි නමුත් උපවාස කරලා මේ අය නිදහස ලබාගන්නේ නිකන් නෙමෙයි කුමක් හෝ හේතුවක් ඇතුවයි මේ දෙය කළේ. අපේ සිංහල මිනිසුන්ගේ මතකය අඩුයි. බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා (බ)

:       0       0

මොහාන් Sunday, 01 November 2015 05:37 AM

කුමාර ත්‍රස්තවාදීන් මනුෂයෝ නෙමෙයි. (බ)

:       0       0

දිනේෂ් Sunday, 01 November 2015 05:49 AM

කුමාරගේ කියමන ත්‍රස්තවාදියෝද මනුෂ්‍යයෝය නමුත් ඔවුන්ගෙන් මැරුම්කාපු අහිංසකයන් ගැන නම් හිතන්න අවශ්‍ය නැත කියල වෙනස් කරන්න. (බ)

:       0       0

දහම් Sunday, 01 November 2015 07:55 AM

අනේ මන්දා (හේ)

:       0       0

දිනේෂ් Sunday, 01 November 2015 09:10 AM

මිලියන 275 ගියද මේක හදන්න. (හේ)

:       0       0

රත්න Sunday, 01 November 2015 09:27 AM

සිර ගෙවල් එන්න එන්නම වැඩි වෙනවා.(හේ)

:       0       0

නාමල් නිව්යෝක් Sunday, 01 November 2015 09:52 AM

දිනේෂ් මේ අයට තවම නඩු පවරලවත් නෑ.. දෙමල රැදවියන් සියල්ලම දරුනු ත්‍රස්තවාදීන් කියන එක ඔබ හිතේ මවාගත් මනස්ගාතයක්... මෙසේ නඩු නැතිව මිනිස්සු බොහෝකලක් රදවා ගැනීම රටේ කීර්ති නාමයට අහිතකරයි.. අනෙක් අතට කෙනෙකුගේ නිදහසේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය කිරීම බොහොම පව් වැඩක්...(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site